පුනරුත්ථාපන කඳවුරුවල සිටින එල්.ටී.ටී.ඊ ළමා සොල්දාදුවන් සියලු දෙනා ලබනමැයි මස වන විට යළි සමාජගත කරන බව ජාතික ළමා රක්ෂණ අධිකාරිය පවසයි.
ඒ අනුව ඔවුන් පූර්ණ පුනරුත්ථාපන ක්‍රියාවලියෙන් පසු සමාජගත කරන බව ජාතික ළමා රක්ෂණ අධිකාරියේ සභාපති ජගත් වැල්ලවත්ත මහතා සඳහන් කරයි.මේ වන විට පුනරුත්ථාපන කඳවුරුවල සිටින ළමා සොල්දාදුවන් සංඛ්‍යාව 514 ක් බව ළමා රක්ෂණ අධිකාරිය ප්‍රකාශ කරයි.
පසුගිය වසරේ මැයි මාසය වන විට ආරක්ෂක හමුදා වෙත භාරවී ඇති මොවුන්වසරක පුනරුත්ථාපන ක්‍රියාදාමයකින් පසු යළි සමාජගත කළ යුතු බවට අධිකරණයනියෝග කර තිබුණි.මීට පෙර මෙවැනි දරුවන් 150 දෙනෙකු දෙමාපියන් වෙත භාරදීමටත් තවත් 273දෙනෙකු රත්මලාන අධ්‍යාපන කේන්ද්‍රයේ අධ්‍යාපනය සඳහා යෙදවීමටත් රජය පියවරගෙන ඇත.