Author Topic: පාප් වහන්සේ ඝාතනයට තැත් කළ පුද්ගලයා නිදහස#  (Read 482 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline Sithuvili

  • ලංකික
  • Administrator
  • *****
  • Posts: 373
  • ලකුණු: +29/-8
  • Gender: Male
  • හදවතින්ම ලංකික
    • SA Solutions
ශුද්ධෝත්තම දෙවන ජුවාන් පාවුළු පාප් වහන්සේ 1981 වසරේ දී ඝාතනය කිරීමට තැත් කළ පුද්ගලයා තිස් වසරක සිර දඩුවමකින් පසු නිදහස ලැබීය.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ තුර්කි බන්ධනාගාරයක රදවා සිටි මෙහෙමත් අලී නැමති අදාළ පුද්ගලයා ඊයේ බන්ධනාගාරයෙන් පිටත්ව ගිය බවය.

කෙසේ වෙතත් ඔහුගේ මානසික තත්වය පරීක්ෂා කිරීම සදහා යළිත් වරක් ඔහු හමුදා රෝහලකට භාර දීමට නියමිත බව මෙහෙමත් අලීගේ නීතීඥයින් පවසයි.

කෙසේ වෙතත් මෙහෙමත් අලී සිරගතව සිටින අවස්ථාවේ එහි ගිය ශුද්ධෝත්තම දෙවනජුවාන් පාවුළු පාප් වහන්සේ මෙහෙ‍මත් අලී වෙත සමාව ලබා දුන්බව වාර්තා වනඅතර මෙහෙමත් අලී පාප් වහන්සේට අදාළ ප්‍රහාරය එල්ල කිරීමට හේතුව කුමක්දයන්න තවමත් අභිරහසක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
          http://www.Sitharana.com
                http://www.Latapatalanka.com
                http://www.Sri lankazone.com

SithArana.com Community Forum

« on: »