ක්‍රිකට් තරඟ පිටිය උඩු යටිකුරු කළ වමත් කසකරු වන සනත් ජයසූරිය පසුදෙසැම්බර් 26වනදා සිය ජාත්‍යන්තර එක්දින පිටියේ 21වැනි වසරට පා තැබීය.
ඒ අනුව ඔහු ජගත් එක්දින ක්‍රිකට් වරම් හිමිකරගෙන 2009 දෙසැම්බර් 26වන දිනයට වසර 20කි.
1989දෙසැම්බර් මස 26වනදා නවක ක්‍රීඩක සනත් ටෙරාන් ජයසූරිය ඕස්ට්‍රේලියාවේසුප්‍රකට මෙල්බන් ක්‍රීඩාංගණයේදී සිය මංගල එක්දින තරඟයට සහභාගී විය.
ඕස්ට්‍රේලියානුක්‍රීඩකයින් පමණක් නොව මේ තරඟය නැරඹූ කිසිවෙක් ඒ මොහොතේ සිතන් නැතුව ඇති,අංක 7 ස්ථානයට පන්දුවට පහර දෙන්නට පැමිණි මේ කොළුගැටයා අනාගතයේ යම් දිනකඑක් දින ක්‍රීඩා පිටිය උඩු යටිකුරු කරන බවට.
ඩන්ස්ටන් ජයසූරියමහතාගේ හා බ්‍රීඩා ජයසූරිය මහත්මියගේ දෙවැනි පුතු ලෙසින් 1969 ජුනි 30වනදාමාතර දී උපත ලැබූ සනත් ටෙරාන් ජයසූරිය ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් තබනුයේමාතර ශාන්ත සර්වේශස් විද්‍යාලයෙනි. පාසල් වියේ පටන් පිත්ත සහ පන්දුව තමජීවිතය කර ගත් සනත්ගේ හැකියාවන් දුටු සර්වේසස් විද්‍යාලයේ ක්‍රිකට්පුහුණුකරු ලයනල් විජේසිංහ මහතා ඔහුගේ එම හැකියාවන් ඔපමට්ටම් කරනු ලැබීය.
සනත් ජයසූරිය මාතර සාන්ත සර්වේශස් විදුහලෙන් බිහිවූ සුපිරි තරුවකි. ඔහුගේ එකම අයියා චන්දන ජයසූරියවේ.
1988දී ශ්‍රී ලංකාවේ හොඳම පිටපළාත් පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය දිනාගත්සනත් 1997 දී විස්ඩන් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයද දිනාගත්තේය.
සනත්ගැන හැමෝම කතා කරන්නට පටන් ගත්තේ 1995 - 1996 ඕස්ට්‍රේලියානු තරඟ සංචාරයත්සමගිනි. පන්දු යවන්නන්ට හොඳින් බැට දීමේ කලාව සනත් සහ කළුවිතරණ එක්ව එහිදීආරම්භ කළේය.
ශ්‍රී ලංකාව එතෙක් මෙතෙක් දිනා ගත් එකම ක්‍රිකට් ලෝකකුසලානය 1996 දී මෙරටට ගෙන එන්නටත් ඒ නව ක්‍රිකට් සම්ප්‍රදාය පාර කැපුවාය.එම තරඟාවලියේ වටිනාම ක්‍රීඩකයාට හිමි සම්මානය ඔහුට ලැබීමෙන් එය මනාව ඔප්පුවිය.
ඉන්අනතුරුව එළඹෙන්නේ සනත්ගේ ක්‍රිකට් දිවියේ ස්වර්ණමය යුගයවේ. ලොව පැවතිවාර්තා එකිනෙක බිඳ වැටෙද්දී ඒවා සනත්ගේ නම ඉදිරියේ ලියැවීම ආරම්භ විණ.
1999 දී ශ්‍රී ලංකා පිලේ නායකත්වයට පත්වූ සනත් ලොව වැඩිම එක්දින තරග ප්‍රමාණයකට සහභභාගිවූ ක්‍රීඩකයා ලෙස වාර්තාවක්ද බිහි කළේය.
එමෙන්මඑක්දින ක්‍රිකට් ලොවේ වැඩිම හයේ පහර එල්ල කරමින් වාර්තාවක් බිහි කිරීමටදහෙතෙම සමත්විය. එංගලන්තයේ සුප්‍රකට මෙරලිබෝන් (එම්.සී.සී) ක්‍රීඩා සමාජයේනායකයා බවට පත්වූ මුල්ම ශ්‍රී ලාංකිකයා ලෙසද සනත් ඉතිහාසයට එක්වූයේය.
සනත් යනු ශ්‍රී ලංකා ක්‍රිකට් ජයග්‍රහණයේ ප්‍රමුඛතම සාධකයවේ.
වසර20ක ක්‍රිකට් දිවිය පුරා සනත්ට ප්‍රශංසා මෙන්ම අවමන් ගැරහුම් ද හොඳින්ලැබුණි. ඒ හැම දේටම සනත් උත්තර දුන්නේ සිය ක්‍රිකට් පිත්තෙනි. සනත්ගේපිත්ත කතා කරන හැම විටම අන්සියල්ල නිරුත්තර විය.
දැනට ක්‍රිකට් පිටියේ සිටින වයසකම ක්‍රිකට් ක්‍රීඩකයා වන සනත් ජයසූරිය තරුණ ක්‍රීඩකයින්ට තවමත් අභියෝගයකි.
ක්‍රිකට්ක්‍රීඩාවට කලාතුරකින් පහළවන තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස ජාත්‍යන්තරක්‍රිකට් ප්‍රවීනයන්ගේ හා විචාරකයන්ගේ පැසසුමට ලක්වූ සනත් කිසිවෙකුට සමකලනොහැකි දක්ෂතා ඇති ක්‍රීඩාවේ ජීවය ලෙසද හැඳීන්විය හැකිය.
බිරිඳ සැන්ඩ්‍රා දියණියන් දෙදෙනාවන කේෂානි, යලින්දි හා පුතු රනුක සනත්ගේ පවුලේ සාමාජිකයෝ වෙති.
ක්‍රීඩා ලෝකයේ වසර 20ක් සපුරා මවුබිමට කීර්තියක් අත්කර දුන් සනත්ට ක්‍රීඩා ලෝලීන්ගේ ගෞරවය හා ආදරය තවදුරටත් නිසැකවම හිමිවනු ඇත.