වසරේ මුල් මාසය තුළ ඩෙංගු රෝගය නැගෙනහිර පළාත තුළ ව්‍යාප්ත වීමේ වර්ධනයක්පෙන්නුම් කරන බව නැඟෙනහිර ප්‍රාදේශීය වසංගත රෝග මර්දන විශේෂඥ වෛද්‍යඑස්.මුර්තී මහතා පවසයි.
ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම හේතුවෙන් පසුගිය වසරේදී මඩකළපුව දිස්ත්‍රික්කයේපුද්ගලයින් 12 දෙනෙකු මියගිය අතර 650 දෙනෙකු රෝගයට ගොදුරු විය.
ජනවාරි මාසය තුළ ඩෙංගු රෝගය වැළඳීමෙන් නැඟෙනහිර පළාතේ පුද්ගලයින් 6 දෙනෙකු මියගිය බව විශේෂඥ වෛද්‍ය එස්.මුර්තී මහතා කියා සිටියි.
මේ තත්ත්වය තුළ ඩෙංගු මර්දනය කිරීම සඳහා පොලිසිය සහ අනෙකුත් රාජ්‍ය ආයතනවලසහය ලබා ගන්නා බව විශේෂඥ වෛද්‍ය මුර්ති මහතා වැඩිදුරටත් සඳහන් කළේය.