මංකොල්ල කෑම් රැසකට සම්බන්ධ පුද්ගලයින් 6 දෙනෙකු පිළියන්දල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. පිළියන්දල පොලීසියේ ස්ථානාධිපති චන්දිමාල් වික්‍රමතිලක මහතාගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක කළ මෙහෙයුමක දී ඔවුන් අත්අඩංගුවට පත්විය. එමසැකකරුවන් පිළියන්දල නගරයේ නිවාස 30 කට ආසන්න ප්‍රමාණයක් කොල්ල කා එහිතිබු රුපියල් ලක්ෂ 50 කට ආසන්න භාණ්ඩ රැගෙන ගොස් ඇති බව පරීක්ෂණ වලදීහෙළි වී තිබේ.
ඔවුන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී මැණික් හා රන් ආභරණ තොගයක් සොයා ගැනිණි.සැකකරුවන් සතුව තිබූ අත්බෝම්බයක් හා ගල්කටස්වර්ගයේ ගිනි අවියක් ද පොලිස් භාරයට ගෙන තිබේ.
පොලිසිය සදහන් කළේ අත්අඩංගුවට ගත් පුද්ගලයින් රදවා තබා ගැනිමේ නියෝග මත වැඩිදුර ප්‍රශ්න කරන බවය.
මේ අතර මංකොල්ලකෑම් රැසකට සම්බන්ධ තවත් පුද්ගලයින් 6 දෙනෙකු වත්තල ප්‍රදේශයේ දි පොලිස් අත්අඩංගුවට පත්විය.
පොලිසිය සදහන් කළේ ඔවුන් වාහන සහ තවත් මංකොල්ලකෑම් රැසකට සම්බන්ධ බවය.
මීටඅමතරව අත්අඩංගුවට ගත් පුද්ගලයින් බත්තරමුල්ලේ සිදු වු රුපියල් ලක්ෂහැත්තෑ දෙකේ බැංකු මංකොල්ලයට සම්බන්ධ බව ද පොලිසිය සදහන් කළේය.
එම බැංකු මංකොල්ලය පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවේ නිළධාරින් වැඩිදුර පරික්ෂණ ආරම්භ කර තිබේ.