11 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රි ලංකාව ලබාගත් රන් පදක්කම්සංඛ්‍යාව 16 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ ලබා ගත් රන් පදක්කම් තුනත් සමඟය.
මීටර 100 ධාවන තරගයෙන් ශෙහාන් අඹේපිටිය ද , දුර පැනීමේ ඉසව්වෙන්චාමලී දිල්රුක්ෂි ද , කාන්තා කිලෝග්‍රෑම් 57 ට අඩු බර පන්තියේ ටයිකොන්ඩෝතරගයෙන් ෆාතිමා කේෂියා ද රන් පදක්කම් දිනාගනු ලැබීය.ඒ අනුව තවමත් ශ්‍රී ලංකා කණ්ඩායම පදක්කම් සටහනේ සිව්වන ස්ථානයේ‍් රැඳීසිටියි.
තරගාවලියේ අවසන් දිනය අදය.