Please
login
or
register
.
1 Hour
1 Day
1 Week
1 Month
Forever
Login with username, password and session length
News:
www. S i t h A r a n a .com
Home
Help
Login
Register
SithArana.com Community Forum
»
PUBLIC PREVIEW
»
ෆෝරම සංවාද - Site Feedback
(Moderators:
Admin
,
Sithuvili
) »
ශානිකා කල්හාරි වටෝවිට සහ ඇගේ පන්හිඳ
« previous
next »
Print
Pages: [
1
]
Go Down
Author
Topic: ශානිකා කල්හාරි වටෝවිට සහ ඇගේ පන්හිඳ (Read 760 times)
0 Members and 1 Guest are viewing this topic.
malki
Wonderful Thinker
Posts: 4
ලකුණු: +0/-0
Gender:
ශානිකා කල්හාරි වටෝවිට සහ ඇගේ පන්හිඳ
«
Reply #1 on:
March 07, 2010, 11:36:52 PM »
මේලියන්නේ තවත් කිවිඳියක් ගැන නම් නොවෙයි. මේ ලියැවෙන්නේ මහමෙරක් මෙන්නොසැළුන අකම්පිත ආත්මයක පරිකල්පනීය දිග පළල පිලිබඳ මිනින්දොරුවකුගේසටහනකි.
1992 දී පමණ ඈත දුරාතීතෙක මට ඇයගේ කවි කියවා මතක ඇත්තේ රාවය පුවත් පතිනි. එකල මට හැගුනේ ඇය ද අප මෙනි.
[/t][/t]
එහෙත්වැඩි කලක් යන්නට මත්තෙන් එම රාවය පුවත් පතේම පළ වූ ඇගේ සංලාප සටහනකින් මාදැනගත්තේ ඇය අප මෙන් නොවන වගයි. ඇය මාංශ පේශි වර්ධනය නොවීමෙ රෝගයකින්පෙලෙන්නියක් බවත් එහි සැබෑ තතු රැගත් ඇගේ ඡායාරූපය පුවත් පතේ පළ වීමත් සමගමම කම්පනයට පත් වීමි.
කලකට පසු මට ඇගේ ප්‍රථම කාව්‍ය සංග්‍රහය හමු විණි. ඒ ගොඩගේ පොත් මැදුරෙ කල් ඉකුත්ව ගිය පොත්පත් ගොඩගැසුනු අඳුරු රාක්කයක තිබීය.
ඇගේ හඬ තවමත් මා සිත කම්පනය කරන බැවින් මෙ කුඩා සටහන ඇය වත්මන් ලෝකයටත් ඇය නොදන්නා අළුත් පරම්පරාවට හඳුන්වා දීමටත්ය.
ඇය ගැන වනිතා විත්ති පුවත් පතේ දමයන්ති අමරසේකර පවසන්නේ...
වයසින් මෙන්ම අත්දැකීමෙන් මුහුකුරා නොගිය ද තම සිරුර වාරු නැති වුව දඇය බුද්ධිය මෙහෙයවා කරන නිර්මාණයන්හි අගය මැනිය නොහැකි තරම් ය. කිසිවක් කරකියා ගත නොහැකි ව මැසිවිලි නගන සමහර මිනිසුන් අතර ආබාධිත ඇය ආශ්චර්යයකි.
ඇගේ කවි පොතේ පෙරවදනේ දක්වන ඇගේ අදහස් කීපයක්ද මෙහි සටහන් කරමි. කලියුගයේ වසන්තය ශානිකා කල්හාරි වටෝවිට ගේ ප්‍රථම කාව්‍ය සංග්‍රහයයි.
කවිත්වය තුලින් නිරූපනය විය යුත්තේ සෞන්දර්යාත්මක අගයන් යැයි බොහෝ දෙනාවිශ්වාස කරති. සුන්දර පරිසරය ප්‍රේමය ගැහැණිය වැනි වස්තූන් මුල් කරගෙනශෘංගාරාත්මක ශෛලියකින් කවි ලිවීමට බොහෝ කවීන් පුරුදු වූයේ එම මතවාදයේපිහිටා විය යුතුය. එහෙත් කිසියම් වස්තුවක් දෙස යථාර්ථවාදී ව බලා කවිත්වයතුළින් එහි ස්වභාවය සත්‍යය ලෙස නිරූපණය කළ හැකි නම් එය කවියෙකු සතු විශේෂකුසලතාවක් නොවන්නේ ද?
එවැනි කුසලතා තුළින් මතු වූ පැල් කවි පාරු කවි පතල් කවි ගොයම් කවි වැනිවැඩ කරන ජනතාවගේ නිර්මාණ සමාජයට කළ මෙහෙවර අප ඉතා අගය කළ යුතුය. එම කවිසංකල්පනා වර්තමාන සමාජ ක්‍රමය හමුවෙ කෞතුක වස්තූන් බවට පත් වූවත් ඒ මගපිහිටා සමාජ මෙහෙවර මතක් කර දීමට අනුගමනය කළ ජනතාවාදී ශෛලිය මගේනිර්මාණවලට පදනම වූ බව මෙහිලා සඳහන් කරනු කැමැත්තෙමි.
විශේෂයෙන්ම පසුගිය 17 වසරක පාලන අවධියේදී ජාතිවාදයට යුද්ධයට අසාධාරණයටභීෂණයට එරෙහිව උතුරේත් දකුණේත් ඇතැම් කවීන් ඉටු කළ මෙහෙයට මුළු ලාංකීයජනතාවම ප්‍රශංසා කළ යුතුය. සමාජ අසාධාරණකම්වලට ජනතාව ගොදුරු වන කාලපරිචඡේද වලදී කවීන් විසින් ලබා දෙන පණිවුඩය ප්‍රාග් විප්ලවීය රුසියානුසාහිත්‍යය පුරා පැතිරී ඇත. එම ආදර්ශය යටත් විජිත යුගයේ දී ආසියා අප්‍රිකාලතින් අමෙරිකා අතුළු සියළු රටවල් හරහා හමා ගොස් අද එය විවිධාකාරයෙන්සිදුවන සමාජ අසාධාරණකම් වලට එරෙහි ව පෙළගැසී සිටින්නේ ඒ රුසියානු ආභාසයටපින් සිදුවන්නටය.
මේ ඇගේ කවි පොතෙන් උපුටනයක්.
දහසකුත් දේ අතර සුවිශේෂ වූ
දෙයකි පන්හිඳ
මගේ අතැඟිලි අතර සිරවී
නොකඩවා ලියන වදන් වැල්
ඉරිතැළුන මිහිකතට
පිරුණු නදියක් වැන්න
සුන්දරත්වය මතින් ඇති කටුක යථාර්ථය
වෑහෙන්නේය තුඩගින්
හිරුගේ රැස් ලෙසට
අයුක්තිය අසාධාරණය අසත්‍යය දුටු තැන
පහර දුන්නේය පන්හිඳ
කඩු, කිනිසි, අවි වලින් නොව
සියුමැලි තුඩගින්ය
මතු දිනෙක මා අතින් ගිලිහිලා
ගව් ගණන් දුර පතිත වුව
මට දොස් නොතබනු
මන්ද?
මගේ අතැඟිලි ලිහිල් කරන්නේ මිනිසුන්ය
මා ලියන්නේද මිනිසුන්ටය
ඉතින් මිනිසුනේ
පන්හිඳ කග පතක් කළ හැක්කේ ද
මිනිසුන්ටමය
ශානිකා කල්හාරි වටෝවිට
කලියුගයේ වසන්තය 1996
[/t]
[ශානිකාගේ රුව උපුටාගත්තේ ඇගේ මූණු පොත් ප්‍රොෆයිලයෙනි.]
[/t]
Logged
බූන්දියේ අපි....මේ අකුරු සුදුසු බිම් වල පැල කරන්න.
SithArana.com Community Forum
«
on:
»
Print
Pages: [
1
]
Go Up
« previous
next »
SithArana.com Community Forum
»
PUBLIC PREVIEW
»
ෆෝරම සංවාද - Site Feedback
(Moderators:
Admin
,
Sithuvili
) »
ශානිකා කල්හාරි වටෝවිට සහ ඇගේ පන්හිඳ