පාදුක්ක, බෝපේ ප්‍රදේශයේ දී පිහියකින් ඇන පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.මුදල් ආරවුලක් සම්බන්ධයෙන් වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් මෙම ඝාතනයසිදුවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩිමහතා සඳහන් කරයි.
ඝාතනයට ලක්ව ඇත්තේ බෝපේ ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදිපුද්ගලයෙකි..ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු පිළිබඳ තොරතුරු අනාවරණය කර ගෙන ඇති අතරඔවුන් මේ වන විට ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව පොලිසිය පවසයි.
පාදුක්ක පොලිසිය මේ පිළිබද වැඩිදුර පරීක්ෂණ පවත්වයි.