පෙබ.08- දරුවන්ගේ නිදහස් අධ්‍යාපනය කිසිදු අවස්ථාවක කප්පාදු නොකරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසිය. වැල්ලවාය මහින්ද රාජපක්ෂ ශ්‍රවණාගාරයේ අද පෙරවරුවේ පැවති පාසල් උපකරණ බෙදාදීමේ උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා ඒ බව පැවසීය.
ජනාධිපතිවරයා පැවසුවේ නිදහස් අධ්‍යාපනය, නිදහසේ ලැබිය හැකි රටක් සේම දරුවන්ගේ අධ්‍යාපනයට අවශ්‍ය අනෙකුත් සියලුම පහසුකම් රට තුළ ගොඩනගන බවය.
ඒ වෙනුවෙන් දරන වියදම් සියල්ල රටේ අනාගතය වෙනුවෙන් කෙරෙන දැවැන්ත ආයෝජනයක් බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
දරුවන්ගේ උත්සාහයට සහ අධිෂ්ඨානයට ඇති සියලු බාධක ඉවත් කිරිමේ වගකීම තමා සතු බව පැවසු ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ පොතක්, පතක්, පැන්සලක් නැති කමින් දරුවන් පාසල් නොයා සිටි යුගය දැන් අවසන් බවය.