සෝනි සමාගමේ 50ක හිමිකම ඇති එරික්සන් සමාගමේ කොටස් මිලට ගැනීම සඳහා තමන්ගේ අවධානය යොමුව ඇති බව පසුගිය ඔක්තෝබරයේ සෝනි සමාගම පවසා සිටියා. සෝනි එරික්සන් නාමය සෝනි ලෙස වෙනස් කිරීම සඳහා මෙම ජපාන සමාගම එරික්සන් සමාගම වෙත ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක මුදලක් ගෙවීමට නියමිතයි. දැනට වාර්තා වන ආකාරයට නම් මෙම වෙනස්කම නුදුරේදී ම සිදුවනු ඇත. ටයිම්ස් ඔෆ් ඉන්දියා සඟරාවට අදහස් දක්වමින් සෝනි සමාගමේ විධායක නිලධාරීවරයෙක් පවසා සිටියේ මෙම වෙළඳ නාම වෙනස 2012 වසරේ මැද භාගයේදී සිදුවන ඇති බවයි.
පොප් ගායිකා විත්නි හියුස්ටන් මියයයි
ඇමරිකානු පොප් සංගීතයේ සදාතනික හඬක් හිමි ගායිකාවක ලෙස සැළකෙන විත්නි හියුස්ටන් (Whitney Houston) ලොස් ඇන්ජලීස් නුවරදී මියගොස් තිබෙනවා. වයස අවුරුදු 48 ක් ව සිටියදී ඇය ඊයේ (11)මියගිය බවයි ගායිකාවගේ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ.
1980 සහ 1990 දශකවල පොප් සංගීත ක්‍ෂෙත‍්‍රයේ ඉහළින්ම වැජඹුණු ඇගේ ගී තැටි මිලියන 170 කට වැඩි සංඛ්‍යාවක් ලොව පුරා අලෙවි වී තිබෙනවා. බොබී බ‍්‍රවුන් නැමති ගායිකයෙකු සමග ඇගේ විවාහ දිවිය ගෙවුණේ ගැටළු සහිතවයි.
විත්නි හියුස්ටන් පසුව මත්පැන් සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ බව සඳහන්. වරෙක ඇය කියා සිටියේ ඇය තමාගේ හොඳම මිතුරා හෝ දරුණුතම සතුරා විය හැකි බවයි.
ඇපල් අංක 03 ට එයි
තාක්‍ෂණික දැවැන්තයෙකු වන ඇපල් සමාගම ලොව විශාලතම ජංගම දුරකතන නිෂ්පාදන සාමාගම් අතුරින් තෙවැනි ස්ථානයට පැමිණ ඇතැයි ෆෝබ්ස් වෙබ් අඩවිය වාර්තා කරයි. නවතම වෙළඳපොල වාර්තාවක් උපුටා ගනිමින් ෆෝබ්ස් වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කරන්නේ ඇපල් සමාගම විසින් ZTE හා LG යන සමාගම් අභිබවා යමින් මෙලෙස තෙවැනි ස්ථානයට පැමිණ ඇති බවයි.
ලොව විශාලතම ජංගම දුරකතන නිෂ්පාදන සාමාගම් අතුරින් ඉදිරියෙන්ම සිටින්නේ නොකියා සමාගම වන අතර, සැම්සුන් දෙවැනි ස්ථානයේ සිටියි.
පසුගිය ඔක්තෝබර් මාසයේ දී iPhone 4S එළිදැක්වීමත් සමග ඇපල් සමාගමේ විකුණුම් විශාල ලෙස ඉහළ ගොස් ඇති අතර, ස්මාර්ට්ෆෝන් වෙළඳපොලේ ප‍්‍රමුඛයා වී සිටි සැම්සුන් සමාගම අභිබවා යාමටද ඇපල් සමාගම සමත් වී ඇතැයි ෆෝබ්ස් වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කරයි.
ඉතාලි නැවේ ලාංකිකයා ජිවිත රැසක් බේරයි
පාවෙන මාලිගාවක් වැනි ඉතාලි නැව අතහරින්නැයි කපිතාන් නිවේදනය කළ පසු මගීන් දෙතුන් සියයකට සිය ජිවිත බේරා ගැනීමට උදව් කළ ශ්‍රී ලාංකිකයෙක් අන්තිමේදී හීතලේ ගැහි ගැහී හාස්කමකින් මෙන් පණ බේරා ගත්තේය.
ඔහු හැටන් හි ගාමිණීපුර අමිල ධනුෂ්ක කහඳගමගේ (32) මහතාය.
ඉතාලියේ ගිග්ලියෝ දුපත අසල දී පසුගිය 13 වැනි දා ගිලී ගිය අති සුඛොපභෝගී මඟී නැවේ සිටි එකම ශ්‍රී ලාංකිකයා ද ඔහුය. ඔහු නැවේ අවන්හලේ ස්ටුවඩ්වරයෙකි.
නැව අතහරින්නැයි කළ නිවේදනයෙන් පසු තුන්
