විශාඛා විදුහලේ වාර්ෂික පිහිනුම් තරඟාවලිය පෙබරවාරි මස 23 වන දින ප.ව 1.00ට විද්‍යාලයීය පිහිනුම් සංකීර්ණයේදී පවත්වන්නට කටයුතු යොදා තිබේ.
මොට්වානි,ඩෝස්,ජයතිලක,වීරසූරිය,පුලිමුඩ්,ඩයස්,යන නිවාස නියෝජනය කරමින්විශාඛා සිසුවියන් 200 දෙනෙකු පමණ මෙහිදී ඒකල ඉසව් සහ සහය තරඟ සඳහා වයස්කාණ්ඩ පහක් යටතේ තරඟ වැදීමට නියමිතව ඇත.
මීට අමතරව බාල වයස්කාර තරඟකාරියන් වෙනුවෙන් විනෝදාස්වාදය ගෙන දෙන විවිධ ක්‍රීඩා ඉසව්ද සංවිධානය කර ඇතැයි සඳහන් වේ.
ශ්‍රීලංකාවේ ප්‍රමුඛතම ජාතික බාලිකා පාසල වන,සිසුවියන් 4,500 න් සමන්විතවිශාඛාව 2009 වසරේ ජල ක්‍රීඩා සංගමය මගින් සංවිධානය කරන ලද සියලුමපිහිනුම් තරඟාවලි වලින් විශිෂ්ට දස්කම් දක්වා තිබේ.ආධුනික හා ජාතික පාසල් තරඟ වලදී ශූරතා කුසලාන දිනා ගැනීමට සමත් වූවිශාඛාවෝ 2009 වසර තුළ පවත්වන ලද අනෙකුත් සියලුම පිහිනුම් තරඟ වලදී ප්‍රථමස්ථාන 3 අතර රැඳී සිටීමට සමත් වූහ.