කාන්තාවන් 16 දෙනෙකුට ලිංගික අතවර කිරීමක් සම්බන්ධයෙන් පිලිපීන ජාතිකයෙකුලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට මොරටුව මහේස්ත්‍රාත්අධිකරණය නියෝග කර තිබේ.
රත්මලාන, මාළිගාව පාර ප්‍රදේශයේ පිහිටි පුද්ගලික සමාගමක නිෂ්පාදනකළමනාකරුවෙකු වන මෙම පිලිපීන ජාතිකයා ගල්කිස්ස පොලිසිය විසින් අත්අඩංගුවටගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණි.මෙම පුද්ගලයා අදාළ සමාගමේ සේවය කරන කාන්තාවන් 16 දෙනෙකුට වරින් වර ලිංගිකඅතවර කර ඇති බව මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.පසුගිය 13 වැනිදා ගල්කිස්ස පොලිසියට වාර්තා වූ අපරාධයක් සම්බන්ධයෙන්පරීක්ෂණ පැවැත්වූ නිලධාරීන් පිරිසක් මෙය අනාවරණය කර ඇති බව සඳහන්ය.