Author Topic: මුල්යුගයේ  (Read 685 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline lakmini29

  • Wonderful Thinker
  • *
  • Posts: 7
  • ලකුණු: +1/-0
  • Gender: Female
Re: මුල්යුගයේ
« Reply #11 on: October 08, 2011, 03:11:36 PM »
"[/size]සිරිලක ලිබරල් අරගලයේ මහ මොළකරු"[/color]
[/size]mama hoyapu articl 1k [/color][/size]සිරිලක ලිබරල් අරගලයේ මහ මොළකරු .bohomath isthuti yaluwane[/color] :)
lakmini29, you have not added a signature yet. Please look in your profile for more details.

Offline Admin

  • Administrator
  • *****
  • Posts: 20
  • ලකුණු: +1/-0
Re: මුල්යුගයේ
« Reply #10 on: October 08, 2011, 03:08:06 PM »
Administrator Comment Godak watina adahas tikak
« Last Edit: October 08, 2011, 03:09:09 PM by Sithuvili »
Admin, you have not added a signature yet. Please look in your profile for more details.

Offline Sithuvili

  • ලංකික
  • Administrator
  • *****
  • Posts: 373
  • ලකුණු: +29/-8
  • Gender: Male
  • හදවතින්ම ලංකික
    • SA Solutions
ප්‍රභාවත් චරිතයක ප්‍රභාලේඛනය   
         
         පියා
         මුහන්දිරම් ඩී.පී.විජයවර්ධන
         මව
         හෙලේනා විජයවර්ධන
         
         
කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය          පිරිසක් සමඟ...පවුලේ සාමාජිකයන් සමඟ
         
         
බ්‍රිතාන්‍ය අධිනීතීඥයකු වූ අවස්ථාවඇලිස් ගර්ට්රූඩ් රූබි සමඟ විවාහ වූ දින
         
ඩී.ආර්.විජයවර්ධන මහතා හා මැතිනිය          මුණුබුරන් සමඟ...විජයවර්ධනයන්ගේ
         දේහය රැගත් අවමංගල්‍ය පෙරහැර...
          http://www.Sitharana.com
                http://www.Latapatalanka.com
                http://www.Sri lankazone.com

Offline Sithuvili

  • ලංකික
  • Administrator
  • *****
  • Posts: 373
  • ලකුණු: +29/-8
  • Gender: Male
  • හදවතින්ම ලංකික
    • SA Solutions
ලාංකේය ජනමාධ්‍යයෙහි ව්‍යාපාරික හා වෘත්තික පදනමලංකාවේ පළමු පුවත්පත ලෙස සැලකෙන්නේ “කලම්බු ජර්නල්” පුවත්පත යි. එය 1832 ජනවාරි මස පළමු වැනිදා නිකුත් විය. අවශ්‍ය පිරිවැය සොයා ගැනීම, මුද්‍රණය, අලෙවිය ආදී කරුණු අතින් එකල පුවත්පතක් ආරම්භ කිරීම මෙන් ම, පවත්වාගෙන යාම ද ප්‍රබල අභියෝගයක් විය. ඉන් වසර 180කට ආසන්න කාලයක් ගෙවී ගොස් අද අප පුවත්පත් කර්මාන්තය දෙස බලද්දී එය වඩාත් විධිමත් වූ ශක්තිමත්, වෘත්තික පදනමක් සහිත කර්මාන්තයක් ලෙස ලාංකික සමාජයේ පිළිගැනීමට ලක්ව තිබේ. මෙවැනි පරිවර්තනයක් පුවත්පත් කලාවට ලැබෙනුයේ අහම්බයක් හෝ ප්‍රාතිහාර්යක් නිසා නොවේ. ඒ පිටුපස පුද්ගල චරිත විශාල ප්‍රමාණයක් ඇත. අද දවසේ අප අත් විඳින පුවත්පත් කලාව මේ යෝධ පරිවර්තනයට ගෙන ආ චරිතයන් අතර ප්‍රබලම පුද්ගලයා ඩී. ආර්. විජයවර්ධන මහතා ය. එය කුමන මතවාදයක් දරන පුද්ගලයකු වුව පිළිගනු ඇත.

සාමකාමී ප්‍රවේශය

19 වැනි ශත වර්ෂයේ ලාංකීය ජාතික ව්‍යාපාරයට සමගාමීව පුවත්පත් කර්මාන්තය බිහිවී, වැඩි වර්ධනය වන්නේ ද ජාතික ව්‍යාපාර පසුබිමේ ය. එම නිසා ජාතික ව්‍යාපාර පසුබිමෙන් අත්මිදී අපගේ පුවත්පත් කර්මාන්තය ගැන කතා කිරීම කළ නොහැක්කකි.
1815 දී ඉංගී‍්‍රසින්ගේ පාලනයට මෙරට නතුවීමත් සමඟ ම තමනට අහිමිව ගිය නිදහස් රාජ්‍ය යළිත් දිනා ගැනීම සඳහා ලාංකිකයෝ ඉංගී‍්‍රසීනට එරෙහිව විවිධ ක්‍රමෝපායන් අනුගමනය කළහ. පළමු ප්‍රයත්නය වූයේ සන්නද්ධ අරගලයි. එහෙත්, 1818, 1848 දී මේ ක්‍රමෝපාය අසාර්ථක විය. ඉන් අනතුරුව ඇරැඹෙනුයේ නිදහස දිනා ගැනීමේ සාමකාමී වූ ප්‍රව්ශය යි. මෙකී සාමකාමී ප්‍රවේශය ඔස්සේ 19 වැනි ශතවර්ෂයේ අග බාගයේ සිට අපගේ නිදහස් සටන වර්ධනය වේ. සාමකාමී ප්‍රවේශයේ ප්‍රධාන මෙවලම් වූයේ සාකච්ඡා, පත්‍රිකා, දේශනා, පුවත් පත්, සඟරා ආදියයි. මෙලෙස සංවිධානය වූ නිදහස් සටනේ ප්‍රධාන අදියර දෙකක් අපට හඳුනා ගත හැකි ය.
පළමුව එය අර්ධ දේශපාලන ව්‍යාපාරයක් ලෙස වර්ධනය වේ. එහිදී ආගම, සංස්කෘතිය, සිරිත් විරිත් පදනම් කරගත් සටන් පාඨ ආශ්‍රයෙන් ගොඩ නැඟී ඇත. ඉංගී‍්‍රසීන් නොමඟ යැවීමට ද එය එක් අතකින් සමත් විය. බැලූ බැල්මට දේශපාලන ප්‍රවේශයක් නොපෙනීම එවැනි අවබෝධයක් ඇතිවීමට බලපෑවේ ය. එහෙත් ඇත්ත වශයෙන්ම ආසියාවේ, අපි‍්‍රකාවේ බොහෝ රටවල මෙන්ම ලංකාවේ ද නිදහස් සටනට අවශ්‍ය අර්ධ දේශපාලන පසුබිම සකසා ගනු ලබන්නේ මෙසේ ය.
අර්ධ දේශපාලන ව්‍යාපෘතිය අවසන් වනුයේ 20 වැනි ශත වර්ෂය එළැඹීමත් සමඟ ය. මේ වන විට දිවයිනේ සෑම ප්‍රදේ්ශයකින් ම ජාතික සවිඥානිකත්වයක් ගොඩ නැගෙමින් තිබිණි. එහෙත් තිබූ ආගමික, සංස්කෘතික නැඹුරුව වෙනුවට ඍජු දේශපාලන නිදහසක් පිළිබඳ කතා කිරීමට ලක් වැසියෝ පෙළඹුණහ. පුවත්පත්, ලිපි ලේඛන පරීක්ෂා කිරීමේ දී මේ බැව් මැනවින් පැහැදිලි වේ. ඒ සමඟ ම එතෙක් පුවත්පත් කතා කළ ආගමික, සංස්තෘතික පුනරුදය ඍජු දේශපාලනික මතවාදයක් දක්වා වර්ධනය විය. සිංහල ජාතිය (1903), සිංහල බෞද්ධයා (1906) දිනමිණ (1909) බිහිවන්නට විය. එහෙත්, ජාතික ව්‍යාපාරය ශක්තිමත් කිරීමට තරම්, සමත්වූ පුවත්පතක් මේ වනවිට පහළ වී තිබුණේ නැත. විටින් විට පුවත්පත් පළ වුවද ඒවා ටික කලකින් ම වැසී ගියේ ය. මේ පුවත්පත් කර්තෘ මූලික පුවත්පත් වීම නිසා පවත්වාගෙන යන්නට සිදු වූයේ ඒක පුද්ගල ව්‍යාපාර ලෙසට ය. ඇතැම් අවස්ථාවල දී යම් යම් සමිති, සමාගම්, මැදහත් වී පුවත්පත් ආරම්භ කළ ද එම සමිතීන් හි ප්‍රධානත්වය ගත් පුද්ගලයන්ගේ අසීරුතාවන් හිදී එම පුවත්පත් කඩා වැටිණි.
මෙකල පුවත්පත් කඩා වැටීමට තවත් හේතු කාරණා රාශියක් බලපාන්නට ඇත. පළමුව පුවත්පත ජනතාවට සමීප වී තිබුණේ නැත. වඩාත් ගැඹුරු අර්ථයෙන් කියනවා නම් කුඩා කණ්ඩායම් සන්නිවේදනය, අන්තර් පුද්ගල සන්නිවේදනය ආදි ක්‍රම මෙන් ජන සන්නිවේදනය ජනතාවට දැනෙන දෙයක් වී තිබුණේ නැත. එමෙන් ම බෙදාහැරීමේ ගැටලු ද වන්නට ඇත.
තව ද පාඨකයා ට මෙන් ම පුවත්පත් හිමිකරුට ආර්ථික ගැටලුව ද බල පෑවේ ය. “සිංහල ජාතිය” පුවත්පත මුහුණ දී තිබූ තත්ත්වය පුවත් පත්හි ආර්ථික අර්බූදයට හොඳම නිදර්ශනයකි. 1909 නොවැම්බර් මාසයේ එම පුවත්පතේ තොරතුරු අනුව මාස නවයකට එහි මුළු වියදම රු. 2500.00 වී තිබිණි. ජාති හිතෛෂී පුද්ගලයන් එය රු. 1000.00 පරිත්‍යාග කර තිබිණි. එහෙත් දෙන්නම් කාසිවලට පත්‍රය ණයට ගත් පිරිස 486 ක් වී තිබිණි. මෙවැනි තත්ත්වය පුවත්පත ඉතා අසීරු අඩියකට වැටිණි.
මෙලෙස ඇතිවන ආර්ථික කඩා වැටීම වලකා ගැනීම සඳහා කර්තෘවරයා ලිපි ලිවීම, සංස්කරණය ට අමතර ව කතා පැවැත්වීමටත්, දායකයන් බඳවා ගැනීමටත් ගමින් ගමට යන්නට පටන් ගත්තේ ය. අවසානයේ සිදු වූයේ ගමන් වියදම ද වැඩිවී පුවත් පත බංකොලොත් වී යාම ය. මෙලෙස පස් වතාවක්ම විටින් විට සිංහල ජාතිය පුවත්පත ආරම්භ කිරීමට කටයුතු කෙරුණ ද එය කඩා වැටිණි. මෙය එකල තිබූ බොහෝ පුවත්පත් හි ඉරණම විය.
මේ සමගාමීව සිදුවන තවත් වැදගත් සිදුවීමක් විය. එනම්, එෆ්. එම්.එම්.කෝබට් මහතාගේ මිත්‍රත්වය මත රටේ නිදහස හා පුවත්පත් ආරම්භය ගැන අදහසක් ඩී. ආර්.විජයවර්ධන මහතාට ලැබීමයි. පුවත්පත තුළින් රට තුළ ප්‍රබල මහජන මතයක් ඇති කිරීමේ හැකියාව මෙන්ම අවශ්‍යතාව ඉතා ප්‍රබල ලෙස විජයවර්ධන ගේ සිතට කාවැද්ද වීමට කෝබට් මහතා සමත් විය.

ජාතික පුවත්පතක්

ලංකාවේ නිදහස දිනා ගැනීමත් ඒ සඳහා පුවත්පත් වලින් අවශ්‍ය මතවාදී වෙනස ඇති කිරීම පිළිබඳත් විජයවර්ධන මහතා විමසිලිමත් විය. ඒ අනුව කෝබට් මහතා ප්‍රකාශ කළ පරිදි පුවත්පතක් ඇරැඹීමට ඔහු තරයේ අධිෂ්ඨාන කර ගෙන තිබිණි. එංගලන්තයේ සිටියදී ම ලංකාවේ පළවූ “The Independent” පුවත්පත මිලදී ගැනීමට විජයවර්ධන මහතා උත්සාහය දරන්නේ එහෙයිනි. එහෙත්, එය අසාර්ථක විය. 1912 දී ලංකාවට පැමිණීමෙන් අනතුරුව ඔහුගේ ව්‍යායාමය සාර්ථක විය. ඒ, දිනමිණ පුවත්පතට උදාවී තිබූ තත්ත්වය අනුව ය. කර්තෘවරයා බලවත් ලෙස රෝගාතුර වීමෙන් දිනමිණ මිලයට ගැනීමට විජයවර්ධනයන්ට හැකියාව ලැබිණි.
ජාතික නිදහස ලබාගැනීම සඳහා මහජන මතය හැඩ ගැස්වීමේ දී දේශපාලනමය අවබෝධයක් ලබාදීමට පහසු ආකාරයෙන් ‘දිනමිණ’ ගොඩ නගන්නේ කෙසේ ද යන්න ප්‍රායෝගික ගැටලුවට ඔහුට මුහුණ දෙන්නට සිදුවන්නේ මෙ තැනදී ය. එංගලන්තයේ දී ලබා තිබූ අත්දැකීම් ඔහුට ප්‍රබල ලෙස උදව්වට එන්නේ මේ අවස්ථාවේ දීය. මෙහි දී ඔහුගේ අරමුණ වී තිබුණේ ජාතික මට්ටමේ සන්නිවේදන මාධ්‍යයක් බවට දිනමිණ පත්කිරීම ය. ඒ සඳහා ඔහු දිනමිණ මිලයට ගැනීමෙන් පමණක් සෑහීමට පත් නොවී “ද සිලනීස්” පුවත්පත මිලයට ගත්තේය. එය 1918 ජනවාරි 03 දා සිට Daily News නමින් ප්‍රකාශයට පත් කෙරිණි.
1923 දී සිලෝන් ඔබ්සර්වර් ද 1930 දී සිළුමිණ ද 1932 දී තිනකරන් ද අරඹා පුවත්පත් අධිරාජ්‍ය ගොඩ නඟා ගත්තේ ය. එතනින් නොනැවතුණු ඔහු සියලුම පුවත්පත් එකම වහළක් යටට ගෙන ගියේ ය. ලේක් හවුස් බිහිවීම යනු ලාංකීය පුවත්පත් ඉතිහාසයේ සුවිශේෂීම අවස්ථාවකි. ඒ අන් කිසිවක් නිසා නොව එතෙක් ලංකාව තුළ තිබූ කර්තෘ මූලික පුවත්පත් යුගයට නවමු අත්දැකීමක් ලැබීමයි. ඒ ව්‍යාපාරික පසුබිමක පුවත්පත් කලාවක් ඇරැඹීම ය. මෙසේ ඇරැඹුණු ලේක් හවුසිය එකල අග්නි දිග ආසියාවේ තිබූ උසස්ම පුවත්පත් ආයතනය ලෙසින් සම්භාවනාවට පත් විය.
මෙතනින් ඇරැඹෙනුයේ ලාංකීය පුවත්පත් කලාවේ වඩාත් සංවිධානාත්මක යුගයකි. එහි නිර්මාතෘ වරයාණෝ ඩී. ආර්. විජයවර්ධන යන් ය. ඒ කෙසේ ද යන්න විමසා බැලිය යුතුව පවතී. කොළඹ කොටුවේ ලේක් හවුස් මන්දිරය ඉදිකිරීමට පෙර එතුමාගේ පුවත්පත් ව්‍යාපාරය පවත්වාගෙන ගියේ මරදාන මරියකඩේ ප්‍රදේශයේ ය. එම ප්‍රදේශයේ පුවත්පත් කාර්යාලයක් තිබීමෙන් පුවත්පතකට දැන්වීම් ලබා ගැනීමේ දී යම් ගැටලුවකට මුහුණ දුන්නේ ය.

පත්තර මහගෙදර

එම නිසා එවකට තමා සතුව තිබූ ‘දිනමිණ’ සහ ‘ඩේලි නිවුස්’ පුවත්පත් කාර්යාල කොටුවට ගෙන යාමට එතුමා උත්සාහ කළේ ය. මහ තැපැල් කාර්යාලය, විදුලි පණිවිඩ කාර්යාලය අසලම තිබුණෙන් පුවත්පත් සඳහා ප්‍රවෘත්ති හා ලියුම් ඉක්මණින් ම ලබා ගැනීම මෙන්ම ලියුම් හා පුවත්පත් ඉක්මණින් තැපැල් කර යැවීමට ද හැකියාව ලැබිණි. මේ හැරුණු කොට තවත් අමතර වාසි රැසක් ද ලැබිණි. කාර්ය්‍ය මණ්ඩලය සකසා ගත්තේ ද ඉතා සූක්ෂම වූ ආකාරයකිනි. විජයවර්ධන මහතාගේ දිනමිණ කර්තෘත්වය දැරු කර්තෘවරුන්ගෙන්ම ඒ බව තහවුරු වේ. ඒ, ඩී.ජේ.බී.විජේසේකර, එන්.එම්. ජිනදාස,ජේ.වෙත්තසිංහ, ඩී.ඩබ්ලිව්. වික්‍රමාරච්චි, ඇලෙක්සැන්ඩර් වැලිවිට, මාර්ටින් වික්‍රමසිංහ සහ පියසේන නිශ්ශංක ආදිහු ය. මේ හත් දෙනාම කාර්ය ශූර පුද්ගලයන් වූහ. එමෙන් ම බහුශ්‍රැතයෝ වූහ. එමෙන්ම කර්තෘ මණ්ඩලයේ සාමාජිකයකු ලෙස ජී. බී. සේනානායක මහතා එක්කර ගැනීමත් ඔහුට වැටුප් ලබා දුන් ආකාරයත් දක්ෂ නවකයින්ගේ අවධානය ලේක් හවුසිය වෙත යොමු කරවා ගැනීමට මෙන්ම ඔවුන්ව ඇගයීමටත් යොදාගත් උපක්‍රමයක් බඳු විය.
මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ දැනුම් දීමකට අනුව ජී. බී. සේනානායකයන් කර්තෘ මණ්ඩලයට බදවා ගැනිණි. ඔහු බඳවා ගත්තේ එතෙක් කර්තෘ මණ්ඩලයේ සිටි එච්. එස්. මහින්දදාස ට වඩා වැඩි වැටුපකට ය. එනිසා මහින්දදාස අමනාපයෙන් සිටින බව වික්‍රමසිංහයන් විසින් විජයවර්ධන මහතාට දැනුම් දුන්නේය.
“මහින්දදාස දිනමිණ තම ජීවිතයම ලෙස සලකා වැඩ කරන්නෙකි. ඔහුට දිනමිණ නිවස වැනිය. ජී. බී. සේනානායක දිනමිණ ට ආධුනිකයෙකි. දක්ෂයෙකි. ජී.බී ට පඩි වැඩි නොකළොත් ඔහුගේ දක්ෂතාව අහිමි විය හැකිය. මහින්දදාස පඩි ඇතිවද නැතිවද දිනමිණ සේවය කරන්නට කැමැති වනු ඇති දැයි විජයවර්ධන මහතා පිළිතුරු දුන්නේ ය.
මෙය පැරණි සේවකයන් නොසලකීමකට වඩා එක් අතකින් තරුණයන් දිරිමත් කිරීමක් ලෙසද අනික් අතට සේවකයන් පිළිබඳ නිසි අවබෝධයෙන් සිටි ස්වාමියකු බවද විජයවර්ධනයන්ගෙන් පෙන්නුම් කරන අවස්ථාවකි.
ඩේලි නිවුස් පුවත්පතේ ආරම්භක කර්තෘ වරයා ලෙසින් සුදුස්සකු තෝරා ගැනීමේ දී ද විජයවර්ධන මහතාගේ පුද්ගලයන් හඳුනා ගැනීමේ ශක්තිය ඉස්මතුව ආ තවත් අවස්ථාවකි. එවකට ලංකාවේ ප්‍රබල පුවත්පත් කිහිපයක්ම තිබිණි. ඒවා සමඟ තරඟ කිරීමට දක්ෂ කර්තෘවරයකු අවශ්‍ය විය. ඒ සඳහා සිටි හොඳම පුද්ගලයා වූයේ මොර්නිං ලීඩර් පුවත්පතේ ආමන් ද සුසා ය. ඔහු දක්ෂයෙක් විය. ඔහු සමඟ විජයවර්ධන මහතා සාකච්ඡා ද කළේ ය. එහෙත් මතවාදීව යම් ගැටලු තිබිණි. මේ නිසා සුසා සම්බන්ධ කර ගැනීමේ ප්‍රයත්නය ව්‍යාර්ථ වූ අතර ඒ වෙනුවට එස්. ජේ. කේ. ක්‍රවුදර් මහතා විකල්පයක් ලෙස සොයා ගත්තේ ය. කර්තෘවරයා එලෙස තෝරා ගත් අතර කර්තෘ මණ්ඩලය ටාසි විට්ටච්චි, ජේ. එල්. ප්‍රනාන්දු, එච්. ඒ. ජේ. හුලුගල්ල, ඩී. බී. ධනපාල වැන්න වුන්ගෙන් සවිමත් කළේ ය.
එපමණක් නොව පුවත්පතේ ආකෘතිය, අන්තර්ගතය පිළිබඳ සොයා බැලීය. දිනමිණ පුවත්පත ගතහොත් එහි මුල්පිටුවේ "දිනමිණ" අකුරු දෙපස (EAR SPACE) වෙළෙඳ දැන්වීම් සඳහා යොදා ගත්තේ ය. එමෙන්ම ඩිමයි බාගයේ පත්‍රයක් වූ දිනමිණ පුළුල් පිටු පුවත්පතක් කළේ ය. තවද කතුවැකිය පමණක් නොව පුංචිම පුවතද ඇතුළුව ඕපාදූප තීරු පවා විජයවර්ධන මහතාගේ අවධානයට ලක් විය. ඒ කාලයේ පුවත්පත්හි ඡායාරූප පළ වූයේ ඉතාම කලාතුරකිනි. එහෙත් 1915 මාර්තු 2 දිනමිණට ඡායාරූපයක් මගින් අලුත්ම මුහුණුවරක් ලබාදීමට විජයවර්ධන මහතා කටයුතු කර තිබිණි.
ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා හා එම බිසවගේ ඡායාරූප ද රාජකීය සිංහල කොඩියද එහි විය. මෙලෙස පුවත්පතේ ඡායාරූප පළවීම දිනමිණ ජාතික පුවත්පතක් ලෙස රටවැසියාට අමතක නොවන හැඟීමක් ද ජනිත කළේ ය. සර් ජෝන් ඇන්ඩර්සන් ආණ්ඩුකාරවරයා මියගිය පසුව ඔහුගේ දෙන සහිත ඡායාරූපයක් ද පත්‍රයේ පළ කිරීමට කටයුතු කෙරිණි.
දුර බැහැර පළාත් වලින්ද පුවත්පත් අලෙවි නියෝජිතයන් පත් කළේ ය. ග්‍රාමීය ප්‍රදේශවල තොරතුරු ලබා ගැනීමට වාර්තාකරුවන් හඳුන්වා දුන්නේ ය. ප්‍රාදේශීය වාර්තාකරුවන්, උසාවිවලට පළාත්බදව සහ මාණ්ඩලිකවද වාර්තාකරුවන්ගේ සේවය පුවත්පත්වලට ලබා ගත්තේ ය.
මෙලෙස පුවත්පතේ ආකෘතිය, අන්තර්ගතය සැකසූ විජයවර්ධන මහතා රටපුරා පාඨකයන් අතට සිය පුවත්පත් යැවීමට විශේෂ ක්‍රමයක්ද ඇති කළේ ය. ' දිනමිණ' බස් රථය ඉන් එකකි. තවත් ක්‍රමයක් වූයේ "දිනමිණ" යන පුවරුව රැගත් බෙදාහැරීම් රථ ග්‍රාමීය ප්‍රදේශ කරා යැවීමයි. කොළඹ කොටුවේ සිය ප්‍රවෘත්ති පත්‍රවල නම් ප්‍රදර්ශනය වනවිට ඉතා දුෂ්කර ගම්මානවල ජනතාවගේ නෙතු ගැටීමටත් මේ ක්‍රමයන් මහත් උපකාරී විය. අවසානයේ ගමේත්, නගරයේත් දෙකෙහිම ජනපි‍්‍රය පුවත්පත් රැසක් ඔහු අතින් බිහිවිය.
මේ සියලු දේ කරන අතරතුර යම් යම් නව අත්දැකීම් ලබා පුවත්පත් ව්‍යාපාරය ශක්තිමත් කිරීමටද ඔහු පසුබට වූයේ නැත. ඔහුගේ ව්‍යාපාරික ඥානය සහ ලෝකය පිළිබඳව තිබූ අවධානය නිසා පුවත්පත් කර්මාන්තයට නවමු දේ සොයා ගන්නට හැමවිට උත්සාහ කළේ ය. සිය සේවකයකු වූ එච්.ඊ.ආර්. අබයරත්නට එංගලන්තයට යාමට අවස්ථා උදාකරදුන්නේ ය. එංගලන්තයේ සිටියදී ඔහුගෙන් පුවත්පත්හි නව ප්‍රවණතාවන් දැනගැනීමට විජයවර්ධන මහතා කටයුතු කළේ ය.

නව ප්‍රවණතා

මෙලෙස නව ප්‍රවණතා ආදිය හඳුනාගනිමින් නව හඳුන්වාදීම් ලංකාවට හඳුන්වා දෙමින් නවමු ව්‍යාපාරයක් ලෙස විජයවර්ධන මහතා පුවත්පත් කලාව ගොඩ නැංවූයේ ය. එහෙත් අවසානයේ විජයවර්ධන මහතාට එල්ල වූ ප්‍රබල චෝදනා ගණනාවකි. ඒ අතරින් සේවකයන්ග් ශ්‍රමය සූරා කෑ බවත් නිර්දය ස්වාමියකු බවටත් ඔහුට චෝදනා නැගිණි.
ඩී.ආර්. විජයවර්ධනයන් ලාංකීය පුවත්පත් කලාවේ ප්‍රගමනය උදෙසා සක්‍රියව ක්‍රියා කළ මහා පුරුෂයාය. ඔහු නිර්දය ස්වාමියකු ලෙස හංවඩු ගැසීමට කුමන උත්සාහ කළත් විජයවර්ධන මහතා එසේ නොවන සාධාරණ ස්වාමියකු බව කීමට බොහෝ සාධක ඇත.
විජයවර්ධන මහතා පුවත්පත් කලාවට පිවිසෙන්නේ ජාතික සටනට ශක්තිමත් පසුබිමක් ලබාදීමට ය. එහෙත්, ලංකාව වැනි රටක එකල පුවත්පත් මහත් අභියෝගයක් විය. ඒ පුවත්පත් ක්‍රමවත්ව එතෙක් පවත්වාගෙන විත් නොතිබූ නිසා ය. ඒ සෑම අභියෝගයක් වන්නට ඇත. කර්මාන්තයක් ලෙස අභියෝග ජයගනිමින් ඉදිරියට පියවර තබන අතරම ජාතික සටනට අවශ්‍ය දේශපාලන මතවාදී දායකත්වය ලබාදීමටද ඔහුට සිදුවිය.
මෙවැනි තත්ත්වයන් උඩ සළකා බැලීමේදී ලාංකීය පුවත්පත් සඳහා අවශ්‍ය මානව සම්පත්, තාක්ෂණික, දැනුම මෙන්ම පුළුල් වූ ව්‍යාපාරික පසුබිම ද එමෙන්ම වෘත්තීය පසුබිමත් බිහිකළ උදාරතම පුද්ගලයා විජයවර්ධන මහතා ය.


මලික් චමින්ද ධර්මවර්ධන
          http://www.Sitharana.com
                http://www.Latapatalanka.com
                http://www.Sri lankazone.com

Offline Sithuvili

  • ලංකික
  • Administrator
  • *****
  • Posts: 373
  • ලකුණු: +29/-8
  • Gender: Male
  • හදවතින්ම ලංකික
    • SA Solutions
ශත දහයේ විශ්වවිද්‍යාලය ඇති කළ20 වැනි සියවසේ පෙර ගමන්කරුවා
අසල ගෑස් ලයිට් කණුව යට පුවත්පතක් වනපොත් කරමින් හුන් මිනිසා කදිම රූපකයක් වූයේ මිතුරා ගේ පැනයට පිළිතුරු දීම සඳහා ය. එදෙසට ඇඟිල්ල දිගු කළ ඔහු තමන් ගේ එකම අභිප්‍රාය රටේ ජනතාවට කියවීමට සුදුසු පුවත්පතක් ඇරඹීම බව ප්‍රකාශ කළේ ය.
මළ හිරු බසින සැන්දෑ ජාමයක ලන්ඩන් නුවර වීථියක දී මේ කතාබහ සිදු වීය. ඒ දොන් රිචඩ් ජයවර්ධන බැරිස්ටර්වරයකු ලෙස බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් සරසවියේ උගන්නා කාලයේ දීය.
ව්‍යාපාරයක් ඇරඹීම වූ කලි ලාබ ඉපයීමට අරමුණු කොට ගන්නා බව පොදු සමාජීය මතය යි. එහෙත් ඉන් ඔබ්බට විහිද යන සමාජ සංස්කෘතික හර පද්ධතීන් ඔප් නංවාලීම පදනම් වූ ව්‍යාපාරයක් වෙතොත් ඒ, ඩී.ආර්. ගේ පත්තර ව්‍යාපාරය බව නොකිවමනා ය.
ඔහු ගේ මෙම හැඟුම් ඔසවා තැබීමෙහි ලා කේම්බ්‍රිජ් සරසවි බිමත් බොදු හැඟුමත් මිත්‍ර සමාගමයන් මහත් සේ රුකුල් දුන්නේ ය. එහිදී මිත්‍ර සමාගමය විෂයෙහි යමක් සටහන් තැබිය යුත්තේම ය.
මන්ද ක්‍රිෂ්ණ ගෝකුල්, සුනේන්ද්‍රනාත් බෙනර්ජි, ලාල් රජ්මන් රායි, බෙජින් චන්ද්‍රලාල් ආදි මිත්‍රයෝ එවක ඉන්දියානු නිදහස් සටන මෙහෙය වූවන් ගේ දූ පුතුන් වීම ය. ඔවුහු සිය ජන්ම භූමිය උදෙසා රුධිරය හෙළා මියැදීම භාග්‍යකැ’යි සිතුවාහු ය.
මෙකී මිත්‍ර සමාගමයෙන් විදාරණය වූ නිදහසේ සිතිවිලි ඩී. ආර්. දැඩිව වැළඳ ගත්තේ ය. නිදහස් රටක නිදහසේ විසීම ඒ වන විටත් අපෙන් ගිලිහි ගොස් තිබුණේ ය. ඒ බටහිර අධිරාජ්‍ය වාදීන් ට නතු වූ ශ්‍රී ලාංකේය සමාජය නේකවිධ තාඩන පීඩනයන් ට ලක්වූ හෙයිනි.
1912 දී එතුමෝ අධිනීතිඥ උපාධි ලැබ මෙරටට පැමිණෙන විටත් සුදු පාලකයන්ගේ අසාධාරණ අයුක්ති සහගත පාලනය රජ කරමින් පැවැතියේ ය. එවක සුදු ව්‍යවස්ථාවන් ට එරෙහිව විවිධ විරෝධතාවන් පැතිර ගියේ ය. සුදු හමට ළැදි කල්ලෝ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ අනවශ්‍ය බව කිවූහ.
මෙකී කඹ ඇදිල්ලේ දී ජන මතයක් ගොඩනැඟීමෙහි ලා නිශ්චිත මාධ්‍යයක් අවශ්‍ය බව පැහැදිලිව හඳුනාගන්නට විජයවර්ධන මහතා සමත් වූයේ ය. කේම්බ්‍රිජ් හි දී නීතිඥ එෆ්. එච්. එම්. කෝබට්, ඩී. ආර්. ට අවවාදයක් දුන්නේ ය. එනම්, ලංකාව බ්‍රිතාන්‍යයෙන් නිදහස් කර ගැනීමට නම් පුවත් පතක් නොමැතිව මහජන මතයක් ගොඩනැඟිය නොහැකි බව යි.
ඒ අනුව 1914 දී දිනමිණ ත්, 1918 දී ‘සීලනීස්’ සිලෝන් ඩේලි නිව්ස් ලෙසත්, ප්‍රකාශයට පත් කළේ ය. ක්‍රමිකව, ඉරිදා ඔබ්සර්වර්, සිළුමිණ, තිනකරන් ඇතුළු පුවත්පත් අරඹමින් මෙරට මුද්‍රිත මාධ්‍ය කලාවේ නිම්වළළු පුළුල් කළේ ය. හරවත්, බුද්ධිමත්, ශාස්ත්‍රීය තලයක පිහිටා මෙම පුවත්පත් පවත්වාගෙන යාමට විජයවර්ධනයෝ ඇප කැප වූහ.
එනිසාම “ශත දහයේ විශ්වවිද්‍යාලය” යැයි “සිළුමිණ’ විරුදාවලිය ලද්දේ ය. උතුරේ සිට දකුණට ජාතිකත්වයේ හැඟුමින් පිරි සංදේශයක් ගෙන ගියේ මෙම පුවත්පත් බව කීම නිවැරදි ය. එලෙස ම දේශපාලන විෂයෙහි මාධ්‍යයේ ඇති භාව ප්‍රතිභා ප්‍රථම වරට කියා දුන්නේත් විජයවර්ධනයෝ ය.
දෙස, බස, රැස රැක්මෙහි සිය කතුවරුන් මෙහෙය වූ මෙම දේශප්‍රේමියා, ප්‍රතිපත්ති ගරුකව කටයුතු කළ අයෙකි. එහි ලා සැබෑ ශක්‍යතා පිරිපුන් ලේඛකයන් හඳුනාගැන්මෙහි උපන් හපන්කම් ඇත්තෙක් වූ බව මාර්ටින් වික්‍රමසිංහයන් ගේ “උපන් දා සිට” කෘතියෙහි සඳහන් වෙයි.
ජාතක කතා, මහා කාව්‍ය හා චූල කාව්‍යයන් ගේ පරිණාමනයෙන් ඇසුරු කිරීමෙන් සිංහල සාහිත්‍ය නැංවිණි. එකී භාෂාව රාජ්‍යය අනුග්‍රහය ලබමින් විවිධ සමාජීය විපර්යාසයන්ට තුඩු දෙමින් සංකීර්ණ සංධිස්ථානයකට වන්නේ ය.
19 වැනි ශත වර්ෂයේදී උඩරට රාජධානියේ අවසානයත් සමඟ භාෂාවේ ගිලා බැස්ම සිදු වේදෝ හෝයි අනියත බියක් පැණ නැඟිණි. එකී භාර දූර කාර්යයට උර දෙන්නට 20 ශතවර්ෂයේ දී හැබෑ පෙර ගමන් කරුවකු අපට සිටියේ ය. ඒ නම් අන් කවරකු හෝ නොව ඩී. ආර්. විජයවර්ධනයෝ ය.
මාර්ටින් වික්‍රමසිංහ, ඩී. බී. ධනපාල, පියදාස නිශ්ශංක වැන්නවුන් එකී සංග්‍රාමයෙන් සමාජයට දායාද කළ ගත් කතුවරුන් වූයේ ය. ඒ ග්‍රන්ථකරණයට මුද්‍රණ ශිල්පයේ දායකත්වය ලැබීමත් පුවත්පත් ඔස්සේ ඔවුන් ගෙන ගිය භාෂා ප්‍රවර්ධනයත් නිසා ය.
එහිදී සිංහල, දෙමළ, ඉංගී‍්‍රසි භාෂා ත්‍රිත්වයෙන්ම මෙරට සාහිත්‍ය උන්නතියට කටයුතු කළ පිරිස 43 කණ්ඩායම ලෙස හඳුන්වන්නට යෙදුණේ ය. ඔවුහු ග්‍රන්ථ කරණය, චිත්‍ර කලාව, සංස්කරණයේ යෙදුණේ ය.
වරෙක විජයවර්ධනයන් සතුවූ “නොක්ස් ගේ ලංකා ඉතිහාසයේ” මුල් පිටපත පරිවර්තනය කොට සිළුමිණෙහි පළ කරවිය. අයි. ඇම්. ආර්. ඒ. ඊරියගොල්ල මහතා විසින් පරිවර්තනය කරන්නට යෙදුණු එය පසුකාලීනව ග්‍රන්ථයක් ලෙස ප්‍රකාශයට පත් කළේ ය. “නොක්ස් ගේ ලංකා ඉතිහාසය” සිංහලෙන් පළ වූ ප්‍රථම අවස්ථාව ද එය විය.
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් ගේ “පිං ඇති සරසවි වරමක් දෙන්නේ” කෘතියෙහි මෙසේ සදහන් වේ. ලේක් හවුස් ආයතනයේ අයිතිකරු මැනේජිං ඩිරෙක්ටර් ඩී. ආර්. විජයවර්ධන මහතා සිංහල පොත් පත් ප්‍රකාශනය පිළිබඳ තමා ගේ යෝජනාව ගැන නිවීසැනසිල්ලේ මා සමඟ කතා කළේ ය.
සිංහල පාඨකයා හමුවෙහි වර්තමාන ඥාන සම්භාරය ගෙනැවිත් තැබීමේ වැදගත්කම ගැනත් ඊට ඉංගී‍්‍රසියෙන් තිබෙන ‘හෝම් යුනිවර්සිටි ලයිබ්‍රි’ නම් පොත් පෙළ ආදර්ශයට ගත හැකි බවත් ඔහු කීවේය. (76 පිටුව)
ඒ අනුව ඔහු තුළ සාහිත්‍ය නැංවීමෙහි ලා පැවැති උනන්දුව කැපී පෙනෙයි. පුළුල් පරාසයක් ඔස්සේ සමාජය අවධි කිරීමෙහි ලා භාෂාව මෙන්ම කලාංගයන්ද කුළු ගැන්විය යුතු බව ද ඔහු ඇදහුයේ ය.
විශිෂ්ඨ ලේඛකයන්, කවියන්, සිය සමාගමට ඇතුළත් කර ගත් එතුමෝ ඔවුන් ගේ ශක්‍යතාවන් එළි දක්වා සමාජ හරයන් විදාරණයට කරළිය තනා දුන්නේ ය. 1934 මැයි මාසයේ දිනකදී මෙරටට පැමිණි රවින්ද්‍ර තාගෝර්තුමන්ට නවාතැන් වූයේ ද හෙලේනා විජයවර්ධන ට හිමි නිවස ය.
එවේලෙහි එතුමාගේ නෘත්‍ය නාටක ප්‍රදර්ශනයට උපකාර කිරීමට අවස්ථාව විජේවර්ධනයන් ට හිමි විය. එය මෙරට ලලිත කලාවෙහි නව මාවතක් විවර කර දීමට ද සමත් විය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලය බිහි කිරීමෙහිලා පුරෝගාමි මෙහෙවරක යෙදුණ ඔහු සමාජ සංස්කෘතික දේශපාලන සියලු අංශයන් ගෙන් කැපී පෙනෙන චරිතයක් ලෙස සමාජයේ නමක් දිනා ගත්තෙකි.
දේශීයත්වයට මුල්තැන දෙමින් ගෙන ගිය මා හැඟි ව්‍යාපාරය වෙනුවෙන් ඔහු සිය දහඩිය මහන්සිය කැප කළා සේම දේපොළ පවා උගසට තැබූවෙකි. එසේ ණය ඔප්පු නිකුත් කිරීමකින් ලද මුදලින් ඇරඹූ පත්තර මහ ගෙදර ආදි කතුවරයා 1950 ජුනි මස 13 දා මෙලොවින් සමුගත්තේ ය.
          http://www.Sitharana.com
                http://www.Latapatalanka.com
                http://www.Sri lankazone.com

Offline Sithuvili

  • ලංකික
  • Administrator
  • *****
  • Posts: 373
  • ලකුණු: +29/-8
  • Gender: Male
  • හදවතින්ම ලංකික
    • SA Solutions
ඩී.ආර් සටන දිනුවාආණ්ඩුකාරයා ගෙදර ගියා
එකල වත්පොහොසත්කම් තිබූ පවුල්වල දරු දැරියන් උසස් අධ්‍යාපනය සඳහා එංගලන්තයට යෑම සිරිතක් වශයෙන් පැවැතිණි. දොන් රිචර්ඩ් විජයවර්ධන තරුණයා ද එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයකු බවට පත් වූයේ එම සිරිත අනුවය. එම ගමනේදී ඔහුගේ අනාගත සාර්ථකත්වයට මුලික අඩිතාලම වැටිණ.
1912 වසරේදී ඔහු පෙරළා ලංකාවට පැමිණ අලුත්කඩේ උසාවියේ අධිනීතිඥයකු වශයෙන් කටයුතු කරන්නට පටන් ගත්තේය.
එහෙත් ඔහුට නීතිඥ වෘත්තියෙන් පමණක් සෑහීමකට පත්වන්නට නොහැකි විය. තරුණ විජයවර්ධන එංගලන්තයේදී ලිබරල්වාදී නිදහස් දේශපාලනයක උණුසුම විද පැමිණියෙකි.
බ්‍රිතාන්‍ය පාලකයන්ගේ මදි පුංචිකම්වලට මුහුණ දුන් මධ්‍යම පාන්තිකයන් දුටු ස්වදේශිකයන්ට ඔවුන් හා සම අයිතියක් දේශපාලන වශයෙන් දිනා ගැනීමේ බලාපොරොත්තු ඇතිවෙමින් තිබිණි.
එවකට හිස ඔසවමින් තිබූ ස්වරාජ්‍ය දිනාගැනීමේ ව්‍යාපාරයට රුකුල් දීමේ අභිලාෂයක් රිචර්ඩ් විජයවර්ධන සිතෙහි ඇතිවෙමින් තිබිණි.
”දේශපාලන වශයෙන් වඩාත් දියුණු වාතාවරණයක සිට ආපසු පැමිණි මම, දේශීය ප්‍රශ්න කෙරෙහි වඩාත් ඵලදායී ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීම කෙරෙහි උනන්දුවක් දැක්වීමි.”
හෙතෙම 1913 වසරේ ඔක්තෝබර් මාසයේදී ලංකා ජාතික සංගමයේ ලේකම් ධුරයට තෝරා පත්කර ගන්නා ලදී.
ඔහු සිය මිතුරන් වූ ශ්‍රීමත් පොන්නම්බලම් අරුණාචලම් හා ශ්‍රීමත් ජේම්ස් පීරිස් දෙදෙනා සමඟ මෙම සංවිධානය රටේ ප්‍රබල දේශපාලන හා සමාජීය සංවිධානය බවට පත්කරන්නට පටන් ගත්තේය. පසුව මෙම දේශපාලන ව්‍යාපාරය වටා කතෝලික, බෞද්ධ හෝ සිංහල, ද්‍රවිඩ භේද නොසලකා සියල්ලෝම ඒකරාශී වන්නට පටන් ගත්හ.
1915 වසරේ මැයි මාසයේ, මහනුවර දී සිංහල බෞද්ධ පිරිසක් හා මුස්ලිම් පිරිසක් අතර ගැටුමක් ඇති විය. මෙම ගැටුම ලංකාවේ බොහෝ ප්‍රදේශ දක්වා පැතිර ගියේය. මින් දෙපාර්ශ්වයේම සෑහෙන ප්‍රමාණයක් මරුමුවට පත් වූහ. බ්‍රිතාන්‍ය රජය මෙම ගැටුම කැරැල්ලක් ලෙස වටහා ගෙන දරුණු ලෙස මර්දනය කළහ.
සමාජීය හා දේශපාලන ක්‍රියාකාරකම්හි නිරතව සිටි ශ්‍රීමත් බාරොන් ජයතිලක, ඩබ්ලිව්. ඒ. ද සිල්වා, ඩී. ඇස්. සේනානායක, චාල්ස් බටුවන්තුඩාවේ ආදී නායකයෝ විශාල පිරිසක් බන්ධනාගාරගත කරන ලදහ. මේ වනවිට විජයවර්ධන මහතා ලංකා පාබල හමුදාවේ ලෙෆ්ටිනන්ට් තනතුර හොබවන නිලධාරියකු වශයෙන් කටයුතු කරමින් සිටියේය.
මොහු සෙසු නායකයන් මෙන් පාලකයන්ගේ පීඩනයට ලක් නොවීය. එහෙත් නැවැත එවැන්නක් සිදුවීම වළක්වා ගැනීම සඳහා පාර්ලිමේන්තුව තුළ දේශීය නියෝජනයක් හා ජනතාවට සර්ව ජන ඡන්ද බලය ලබා දීමටත් අදිටන් කරගත්තේය. සිරගත වූ සෙසු නායකයෝ හා සාමාජිකයෝ ද බෞද්ධ ව්‍යාපාර පසෙකලා දේශපාලනමය වශයෙන් ක්‍රියා කිරීමට පටන් ගත්හ.
ඔහු, මහජන සේවක සමිතියේ ලේකම්වරයා ද විය. මේ සමිතිය පිහිටුවා ගැනීම සඳහා විජයවර්ධන හා ශ්‍රීමත් ජේම්ස් පීරිස් මහතා ද මුල් විය. එම සංවිධානය පිහිටුවා ගැනීමේ ප්‍රධාන පරමාර්ථය වූයේ ඉහළ මධ්‍යම පන්තියේ පුද්ගලයන් මහජන සේවයට පොළඹවා ගැනීම ය. ඊට අමතරව දිළිඳු ජනතාවට සේවය කිරීමද මෙහි අරමුණ විය.
      ශ්‍රීමත් ඩී.බී.ජයතිලaක
      මාර්ටින් වික්‍රමසිංහ
සිංහල – මුස්ලිම් ගැටුමින් පසු සියලුම මධ්‍යම පාන්තික නායකයෝ අන් කවරදාකටවත් වඩා මහත් උද්‍යෝගයෙන් ස්වරාජ්‍යයක් උදෙසා පෙළ ගැසුණහ. මෙහිදී පසුබිමෙහි සිට නිහඬව නායක පක්ෂයට සියලු සහයෝගය විජයවර්ධන විසින් දෙන ලදී.
සිංහල – මුස්ලිම් ගැටුමේදී එවකට ආණ්ඩුකාරයා වූයේ රොබට් චාමස් මහතා ය. එම ගැටුමේ දී ඔහු ගත් අවිචාරවත් ක්‍රියාමාර්ගය බ්‍රිතාන්‍ය මන්ත්‍රණ සභාවේ මන්ත්‍රීවරු ලවා විවේචනය කරවන්නට විජයවර්ධන ක්‍රියා කළ අතර මෙහි ප්‍රතිඵලයක් ලෙස ආණ්ඩුකාරවරයා ඉවත් කෙරිණි.
හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා අමෙරිකාවේ ආරම්භ කළ සංවිධානයකට දේශීය පැහැයක් දෙමින් ඔහු ලංකාවේද “බෞද්ධ පරම විඥානාර්ථ” නමින් සමාගමක් ආරම්භ කළේය. අනගාරික ධර්මපාලතුමා ආරම්භ කළ ‘මහාබෝධි’ සමාගමේ ද ඔහු ප්‍රබල සාමාජිකයෙක් වූයේය.
1928, 1935, 1944 යන වසරවලදී මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සිදු විය. මෙහිලා මහත්සේ වෙහෙසී ක්‍රියා කළ විද්වතුන් පිරිස අතර පිටුපසින් සිට, උපදෙස් දෙමින්, අතරමැදියකු ලෙස ක්‍රියාකරමින් විජයවර්ධන මහතා කැපී පෙනෙන කාර්යභාරයක් කළේය. මෙරට දේශපාලනයේ වැදගත් සන්ධිස්ථානයක් වන 1931 වසරේදී සර්ව ජන ඡන්ද බලය ශ්‍රී ලාංකේය ජනතාවට හිමිවීම කෙරෙහිද ඔහු ඇපකැප වී ක්‍රියා කර ඇත.මේ සියලු ක්‍රියාවන් කෙරෙහි විජයවර්ධනට මහඟු පිටිවහලක් ලබා දුන්නේ ඔහු විසින් ආරම්භ කරන ලද පුවත්පත් ය.
“වස්තු සම්භාරයක් අත්පත් කර ගැනීම සඳහා මම පුවත්පත් කලාවට ප්‍රවිශ්ට නොවූයෙමි. මුදල් සොයාගැනීමට උවමනා වී නම්, පුවත්පත් කලාවට වඩා නොයෙකුත් පහසුකම් තිබුණි. මෙම ව්‍යාපාරය කෙරෙහි මම විශාල වශයෙන් කැප වූයෙමි. මහජන සේවය සහ ජාතික සංවර්ධනය මගේ පුවත්පත් කලාවේ අරමුණයි.”
ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය පාලකයන්ගේ ආධිපත්‍යයෙන් මුදා ගනිමින් දේශීය වශයෙන් දේශපාලන නිදහස ලබා ගැනීම උදෙසා මහජන මතය ඇතිකරවීම විජයවර්ධනගේ පුවත්පත්වල ප්‍රතිපත්තිය වූ බව පෙනේ.
බෞද්ධ පුනර්ජීවනය, කම්කරු ප්‍රබෝධය ඇතිකරවීමට මෙම පුවත්පත් ක්‍රියාකරන ලදී. 19 සියවස අගභාගයේ ආරම්භ වූ බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරය, අමද්‍යප ව්‍යාපාරය මෙන්ම විසිවන සියවසේ මුල් භාගයේ ඇතිවූ නාගරික කම්කරු ව්‍යාපාරද වඩාත් පුබුදුවාලමින් ඔහු තම පුවත්පත් මෙහෙයවීය.
ශ්‍රී ලංකාව තුළ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන්හි ඇති අවශ්‍යතාව, ඒ සඳහා නැගී සිටිය යුතු බව පිළිබඳවද නිරතුරු ජනතාව දැනුවත් කරමින් ඔවුන්ව අවබෝධයෙන් තැබීමටත් ඔවුන් ප්‍රබෝධමත් කිරීමටත් Daily news හා දිනමිණ නිතර ලිපි ලේඛන රැසක් පළකරන්නට විය.
ඩොනමෝර් ආණ්ඩ්‍රක්‍රමය ක්‍රියාත්මක වීමේදී පැන නගින සෑම අස්වාභාවික සිද්ධියක්ම අනාවරණය කිරීමට Daily news පත්‍රයත් ‘දිනමිණ’ නිරන්තර සූදානමින් සිටියේය. මෙලෙස විජයවර්ධනගේ පුවත්පත් දේශීය දේශපාලන නිදහස ලබාදීම වෙනුවෙන් නොයෙක් අවස්ථාවලදී ක්‍රියාත්මක වු බව දැක්වීමට නිදර්ශන රැසක් පෙන්වා දිය හැක.
ආරම්භක අවදියේ දිනමිණට නොකඩවා ලිපි සපයමින් ද වරෙක කතු වැකි ලියමින් ද ශ්‍රීමත් බාරොන් ජයතිලක ජනතාව තුළ විශාල ආකල්ප පෙරැළියක් ඇති කළේය. සිංහල - මුස්ලිම් ගැටුම පැතිර ගිය වකවානුවේදී සිංහල බෞද්ධයන් හා ක්‍රිස්තියානින් අතර හොඳ හිත බිඳවන්නට බ්‍රිතාන්‍ය පාලකයන් දැරූ ප්‍රයත්නය ජනතාවට දිනමිණ විසින් හෙළිකරන ලදී.
සර්ව ජන ඡන්ද බලය ඉල්ලා නැඟුණු උද්ඝෝෂණයට ‘දිනමිණ’ අත්වැල් සැපවූයේය. ඒ සම්බන්ධයෙන් ලිපි පළ කරමින් නියමාකාර ආණ්ඩුක්‍ර‍්‍රමයක් බිහි කිරීම පිළිබඳව ධෛර්යය ලබා දෙමින් තම කාර්යභාරය විජයවර්ධනගේ පුවත්පත් විසින් ඉටු කරන ලදී.
උගත් මධ්‍යම පන්තිකයන් තුළ රටේ දේශපාලන නිදහස පිළිබඳ මතයක් ඇතිකිරීම සඳහා මෙම ව්‍යාපාරයට පිවිසුණු විජයවර්ධන දැඩි අධිෂ්ඨානයකින් එහි නිරත විය.
දොන් රිචර්ඩ් විජයවර්ධන පිළිබඳ පුවත්පතකට ලිපියක් සපයන මාර්ටින් වික්‍රමසිංහ මහතා ඔහුගේ උතුම් මානුෂීය ගුණාංග හා ශූ®ර වෙළෙඳ ව්‍යාපාරික ඥානය ගැන මෙසේ දක්වයි.

“... විජයවර්ධන මහතා දයාව, කරුණාව, අනුකම්පාව යනාදී උතුම් ගුණ බෙහෙවින් ඇත්තෙකි. එහෙත් දහසකට වැඩි උගත් – නූගත් සේවක පිරිසක් හා දවස් පතා ගැටීම නිසා ඒ උතුම් ගුණ කඳ බඳුනෙන් උතුරා පිට නොවීය. ඒ ගුණ අනවරතයෙන් උතුරා පිටවන්නට වී නම් එය ඒ සා විශාල වෙළෙඳ ව්‍යාපාරයක් සාර්ථක කර ගැනීමට මහා බාධාවක් වෙයි ...”
          http://www.Sitharana.com
                http://www.Latapatalanka.com
                http://www.Sri lankazone.com

Offline Sithuvili

  • ලංකික
  • Administrator
  • *****
  • Posts: 373
  • ලකුණු: +29/-8
  • Gender: Male
  • හදවතින්ම ලංකික
    • SA Solutions
ඩී.ආර් විජයවර්ධනමාධ්‍යයේ පිළිබිඹුව


ඩී. ආර්. විජයවර්ධන යනු යුග යුග මතකයේ රැඳෙන සුවිශේෂී ශ්‍රී ලාංකේය පුත්‍රයෙකි. ඔහුගෙන් මෙරට මාධ්‍ය කලාවටත්, මෙරටට නිදහස ලබා ගැනීමේ අරගලයටත් ලැබුණු සහයෝගය අති විශාලය. බොහෝ අය විජයවර්ධනයන් පිළිබඳව දකින ව්‍යාපාරික හා ප්‍රභූ කෝණයට වඩා ඔහු තුළ මානුෂීය හැඟීම් සහිත සරල මිනිසෙකු ද ජීවත් විය. මේ ඒ පිළිබඳව වූ ස්මරණ සටහනකි.
ඩී. ආර්. විජයවර්ධන හෙවත් දොන් රිචඩ් විජයවර්ධන මහතා ජන්මලාභය ලැබූවේ 1886 වර්ෂයේ විය. ඔහු 1950 වර්ෂයේ දී අභාවප්‍රාප්ත විය.
ඔහු අභාවප්‍රාප්තවන විට වසර හැට හතරකි. ඔහු වසර හැට හතරක් තරම් වූ කාලයක් තුළ මෙරට සමාජය හා මාධ්‍ය ලෝකයට අපරමිත වූ මහා සේවයක් ඉෂ්ඨ කළේය. ඔහු මෙරට විධිමත් ලෙස ස්ථාපිත වූ මාධ්‍ය කලාවේ මුදුන් මුල යැයි සඳහන් කළ ද එම අදහසේ වරදක් නැත.
ඩී. ආර්. විජයවර්ධන යනු හුදු ව්‍යාපාරිකයකු නොව නිර්මාණශීලි මිනිසෙකි. සැබෑ දේශමාමකයෙකි. ඔහුට ව්‍යාපාරිකයකු ලෙස පමණක් මුදල් හරි හම්බ කර ගැනීමේ චේතනාවක් තිබුණේ නම් මාධ්‍ය ආයතනයක් ආරම්භ කිරීම වැනි දුෂ්කර ව්‍යායාමයකට අත තබන්නේ නැත.
විජයවර්ධනයන්ට අවශ්‍යව තිබුණේ දේශය නිදහස් කරගත හැකි සහ රට ගොඩනැගිය හැකි සම්ප්‍රදායක් සහිත ජනමතයක් රට තුළ ගොඩනැගීමටය. ඒ සඳහා ඔහු උපයෝගී කර ගත් ප්‍රධානම ධාරාව වූයේ පුවත්පත් මාධ්‍යයයි.
විජයවර්ධනයන් සිංහල මාධ්‍ය ලෝකය තුළ ප්‍රකට වන්නට පටන් ගත්තේ 1914 දී ‘දිනමිණ’ පුවත්පත මිල දී ගැනීමෙන් පසුවය. එතෙක් සුළු අලෙවියක් තිබූ කර්තෘ මූලික ආයතනයක්වූ දිනමිණ ජාතික පුවත්පතක් ලෙස රට තුළ ප්‍රචලිත වන්නේ ඩී. ආර්. විජයවර්ධනයන්ගේ සෙවණේදීය.
ඉන්පසු 1918 දී ‘සිලනිස්’ නම් ඉංග්‍රීසි පත්‍රය ‘ඩේලිනිව්ස්’ නමින් පළ කිරීම ආරම්භ කළ අතර ‘ඔබ්සවර්’ පත්‍රය ද 1923 වන විට විජයවර්ධනයන් සතු වූ අතර සිළුමිණ, හා තිනකරන් යන පුවත්පත් ද ඔහුගේ මඟ පෙන්වීම තුළ බිහි විය. 1930 දශකය වන විට විජයවර්ධනයන්ගේ මෙම පුවත්පත් ජාලය ලේක්හවුස් පුවත්පත් ලෙස අග්නිදිග ආසියාව පුරා ඉමහත් කීර්තියක් පතුරුවාලීය.
විජයවර්ධනයන් පුවත්පත් කලාවට අත තබන්නට පෙරද මෙරට පුවත්පත් රාශියක් පළ වූව ද ඒ පුවත්පත්වලින් වැඩිමනක් කොළඹ, ගාල්ල, මහනුවර වැනි ප්‍රධාන නගරවල පමණක් තිබූ අතර පොදු ජනතාව සහ පුවත්පත් සම්බන්ධ කළේ විජයවර්ධන මහතා ය යන්න අතිශයෝක්තියක් නොවේ.
විජයවර්ධන මහතාගේ ඉගෙනුම පිළිබඳවූ පිපාසය පාසල් අධ්‍යාපනයෙන් නිමා වූයේ නැත. ඔහු වැඩිදුර අධ්‍යාපනය සඳහා එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට ඇතුලු විය. එදා දේශීයව විශ්වවිද්‍යාල නොමැති නිසා අතමිට ඇති දෙමාපියන්ගේ දූ පුතුන් බ්‍රිතාන්‍යට ගොස් වැඩිදුර අධ්‍යාපනය ලැබීමේ සම්ප්‍රදායක් තිබුණි.
කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාල ජීවිතය තුළ විජයවර්ධනයන්ට සමකාලීනයන්ව සිටියේ ද පසු කලෙක ජාතික හා ජාත්‍යන්තර වශයෙන් කීර්තිය දිනූ පුද්ගලයන්ය. ඉන්දියාවේ හිටපු අගමැති ජවහල්ලාල් නේරු වැනි ලෝක පූජිත පුද්ගලයන්ය. එමෙන් ම ශ්‍රීමත් ජේම්ස් පීරිස්, ශ්‍රීමත් පොන්නම්බලම් අරුණාචලම් වැනි දේශීය වශයෙන් ප්‍රකට චරිතයක් ද කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලය තුළ විජයවර්ධනයන්ගේ සමකාලීනයන්ය.
ඩී. ආර්. විජයවර්ධන මහතා සඳහන් කර ඇති පරිදි ඔහුට දේශපාලනය පිළිබඳව අවබෝධයක් හා දැනුවත්භාවයක් ලැබෙන්නේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය තුළිනි. මෙහි දී තවත් විශේෂ කරුණක් ඩී. ආර්. විජයවර්ධන මහතා පිළිබඳව සඳහන් කළ යුතුය. එනම් ඔහු බ්‍රිතාන්‍යයේ දී අධිනීතිඥයකු බවට පත්වීමය. කුඩා කාලයේ සිටම අධ්‍යාපනය පිළිබඳව මහත් කැමැත්තක් දැක් වූ විජයවර්ධනයන් ලැබූ අග්‍රඵලයක් ලෙස මෙම අධිනීතිඥ තනතුර හඳුන්වා දිය හැකිය.
බ්‍රිතාන්‍ය ඌරුවට හැදී වැඩුනෙකු ලෙස පෙනී ගිය ද ඩී. ආර්. විජයවර්ධන මහතා තුළ ජාතිකත්වය හා දේශීයත්වය පිළිබඳව අතිමහත් භක්තියක් තිබුණි. ලේක්හවුස් මන්දිරය විවෘත කළ දින ඔහුගේ මවට එහි කිරි ඉතිරවීමට සැලැසීම මෙයට හොඳම උදාහරණය ලෙස සඳහන් කළ හැකිය. එමෙන් ම සිංහල ලිත් ක්‍රමයට අවුරුදු චාරිත්‍ර සිදු කිරීම ද විජයවර්ධන මහතාගේ වාර්ෂිකව සිදු කළ ප්‍රමුඛ චාරිත්‍රයක් විය.
එදා සිංහල උගැන්වීම මෙන් ම ඉගෙනීම ද දෙවන පෙළේ කාර්යයක් බවට පත්ව තිබුණි. එහෙත් ඩී. ආර්. විජයවර්ධන මහතා ඉංග්‍රීසි දැනුම මෙන්ම සිංහල භාෂාව පිළිබඳව දැනුම ද ලබා දුන් අතර විජයවර්ධන මහතාගේ බිරිඳ වූයේ උඩරට ප්‍රභූ රදලවරයකු වූ ජේ. එච්. මීදෙනිය මහතාගේ දෙවන දියණියය. ඇය ඇලිස් ගර්ට්රූඩ් රූබි මෙනෙවියයි.
1915 න් පසු ඇරැඹි නිදහස් ව්‍යාපාරය තුළ විජයවර්ධනයන් ප්‍රසිද්ධියේ සහ අප්‍රකටව විශාල වැඩ ප්‍රමාණයක් කළේය. ස්වරාජ්‍යක් සහ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයක් සඳහා ඇරැඹි මෙම අරගලයට මූලිකත්වය ගෙන ක්‍රියා කළේ ඩී. ආර්. විජයවර්ධන මහතාගේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාල ජීවිතය තුළ දීප්තිමත් ශිෂ්‍යන් වූ සර් ජේම්ස් පීරිස්, සර් පොන්නම්බලම් අරුණාචලම් යන මහත්වරුය. ඔවුන් විජයවර්ධනයන්ගේ හද බැඳගත් කුළුපගයන්ව සිටියේ ය.
විජයවර්ධන මහතා මුදලේ ඇති අගය හොඳින් දැන සිටියේය. ඔහු එක් සතයකුදු නිකරුණේ වැය කළේ නැත. ඔහු නිතරම සිතූ දෙයක් වූයේ පුවත්පතක් ස්වාධීනව පවත්වාගෙන යාමට අවශ්‍යනම් එයට මුල්‍යමය ස්වාධීනත්වයක් ද තිබිය යුතු ය යන්නය.
අප අවධානය යොමු කළේ මහා සාගරයක් මෙන් පුළුල් මිනිසෙකු වූ ඩී. ආර්. විජයවර්ධන මහතා ගේ ජීවිතේ සුවිශේෂ මතකයන්ගෙන් බිඳක් ගැන පමණි. විජයවර්ධනයන් දහනව වැනි සියවසේ අග භාගයේ ඉපිද විසිවන සියවසේ මැද භාගයේ දී අප අතැර ගිය ද ඔහුගේ ගුණකදම්භය මෙන් ම ඔහුගේ කීර්තිමත් සේවය පිළිබඳව මතකය තව සියවස් ගණනාවක් ගෙවී ගිය ද නොමැකි තිබෙනු නියතය.
          http://www.Sitharana.com
                http://www.Latapatalanka.com
                http://www.Sri lankazone.com

Offline Sithuvili

  • ලංකික
  • Administrator
  • *****
  • Posts: 373
  • ලකුණු: +29/-8
  • Gender: Male
  • හදවතින්ම ලංකික
    • SA Solutions
ව්‍යවහාරික බුද්ධිමතා
« Reply #4 on: October 05, 2011, 01:07:19 AM »
ව්‍යවහාරික බුද්ධිමතා-මාර්ටින් වික්‍රමසිංහ
ඩී.ආර්.විජයවර්ධන මහතාගේ අභාවයෙන් දින පහකට පසුව 1950 ජුනි 18 වැනිදා “සිළුමිණ” පත්‍රයේ පළවූ ලිපියකි.

ඩී.ආර්.විජයවර්ධන මහතා ජාති හිතෛෂියකු ලෙස මා හඳුන්වන්නේ කුමක් නිසා දැයි සමහරු ප්‍රශ්න නගනු නිසැකය. ඒ මහතා ජාති හිතෛෂියකු වූයේ කතාවෙන් නොව ක්‍රියාවෙනි. රටත් ජාතියත් උදෙසා ඔහු කළ සේවය වටහාගත හැක්කේ ඔහු කියූ දේ සෙවීමට වෙහෙසීමෙන් නොව කළ දේ සෙවීමට වෙහෙසීමෙනි.
ප්‍රවෘත්ති පත්‍ර පැවැත්වීම හැමට වඩා දුෂ්කර ව්‍යාපාරයකි. සාර්ථක වුවහොත් රටක් ජාතියක් ආණ්ඩුවක් සොලවන්නට තරම් ධනයත් බලයත් එයින් ලැබිය හැකිය. ව්‍යර්ථ වුවහොත් ඒ ව්‍යාපාරය “මහා කඳුමුදුනෙන් පෙරළි පෙරළී එන පර්වතයක් සේ ඇරඹු තැනැත්තා තළා මිරිකා හප කරන්නේය” යනු ප්‍රවෘත්ති පත්‍ර ව්‍යාපාරය අරබයා ලියන ලද පොතක සඳහන් වන කියුමකි.
දිනමිණ, සිළුමිණ, ඩේලිනිව්ස්, ඔබ්සර්වර්, ඉරිදා ඔබ්සර්වර්, තිනකරන් සහ ඉරිදා තිනකරන් යන පුවත්පත් හතක් විජයවර්ධන මහතා ආරම්භ කෙළේය. ඒ පත්‍ර සකස් කිරීමට වුවමනා ශූර පත්‍ර කලාවේදීන් පරපුරක් පුහුණු කෙළේය. ශූ®ර සංවිධායක මණ්ඩලයක් තැනුවේය. ඒ පත්‍ර පාට කිහිපයකින් විසිතුරු කොට පැයට විසිදාහක වුවද මුද්‍රණය කළ හැකි යන්ත්‍රයන්ගෙන් යුතු මහා මුද්‍රණාලයක් පිහිටුවූයේය. මුදල් ඇත්නම් මේ සියල්ල කළ හැකිය යනු මහා මෝඩ කියුමකි. මේ සියල්ලම මුදල් විනාශ කළ හැකි තැන් යයි කීම නම් වඩා නුවණට හුරු කීමකි. විජයවර්ධන මහතා මහා දුර්ගයක් ජයගත්තෙකු සේ “ලේක්හවුස් මන්දිරය”, “එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම” යන නම්වලින් හැඳින්වෙන ප්‍රවෘත්ති පත්‍ර ව්‍යාපාරය යට කියන ලද සියල්ලෙන් පිරිපුන්කොට දෙදරුම් නොකන දැඩි අඩිතලයක් උඩ පිහිටුවා ලීය.
එය එසේ පිහිටුවාලූයේ දැඩි අධිෂ්ඨානයෙන් සිත, කය, අධ්‍යාත්මය යන තුනම ඒ කාරියට කැප කොට වැඩ කිරීමෙනි. විජයවර්ධන මහතා උදය දහයට කාර්යාලයට ගියේය. තම ව්‍යාපාරයෙහි මුදල් හදල් පිළිබඳ පැත්ත ද මුද්‍රණය හා මුද්‍රණය කරන ලද ඒ පත්‍ර මිනිසුන් නින්දෙන් අවදිවන්නට පෙර ඒ ඒ පෙදෙස්වලට යැවීම ආදී කටයුතු පිළිබඳ පැත්ත ද සෙවීය. විවේචනය කෙළේය. අතපසු කරන ලද වැඩ වගකිය යුතු කළමනාකාරයන්ට පෙන්නුවේය. වැඩ වැරැද්දුවන්ට තරවටු කෙළේය. අවවාද කෙළේය. ඇතැම් විට තර්ජන ද කෙළේය.

දුලබ ප්‍රතිභාව

දවල් එක වන තෙක් මොහොතකදු අපතේ නෑර මෙසේ වැඩ කළ විජයවර්ධන මහතා දවල් එකට තම නිවසට ගියේය. අහර ගෙන අනතුරුව ගෙදරදී ද සිතුවේ තමාගේ ප්‍රවෘත්ති පත්‍රවල ඊළඟ දවසෙහි පළවිය යුතු ආරංචි ආදිය ගැනය. යළිත් තුනට තම කාර්යාලයට ගිය විජයවර්ධන මහතා ප්‍රවෘත්ති සකස් කරන මණ්ඩලයෙහි කර්තෘන්, උපකර්තෘන් හා වාර්තාකාරයන් සමග ද සාකච්ඡා කෙළේය. ඔවුන්ට අමතක විය හැකි කරුණු මතක් කෙළේය.
මහජන ප්‍රශ්න අරබයා ඔවුන් නොසළකන ඇතැම් කරුණු පෙන්නා දුන්නේය. වැදගත් ප්‍රවෘත්තියක් කෙටි කොට ද නිසරු පුවතක් දික්කොට ද පළකිරීමෙන් වැරදි කළවුන්ට තරවටු කෙළේය. මහජනයා ආශාවෙන් කියවන පුවතක් කලට වේලාවට පළ නොකරන ලද විට ඊට වගකිවයුත්තා සොයා ඔහුට අවවාද කෙළේය. තරවටු කෙළේය. රෑ වනතුරු මෙසේ වැඩ කිරීම විජයවර්ධන මහතාගේ දින චරියාව විය.
වයස අවුරුදු හැටක් වනතුරු මෙසේ නොනවත්වා වැඩ කිරීමට ඔරොත්තු දෙන සිතකුත් කයකුත් ලැබිය හැක්කේ දුර්ලභ පුරුෂයකුට පමණි. ඔහු ශ්‍රේෂ්ඨයෙකි.
ඩොනමෝර් වාර්තාව එංගලන්තයෙහි පළවූ අවස්ථාවෙහි විජයවර්ධන මහතා ක්‍රියා කළේ සැණකින් තැනට උචිත දේ කිරීමට ලත් දුර්ලභ ප්‍රතිභා ශක්තිය ඇත්තකු ලෙසිනි. එංගලන්තයෙහි පළවන වේලාවටම මෙහිද ඩොනමෝර් වාර්තාව නිකුත් වෙයි. එහෙත් දෙරටෙහි වෙලාවෙහි වෙනස නිසා මෙහි ඒ වාර්තාව පළවෙන්නේ එංගලන්තයෙහි පළවනදාට පසුදාය. එවිට ඒ වාර්තාව මෙහි පළවන්නේ සවස පත්‍රයෙහිය. ඩේලි නිව්ස් පතෙහි පළවන්නේ ඊටත් පසුදා උදේය. මෙය තම පත්‍රයට පරාජයකි. මදිකමකි. විජයවර්ධන මහතා කළයුත්ත සැණකින් දුටුවේය. එවලේම ක්‍රියා කෙළේය. ඩොනමෝර් වාර්තාව පළවූ වහාම එය පිඬුකොට ලංකාවට විදුලි මගින් දන්වන ලෙස විජයවර්ධන මහතා එංගලන්තයේ තම කාර්යාලයට දැන්වූයේය. එංගලන්තයෙන් එවෙන ඒ සම්පිණ්ඩන වාර්තාව විදුලි මගින් මෙහි ලැබෙන්නේ රෑ බෝ වීය. එහෙයින් එය උපකර්තෘන් විසින් සකස් කොට අකුරු අමුණන්නන් විසින් අමුණා, ශුද්ධිපත්‍ර බලා පසුදා උදය පත්‍රයෙන් පළ කළ නොහැකිය. කුමක් කළ යුතුද ? විජයවර්ධන මහතා සැණකින් එය විසඳුවේය. මොටෝ රථ පෙළක් තැපැල් කන්තෝරුව අසලට යැවුයේය. එංගලන්තයෙන් එවෙන දිග විදුලි පුවත කොළයෙන් කොළය ගෙන මේ මොටෝ රථ පත්‍ර කාර්යාලය බලා වේගයෙන් දිවීය. ආපසු ගිය රථය යළිත් එක කොළය බැගින් ගෙනාවේය. උපකර්තෘන් පෙළක් විසින් වහාම කොළයෙන් කොළය සකස්කොට කොළයෙන් කොළයම අකුරු අමුණන්නන් වෙත යැවුයේය. විජයවර්ධන මහතා එළිවන යාමය තෙක් කාර්යාලයෙන් පිට නොවූයේය. පසුදා උදය වරුවේ ඩොනමෝර් වාර්තාව සහිත ඩේලි නිව්ස් පත්‍රය පළවූයේ අප රට දේශපාලනඥයන් හා ආණ්ඩුවද විස්මයට පත් කරමිනි. ලංකා ආණ්ඩුව ඒ වාර්තාව පිට කළේ ඊට පසුවය.

ප්‍රතිපත්ති ගරුකබව

ප්‍රවෘත්ති පත්‍රවල ප්‍රතිපත්ති ගැන අප එකිනෙකා ගේ මතභේද විවිධය. එහෙත් තුන් බසකින් පළවන ප්‍රවෘත්ති පත්‍ර ලංකාව පුරා පතුරුවන්ට පුළුවන් පරිදි තරකොට පිහිටුවන ලද එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම විජයවර්ධන මහතාගේ ධී ශක්තියත් ශ්‍රේෂ්ඨත්වයත් කියාපාන ස්මාරකයකි.
කිසිම මහජන සේවකයකුට කුහකයකු නොවී රටේ සියලු දෙනාම සතුටු කළ නොහැක්කේය. ප්‍රවෘත්ති පත්‍රයෙන්ද රටට සේවය කළ හැක්කේ දේශපාලන වාදයන්හි එල්බ ගත්තවුන් අතුරෙන් බොහෝ දෙනකුන් අසන්තෝෂ කරමිනි. විජයවර්ධන මහතා කිසිම තනි පුද්ගලයකු හෝ පක්ෂයක් හෝ මහත්කොට නොසැලකුවේය. එහෙයින් තමාගේ විනිශ්චයෙහිත් ප්‍රතිපත්තියෙහිත් දැඩිව පිහිටා හැම දේශපාලනඥයකු, දේශ සේවකයකු විවේචනය කෙළේය. කුහකකමත් කුහකයනුත් ඔහු නොඉවසුවේය.
කාර්යශූරයකු වූ ඒ මහතා උපායෙන් ජයගත යුතු තැන උපාය වහල්කොට ගත්තේය. සෘජු අවංක ගති වහල්කොට ගතයුතු තැන ඒ ගති වහල්කොට ගත්තේය. දයාව, කරුණාව දැක්විය යුතු තැන ඒ දෙක වහල්කාට ගත්තේය. ඒ සියල්ල වහල්කොට ගත්තේ පෞද්ගලික කීර්තියක් පතා නොවේ. තමාගේ නම, ගම පළකරනවා ගනු පිණිසද නොවේ. ඒ සියල්ලම නොතකා ජීවත් වූවකු වශයෙන් විජයවර්ධන මහතා ලක්දිව අනික් සුප්‍රකට මිනිසුන් ඉක්මවූවෙකි.

රුචි අරුචිකම්

විජයවර්ධන මහතා අනුන්ට පමණක් නොව තමාටද නිර්දය ලෙස ක්‍රියා කෙළේ තමා අතට ගත් කාර්යය සාර්ථකකොට එය අගතැන් පමුණුවනු පිණිසය. ඒ මගින් රටටත් ජාතියටත් සේවය කරනු පිණිසය. ඔහුගේ නිර්දයත්වයට අනුන්ටත් වඩා භාජන වූයේ තමාමය. තමාගේ ශක්තිය දෙදරා බිඳ වැටෙන තෙක් නොනවත්වා වැඩ කිරීම තමාගෙන්ම නිර්දය ලෙස වැඩ ගැනීමකි. ඔහු වැඩ කෙළේ අන්තිම බින්දුව දක්වා තමාගේම ශ්‍රම ශක්තිය මිරිකා වැඩට යොදන්නකු ලෙසිනි. එහෙයින් අනුන් ද එසේ වැඩ කරනු දැකීමට ඔහු ආශා කෙළේය. විජයවර්ධන මහතා නිර්දය ස්වාමියෙකියි යන වැරදි හැඟීම ඇතැමකු තුළ ඇතිවූයේ ඒ මහතාගේ මේ නිසර්ග සිද්ධගතිය වටහාගත නොහැකිවීම නිසායයි මම සිතමි.
විජයවර්ධන මහතා දයාව, කරුණාව, අනුකම්පාව යන ආදී උතුම් ගුණ බෙහෙවින් ඇත්තෙක් විය. එහෙත් දහසයකට වැඩි උගත් නූගත් සේවක පිරිසක් හා දවස් පතා ගැටීම නිසා ඒ උතුම් ගුණ කඳ බඳුනෙන් උතුරා පිට නොවීය. ඒ ගුණ අනවරතයෙන් උතුරා පිටවන්නට වී නම් එය ඒසා විශාල වෙළෙඳ ව්‍යාපාරයක් සාර්ථක කර ගැනීමට මහා බාධාවක් වෙයි. එහෙයින් ඒ ගුණ හදින් නැගී මතු වූයේ විටින් විටය. විජයවර්ධන මහතා ගේ ශ්‍රේෂ්ඨ චරිතය දැක්ක යුත්තේ හැඟීමෙන් තොර වූ සියුම් බුද්ධියෙනි. අප එකිනෙකාගේ ගතානුගතික රුචි අරුචිකම නිසා නගින හැඟීම් අනුව ඔහුගේ චරිතයෙහි දුර්ලභ ගුණාංග දැක්ක නොහැකිය.
          http://www.Sitharana.com
                http://www.Latapatalanka.com
                http://www.Sri lankazone.com

Offline Sithuvili

  • ලංකික
  • Administrator
  • *****
  • Posts: 373
  • ලකුණු: +29/-8
  • Gender: Male
  • හදවතින්ම ලංකික
    • SA Solutions
ජාතික නිදහස් සටනට ඇති කළ බලපෑම


ජාතිකාභිමානය හා දේශානුරාගය ජනිත කරවීමට සිය පුවත්පත් යොදා ගනිමින් ජාතික සංස්කෘතිය සභ්‍යත්වය හා කලා ප්‍රබෝධය ගොඩනැංවීමෙහිලා ලේක්හවුස් ආයතනය බිහිකොට රට දැය උදෙසා අනුපමේය මෙහෙවරක නිරත වූ ඩී. ආර්. විජයවර්ධන නොහොත් දොන් රිචර්ඩ් විජයවර්ධනයන්ට හිමිවනුයේ සුවිශේෂී ස්ථානයකි.
එකල යටත් විජිත සමාජ පසුබිමක් යටතේ නිවැරදි වූත් බුද්ධිමත් වූත් මඟපෙන්වීමක් අත්‍යවශ්‍ය වී තිබූ යුගයක එහි ප්‍රබෝධය උදෙසා ඩී. ආර්. විජයවර්ධනයන් වෙතින් සිදුවූ අද්විතීය සේවාව ඉතිහාසයේ සඳහන් වී ඇත.
විජයවර්ධන මහතාගේ් ජීවිතයේ මුල් අවධිය අදට වඩා බොහෝ වෙනස් යුගයකට අයත් වූවකි. එදවස මෙරට බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයේ උග්‍රතම අවස්ථාවක් ලෙසට හැඳින්විය හැකිය. රට පාලනය කරන ලද්දේ යටත් විදේශ භාර මහලේකම් විසින් පත්කර එවනු ලැබූ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයකු හා ඔහුට උපදෙස් දුන් නිලධාරින් විසිනි. එදා රටේ අධ්‍යාපනය සකස් වී තිබුණේ ද ඒ පාලකයන්ගේ සිතුම් පැතුම්වලට අනුරූපවය. ඒ හේතුවෙන් ස්වයං පාලනය සම්බන්ධව හෝ ස්වකීය දෙයට ඇලුම්කම් ඇතිව වැඩෙන ජනතාවක් රටේ ඇතිවීමේ ඉඩකඩ බොහෝ සෙයින් ඇහිරී තිබිණි.

අලුත් අගනුවර

ඩී. ආර්. විජයවර්ධන තරුණයා එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනය සඳහා උපන් බිමෙන් පිටත්ව යන්නේ යටත්විජිත අධ්‍යාපන ක්‍රමයට අනුගත වූ යුගයකදීය. ඒ මැට්‍රිකි්‍යුලේෂන් විභාගය සමත්වීමේ අරමුණෙනි. ධනවත් ඇත්තන්හට උසස් විදේශ අධ්‍යාපනය සඳහා තිබුණේ විශ්වවිද්‍යාල දෙකකි. ඒ ඔක්ස්ෆර්ඩ් හා කේම්බ්‍රිජ් ය. ඩී. ආර්. තරුණයා කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට ඇතුළත් වූයේය. පාරම්පරිකව ධනවතුන් නොවූවද ඩී. ආර්. විජයවර්ධනයන්ගේ පියා සහ සීයා කොළඹ නගරයේ ධනවත් පැළැන්තියට (NEW RICH CLASS) අයත්ව සිටියහ.
අලුත් අගනුවරට වුවමනා කරන ගොඩනැගිලි ද්‍රව්‍ය සැපයීමේ ව්‍යාපාර හරහා ධනවත් පැළැන්තියේ සාමාජිකයන් වූ විජයවර්ධන පවුලට ආර්ථිකමය වශයෙන් කිසිදු අගහිඟයක් නො තිබුණි.
ඉගෙනුමට හපන් නිසඟ කුසලතාව ද සිය බුද්ධිමය ඥානය ද මෙහෙයවීමේ සහජ උපන් ලක්ෂණයන්ගෙන් පිරිපුන් ඩී.ආර්. විජයවර්ධන තම ජීවිතයේ භද්‍ර යෞවනයේ දී පොතපතෙහි දැනුම උකහා ගනිමින් ජීවිතය ප්‍රභාවත් කර ගැන්මේ උනන්දුවකින් මෙන් ම දේශය පිළිබඳ හැඟීමකින්ද පසුවිය.

දේශපාලන වපසරිය

ඔහුට පෙර කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ සර් ජේම්ස් පීරිස් මහතාගේ ඇසුරද මෙහි දී සිහිපත් කළ යුතු ය. මේ නිසා ම කේම්බ්‍රිජ්හි කැපී පෙනෙන ශිෂ්‍යයකු වූ විජයවර්ධනට දේශපාලනය පමණක් නොව තම ලක්මාතාවට ලබාදිය යුතු සේවය පිළිබඳවද මූලික පන්නරය ලැබුණේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේදී ය. සාහිත්‍යයට පමණක් නොව නව විචාර දැක්මක් හා මුසු වූ දර්ශනයක් ද ඔහු ලද පන්නරයට එකතුවිණි. ඇතැම් මහාචාර්යවරු සිප්සත බෙදාදීමේ දී ඒ ඒ රටට ගැළපෙන ආකාරයෙන් කිසියම් චින්තනයකට ශිෂ්‍යයා හැඩගැස්වීමෙහිලා වෙහෙසක් දැරූහ. දේශපාලන ගමනක යෙදීමේ වුවමනාවක් නො තිබූ ඩී. ආර්. ශිෂ්‍යයා දේශපාලන ගමන් මාර්ගයට පුවත්පත් කෙතරම් වැදගත් වේද යන්න පිළිබඳ ඒ වනවිට මැනවින් අවබෝධ කර සිටියේය.
නිදහස් දේශපාලන මතධාරි ගෝපාල් ක්‍රිෂ්ණා ගොඛලේ ගේ් හමුවීමත් සමඟ නිදහස් දේශයක් උදෙසා වන සිය දේශපාලනයේ හැඟීම් ගිනිපුළිඟු මෙන් බලවත්ව නැගී සිටියේ ය. ගොඛලේ ඩී. ආර්. කෙරෙහි දුටු සුවිශේෂී ලක්ෂණයන් පිළිබඳ මහත් සේ පැහැද සමීප වූයේ ය. අනතුරුව කතිකා කළේ ය.
එහිදී බොහෝ සෙයින් දේශපාලන කරුණු කාරණාද කතිකාවේ ප්‍රධාන මාතෘකා බවට පත්විය. නිදහස් නිවහල් දේශයක ප්‍රාර්ථනා ඩී. ආර්. ගේ හදවතෙහි පැලපදියම් වී ඇති බවට ගොඛලේ ඉඳුරා දැන සිටියේ ය.
කේම්බ්‍රිජ් හි මහාචාර්යවරු දේශපාලනය සඳහා ක්‍රියාකාරී නො වෙති. එහෙත් දේශපාලන විශ්ලේෂකයන් වශයෙන් නිදහස් චින්තනයක යමින් කළ හැකි දේ පිළිබඳ හැකියාව ඔවුනට තිබේ. මේ වනවිට ආසියාවේ දේශපාලන වපසරිය වෙනස්වීම්වලට බඳුන් වෙමින් පැවැතිණි. නො එසේනම් යටත් විජිත පාලනයේ ක්‍රියාකාරකම් පිළිබඳව පාලකයන්ගේ කිසියම් ආකාරයක විරෝධතාවක ලක්ෂණද ඉස්මතු වෙමින් පැවතුණි.
සිවිල් නීති කඩකිරීම් ආදී යම් යම් ව්‍යාපාර නිසා 1857 සිට නැගී ආ බ්‍රිතාන්‍යයට එරෙහි ඉන්දීය බලවේගයන් ඔස්සේ ප්‍රථම සටන සිදු කෙරිණි. එහිදී ඉන්දීය යටත් විජිතය ඇතුළත නව ආරක දේශපාලන චින්තනයක් බිහිවීමෙන් එහි යම් චින්තන රටාවක් විජයවර්ධනයන්ට ද දැනිණි.
ලංකාවේ නිදහස් දේශපාලන පසුබිමේ දැවැන්තයකුව සිටිමින් තමන් හා සමීප බොහෝ විද්වතුන්, ප්‍රාඥයන්, නිදහස් මතධාරින්, බුද්ධිමතුන් ඇසුරින් ද සහජ බුද්ධි මහිමයෙන් ද උකහා ගත් බොහෝ දෑ අතර ගුරුවරුන් කියා දුන් කරුණු ද සංකලනය වූ දේශීයත්වය, දේශානුරාගය, ජාතිමාමකත්වය පමණක් නොව නිදහසේ නව දැක්මක් ගැන තම පුවත්පත්වලින් ලාංකේය සමාජයට පෙන්වා දෙමින් දැනුවත් කරන්නට කටයුතු කළේ ය. ඕල්කට්තුමාගෙන් පසුව පැමිණි ප්‍රබල චරිතයක් වූ “සරසවි සඳරැස” පුවත්පතේ කතුවරයාව සිටි (හේවේන්ද්‍ර සේපාල පෙරේරා), එච්. එස්. පෙරේරා මහතා එකල පුවත්පතේ් කර්තෘධුරයට පත් කළේය.

යුනිවර්සිටි කොලීජිය
ඩී. ආර්. විජයවර්ධනයන් පිළිබඳ විශේෂයෙන් යමක් සඳහන් කළ යුතුය. එතුමා පිළිබඳ බොහෝදෙනා කියන්නේ ලියන්නේ හිතලුය. ඩේලිනිව්ස් පුවත්පත මුල් අවධියේදීම පිටපත් 40,000 ඉක්මවා යමින් අලෙවි වු බවද වාර්තාගත වී ඇත.
එහි කර්තෘ මණ්ඩලය සමන්විත වූයේ ඉංග්‍රීසි, බර්ගර්, අමෙරිකානු ජාතිකයන්ගෙනි. ඔව්හු විදේශයෙන් පැමිණි අය වූහ.
ඩොනමෝර් කොමිෂන් සභා තීන්දු තීරණවලදී නිවැරැදි තීන්දු ගැනීම පිළිබඳ ඩී.ආර්.ට තිබුණේ මනා පරිචයකි. 1906 දී අප රටට විශ්වවිද්‍යාලය අවශ්‍ය බව කියැවිණි. 1921 දී යුනිවර්සිටි කොලීජිය බිහිකෙරිණි. 1942 දී විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට සූදානම් කැරිණි. ඊළඟ සාකච්ඡාව වූයේ විශ්වවිද්‍යාලය පිහිටුවිය යුත්තේ කොතැනකද යන්නකි. එය පළමුවෙන් නාරාහේන්පිට ප්‍රදේශයේ කැළි කසල ගහන ස්ථානයක පිහිටුවීමට යෝජනා විය. පසුව එය අකුරැස්ස, දෙණියාය, කැස්බෑව ප්‍රදේශවල පිහිටුවීමට සුදුසු බවට යෝජනා වූයේ එකල සිටියවුන් විශ්වවිද්‍යාලයක වටිනාකම නො දැන සිටි හේතුවෙනි.

ආකේඩියා

එදා ඇමැතිවරු එය දියතලාවේ හෝ දුම්බරට සුදුසු යැයි හඬ ගා කීහ. එහිදී සර් ජෝන් කොතලාවල මහතා සරසවිය පේරාදෙණියේ පිහිටුවිය යුතු යැයි ස්ථිරව කියා සිටියේ ය. එය එලෙසම පේරාදෙණියේ ඉදිවිණි. එම සිද්ධියේ දී ද පවත්නා විශේෂත්වය නම් විශ්වවිද්‍යාලය සොබා සෞන්දර්යයෙන් පිරිපුන් සිප්සත උගෙනීමට ඉතා යෝග්‍යය වූ පරිසරයක පිහිටා තිබෙන වඩාත් සුදුසු බවට කළ යෝජනාවේ පසුබිමේ පසුවන්නේ ඩී. ආර්. විජයවර්ධනයෝය. නැතිනම් එහි මූලික යෝජකයා වනුයේ ඩී.ආර්.ය. මෙහිදී ඔහුගේ සහයට පැමිණි ආචාර්ය එස්. ඊ. හේල්, ආචාර්ය අන්ද්‍රායස් මෙල් ද ඊට එක්වුහ. විජයවර්ධනයන්ගේ මඟපෙන්වීම මත ඔවුන් දෙදෙනා එම කාර්යය ඉදිරියටම ගෙන ආ අයවලුන්ය.
විශ්වවිද්‍යාලයක් පිහිටුවීමේ මූලික හේතුකාරකයා එතුමා වන අතර රටට අවැසි දේ නිසි තැනට ලබාදීමටද ඔහුගේ ඒකායන වුවමනාව වී තිබූ බවට මෙයද කදිම නිදසුනකි. 1948 දී නිදහස් අධ්‍යාපන පනත නිර්මාණය කළ අයිවර් ජෙනිස් මහතා එහි උපකුලපතිවරයා වූයේය. අග්‍රාණ්ඩුකාර සෝල්බරිසාමි හා සමීප ඇසුරක පසුවූ ඩි.ආර් සිය දියතලාවේ පිහිටි ‘ආකේඩියා’ නිවසේ සතිඅන්ත නිවාඩුව ඔහු සමඟ ගෙවන්නට ප්‍රියතාවය දැක්විය. දේශපාලනයේ ක්‍රියාකාරිකයකු නොවූවද විජයවර්ධනයන් ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේ කටයුත්තේදී බොහෝ යෝජනා ඉදිරිපත් කරමින් දේශීයත්වය ඉස්මතු කරලීමට කටයුතු කළේය.

ආචාර ධර්ම

එදා පාර්ලිමේන්තුවේ දේශපාලන ගමන්මඟ නිර්දේශ කිරීමට තරමේ සමතකු වූ එතුමා ලේක්හවුස් ආයතනයේ නිර්මාතෘවරයා ලෙසින්ද හිමිකරු ලෙසින්ද ප්‍රතිභා පුවත්පත් අයිතිකරුවකු ලෙසින්ද කීර්තිය පතුරවා හැර තිබුණේය. මාධ්‍යවේදීන්ට සිද්ධි සිය නමින් වාර්තා කිරීමේ සම්ප්‍රදාය වෙනුවට ‘ විශේෂ ලියුම්කරුවෙක්’ යන යෙදුම යටතේ වාර්තා කිරීමට විජයවර්ධනයන් උපදෙස් දී තිබුණි.
මාධ්‍යවේදියා තම නමින් ප්‍රසිද්ධ වූ කල මහජනතාවට සමීපව කටයුතු කිරීමට යාමේදී සත්‍ය කතා කරන්නට නොහැකිවනුු ඇත යන්න ඔහුගේ එම නියමයේ අරුත විය. වෘත්තිකයන් හැටියට කටයුතු කරන ආකාරය පමණක් නොව ආචාර ධර්ම පද්ධතියක්ද එතුමා නිකුත් කොට තිබුණි.
මහා කවි රවින්ද්‍රනාත් තාගෝර්තුමන්ගේ සමීපතම මිතුරකු වන විජයවර්ධනයන් 1913 දී ගීතාංජලිය වෙනුවෙන් සම්මානිත වනවිට එතුමාද තාගෝර්තුමා සමීපයේ සිටියේය. බොහෝවිට තාගෝර්තුමන් එතුමාගේ කොළඹ හා දියතලාවේ පිහිටි නිවෙස්වල නිවාඩුව ගත කරන්නට පුරුදුව සිටියේය. ආසියාවේ ප්‍රථම වරට සර්වජන ඡන්ද බලය ක්‍රියාත්මක වන අවස්ථාවේදී ඩොනමෝර් ක්‍රමයට එරෙහිව නිදහස් සටනේ මෙහෙයුම්කරු ලෙසින් දේශමාමක කාර්යභාරය ඉටුකළ එතුමාගේ සහයට ඒ. ඊ. ගුරුසිංහ මහතාද පැමිණ සිටියේය.
එදා බොහෝ මත නායකයින් සභා රැස්වීම් ආදියට සහභාගි වෙමින් වේදිකා මත නැගී කතා පවත්වමින් ප්‍රසිද්ධියේ පෙනී සිටියදී ක්‍රියාකාරී දේශපාලනයට නොපැමිණි විජයවර්ධනයන් සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂාත්‍රයෙන් පළවු තම පුවත්පත් මගින් අන් කිසිවකුගෙනුත් නොවු උදාරතර සේවාවක නිරත වී සිටියේය. ඉංග්‍රීසි හා දෙමළ පුවත්පත්වලින්ද ලාංකීය සාහිත්‍ය කලා ප්‍රබෝධය සඳහා සුවිසල් මෙහෙයක් ඔහුගෙන් රටට සිදුවූ බව ප්‍රචලිතය. ඔහුගේ ආදර්ශය වූයේ ජනතාවගේ බුද්ධිමය නිම්වළලු පුළුල් කර නව සමාජ සංස්ථාවක් ප්‍රතිනිර්මාණය කිරීමේ මහඟු ක්‍රියාවලියක ජනතාව දැනුවත් කිරීම සඳහා පුවත්පත් හැසිරවිය යුතුය යන්නය.

නිදහස් ජාතියක්
විජයවර්ධනයන් දෙමළ පුවත්පත් කර්තෘවරුන්ට නිදහසේ තම කාර්යය කරගෙන යාමේ නිදහස ලබාදී තිබුණේය. දිනමිණ පුවත්පතට තරඟකරුවන් සිටියේද නැත. එතුමාගේ යෝජනාවෙන් එදා ඇමැතිවරුනට චර්යාධර්ම පද්ධතියක්ද හඳුන්වා දී ඇත්තේද පුවත්පත් කර්තෘවරුන් විසිනි.
එතුමා නොසිටියේ නම් දිනමිණ මෙන්ම ශාස්ත්‍රීය ලිපිවලින් විද්වත් ලේඛනයන්ගෙන් පිරිපුන් ආසියාවේ වැඩිම අලෙවියට පාත්‍ර වූ සිළුමිණ ආදී පුවත්පත්වලින් දේශීය කලාකරුවන් කිසිවකු රටෙහි මතුවන්නේ නැත.
එතෙක් නොතිබූ සම්ප්‍රදායක් පුවත්පත්වලට අනුගත කිරීමට විජයවර්ධනයන් කටයුතු කළ අතර පුවත්පත් කාලීනව නොයෙක් වෙනස්වීම්වලට බඳුන් කැරිණි.
සිය රට අධිරාජ්‍ය වහල් බැම්මෙන් මුදාගැනීමට මෙන්ම රටට දැයට නිදහස් නිවහල් පැවැත්මට ඇවැසි බොහෝ දෑ ඉටුකරමින් පුවත්පත් ලෝකය අද්විතීය අයුරින් ජාතියට දායාද කළ ඩී. ආර්. විජයවර්ධනයනට ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතුය.
          http://www.Sitharana.com
                http://www.Latapatalanka.com
                http://www.Sri lankazone.com

Offline Sithuvili

  • ලංකික
  • Administrator
  • *****
  • Posts: 373
  • ලකුණු: +29/-8
  • Gender: Male
  • හදවතින්ම ලංකික
    • SA Solutions
Re: මුල්යුගයේ
« Reply #2 on: October 05, 2011, 01:03:37 AM »
ජාතික පුවත්පතක මෙහෙවර
ඩී. ආර්. විජේවර්ධන මහතා 1948 පෙබරවාරි 10 වැනිදින ඩේලි නිවුස් පුවත්පතට යොමු කරන ලද ලිපියක පරිවර්තනයකි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව ලත් ජයග්‍රහණ අතින් සමෘද්ධියක් පැවැති සමයේ ස්වයං රාජ්‍යයක් සඳහා වූ අරගලයෙහි යෙදුණු නායකයන් අනුස්මරණය කිරීමත් ඔවුනට බුහුමන් දැක්වීමත් යථා යෝග්‍ය කාර්යයකි. ජෝජ් වෝල් හා චාල්ස් ඇම්බ්‍රෝස් ලෝරන්ස්ගේ කාලයේ පටන් ඩොමිනියන් රාජ්‍ය තත්ත්වය දිනා ගැනීම සඳහා අනායාස අරගලයෙහි යෙදීම නිසා ජනාදරයට පාත්‍රවුණු පොන්නම්බලම් අරුනාචලම්, ජේම්ස් පීරිස්, ඊ. ජේ. සමරවික්‍රම, එෆ්. ආර්. සේනානායක, ඩී. බී. ජයතිලක, ජේ. ඩබ්ලිව්. ද සිල්වා සහ ඊ. ඩබ්ලිව්. පෙරේරා ද, මේ වත්මනේ ඩී. එස්. සේනානායක මහතා ද දක්වා සිටින සියලු නායකයන්ගෙන් ඒ ජාතික අරගලයේ දී ඉටුවුණු අසහාය මෙහෙවර මුළු රටම අනුස්මරණය කැරෙන්නේය. මේ පුරුෂයන්ගේත් ඔවුන් හා උරෙන් උර ගැටී කටයුතු කළ සගයන්ගේත් නම් අපගේ කාලය පිළිබඳ ඉතිහාසයේ කවර පුරාවෘත්තයකදීවත් අමතක නොකැරෙනු ඇත.
තවත් දැඩි බලවේගයක්ද ඒ සමඟම ක්‍රියාත්මක වූයේය. එය නොතිබිණි නම් මේ පුද්ගලයන්ගේ ක්‍රියාවලිය බොහෝ දුරටම අසාර්ථක වන්නට ඉඩ තිබිණි. ස්වයං ශික්ෂණය පිළිබඳව යථාරූපී හැඟීමකින් යුත් පුවත්පත සිය හොරණෑව උච්චතම ස්වරයෙන් හඬ නොනැඟීය. එහෙත් දේශපාලන ප්‍රතිසංස්කරණ සඳහා නැඟුණු උද්ඝෝෂණයේ දී ජාතික පුවත්පත්වලින් ඒ වෙනුවෙන් ඉටුවුණු මෙහෙවර කෙරෙහි රට මේ අවස්ථාවේ දී නිසි අවධානය යොමු කළ යුතුය.
ජෝජ් වෝල් හා පර්ගසන්ස්ලා තමන්ගේ පුවත්පත් මගින් පොදුජන යහපත සඳහා සිය ශක්තිය හා සම්පත් ද උපරිමයෙන් යෙදූ වකවානුව දැන් බොහෝ ඈතට ගමන් කර ඇත. ඔවුන්ගේ කාලයේ දී සංවිධානාත්මක පොදුජන මතයක් නොවූ අතර සියලු බලතල සහිතව එදා පැවැති යටත් විජිත රාජ්‍යයට එරෙහිව සටන් වැදීම සඳහා ඔවුන් පදනම් කොට ගත් කරුණු අවශ්‍යයෙන්ම බෙහෙවින් පටු ඒවා විය.
ඒ කරුණු මත ඔවුහු එදා යම් ගෞරවයක් හා සාර්ථකත්වයක්ද ඇතිව සිය වගකීමෙන් නිදහස් වූහ. එහෙත් එදා ජාතික විඥානය උදාසීනව පැවැතියේය. එය අවුස්සා ක්‍රියාත්මක කළ හැකි බලවේගයක් ඒ වකවානුවේ දී නොවීය.
ශ්‍රීමත් පොන්නම්බලම් අරුණාචලම්ගේ ක්‍රියාවලියේ පුළුල් ප්‍රතිඵලයක් වශයෙන් ජාතික ආත්මය නමැති ගිනිසිළුව දැල්වුණු යුගය එදා උදා වූයේ ඉන් අනතුරුවය. යුග උදාවකට මඟ පාදමින් මේ සදානුස්මරණීය නායකයා මැසොනික් ශාලාවේදී අපගේ දේශපාලන අවශ්‍යතා යන මැයෙන් පැවැත් වූ අසහාය දේශනය නිසා ඔහු බෙහෙවින් ආදරය කළ මේ රටේ ඉතිහාසය වෙනස් කළ බලවේග ක්‍රියාත්මක වූයේය. මේ රැස්වීමේ ක්ෂණික ප්‍රතිඵලය වූයේ “ප්‍රතිසංස්කරණ මණ්ඩලය” බිහිවීමය. “ජාතික සංගමය” ප්‍රතිසංස්කරණ මණ්ඩලයටද කළින් උපත ලබා තිබිණි. මේ සංවිධාන දෙකම එක්වී ජාතික සම්මන්ත්‍රණ පැවැත් වූ අතර “ජාතික කොංග්‍රසය” එළිදුටුවේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.
ලංකාව ස්වාධීනත්වයේ එළිපත්ත වෙත රැගෙන ආ ජාතික ව්‍යාපාරයට පළමුවැනි උත්තේජකය ලැබුණේ ඒ අවස්ථාවේදීය. පොදුජන මතය ප්‍රථම වතාවට එක හඬින් නැඟෙන්නට වූයේ ඒ අවස්ථාවේදීය. “දිනමිණ” හා “ද සිලනීස්” යනාදී මුල් ජාතික පුවත්පත් බිහි වූයේ ඒ අවස්ථාවේදීය.
පැරණි “සිලෝන් ඔබ්සර්වර්” “මෝනිං ලීඩර්” “ටයිම්ස් ඔෆ් සිලෝන්” හා “ඉන්ඩිපෙන්ඩන්ට්” යනාදී පුවත්පත් ඒ වනවිටද ප්‍රකාශයට පත්වෙමින් තිබිණි. ජෝන් පර්ගසන්ගේ අභාවයෙන් පසු “ද ඔබ්සර්වර්” පොදුජන මතයෙන් බැහැර පරිහානියට පත්වූ අතර පසුව එය යුරෝපීය වෙළෙඳුන්ගේ හා වැවිලිකරුවන්ගේ පත්තරය බවට පත්වූයේය.
කාර්යක්ෂම කතුවරයකු යටතේ පැවැතියද “මෝනිං ලීඩර්” පත්‍රය තම දේශපාලනය එක්තරා පිරිසකට සීමා කළේය. ආමන්ඩ් ද සූසා මහතා වැදගත් ප්‍රශ්නවලට ළාමක පෞද්ගලික කීර්තිය අගය කළ අතර පෞද්ගලික ලාභාපේක්ෂා සහිත ස්වාමීවරු බොහෝ දෙනෙක් ද ඔහු වටකරගෙන සිටියහ. එයින් ඔහුට එල්ල වූ පීඩනය, මේ සීමා ඉක්මවා යෑමට ඔහුට නොහැකි තරමට ප්‍රබල විය.
“ද සිලනීස්” පුවත්පත් ක්ෂේත්‍රයට ඇතුළු නොවනතෙක්ම ප්‍රබල ජාතිත ප්‍රතිපත්තියක් සහිත ජාතික පුවත්පතක් ලංකාවට නොතිබිණි. ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් හා කීර්තිමත් අධිනීතිඥයකු වූ හෙක්ටර් ජයවර්ධන මහතාත් පසු කාලයක දී නොසැලෙන ප්‍රතිපත්තිවලින් හෙබි පුද්ගලයකු වූ ප්‍රැන්සිස් ද සොයිසා මහතාත් ඒ පුවත්පත මනාසේ සංස්කරණය කළහ.
රටේ පැවැති දේශපාලන ඌනතා “ද සිලනීස්” මගින් ඍජුව මෙන්ම එඩිතරව ද ප්‍රකාශයට පත් වූ හෙයින් එමඟින් නැඟී ආ පොදු ජන මතය ඒ වටා ඒකරාශී වූයේය. එහෙත් අවාසනාවකට මෙන් පුවත්පතේ ව්‍යාපාරික අංශයේ කළමනාකාරීත්වය දුර්වල වූයෙන් 1917 අවසාන භාගය වන විට එය අසාර්ථකත්වයට පත් වූයේය.
මා ඒ මුද්‍රණාලය ඒ අවුරුද්දේම දෙසැම්බරයේ දී මිලට ගත් අවස්ථාවේ “ද සිලනීස්” පුවත්පතේ හොඳ හිතත් මට ලැබිණි. හුදෙක් ජාතික පුවත් පතක් පවත්වාගෙන යෑම පමණක් නොව රටේ දේශාලන විමුක්තිය සඳහා වූ අරගලය ජයග්‍රහණය කරන තෙක් මෙන්ම ගොඩනැඟිල්ලේ කටයුතු ආරම්භ වන තෙක් එය මෙහෙයවීමද අතින් මා බාර ගත්තේ කොතරම් බරපතළ කාර්යයක්ද යන්න මට අවබෝධ වූයේ එවිටය. එක්තරා ශ්‍රේෂ්ඨ පුද්ගලයකු කීවාක් මෙන් “සංවිධානය කිරීම යනු මිනිසුන්ට නිදහසේ කටයුතු කරන්නට ඉඩහැරීමය.” 1918 ජනවාරි 3 වැනිදා “ඩේලි නිව්ස්” පත්‍රයේ ප්‍රථම කලාපයට විශේෂ පණිවුඩයක් නිකුත් කළ ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් එහි මෙසේ සඳහන් කෙළේය.
“ද ඩේලි නිව්ස්” උපත ලබන්නේ වාසනාවන්ත අවස්ථාවකය. අලුත් බලවේග අප වටා ක්‍රියාත්මක වෙමින් තිබෙන අතර රටට නව යුගයක් උදා වෙමින් තිබේ. ලංකාවට ඇගේ සියලුම දරුවන්ගේ ශක්තිමත් සේවය අත්‍යවශ්‍යව තිබේ. ඒ සඳහා අලුත් පුවත්පත තරම් උද්‍යෝගීමත් වන අන්කිසිවක් නොමැති බවද ඇයට පෙනී යනු ඇතැයි මම විශ්වාස කරමි.
සැබැවින්ම එය අනාගත වක්තෘවරයකුගේ ප්‍රකාශයකි. එය ලියැවුණු දා පටන් මෙතෙක් ගතවී ඇති තිස් අවුරුදු කාලය තුළ ලංකාව සෑම අතින්ම සමාජයීය හා දේශපාලනික වශයෙන් ද ජනතාව තමන්ගේ ඌනතා, බලතල, ජන්ම අයිතිය හා ජාතික උරුමයේ විභූතිය අවබෝධ කරගැනීම අතින්ද පුළුල් ප්‍රගතියක් ලබා සිටින්නීය. රටේ පොදුජන මෙහෙවරෙහි නියුක්ත පුද්ගලයන් මෙන්ම ඔවුන්ගේ ප්‍රතිපත්තිද මැනැවින් දැක ගැනීමටත් නිසිසේ තක්සේරු කිරීමටත් රටේ ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම ඇති හැකියාව කෙමෙන් වර්ධනය වීම මේ ප්‍රගතිය සඳහා බෙහෙවින්ම උපකාරී වී තිබේ. “ඩේලි නිව්ස්” “දිනමිණ” “සිළුමිණ” හා (සහෝදර පුවත්පතක් බවට පත්වීමෙන් පසු “සිලෝන් ඔබ්සර්වර්” යන පුවත්පත් මගින් අචලව ප්‍රකාශයට පත් කැරුණු ප්‍රතිපත්ති එකී නව ප්‍රවණතාව හැඩ ගැස්වීමෙහිලා කොතරම්දුරට හේතුකාරක වූයේද යන්න ජනතාවටම නිශ්චය කරගත හැක.
තෑග්ගක් හෝ වරමක් වශයෙන් නොව අන්සතු නොකළ හැකි අයිතියක් වශයෙන් ලංකාවේ ජනතාවට ස්වරාජ්‍යය ලබාදිය යුතු යැයි ප්‍රකාශ කළ “ඩේලි නිව්ස්” පත්‍රය සිය සේවයේ සමාරම්භයේ සිටම ඒ සඳහා සටන් වැදුණේය. ටිකෙන් ටික දෙන සහනවලින් සෑහීමට පත් වීමටද එය සූදානම් නොවූයේය.
මැනිං ප්‍රතිසංස්කරණ යෝජනාවල මසුරුකම හෙළාදුටු මේ පුවත්පත 1924 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අඩුපාඩුකම් විවේචනයට ලක්කළ අතරම එය ලංකා ජනතාවගේ වැඩෙන දේශපාලන බුද්ධියට කළ සමච්චලයක් බවද ප්‍රකාශ කළේය.
ඩොනමෝර් ආණ්ඩුක්‍රමය ස්ථාපිත වුණු අවස්ථාවේ දී ඊටද උරුම වී තිබුණු අඩුපාඩුකම් ඉන් ඉවත් කරන ලෙස ඉල්ලා “ඩේලි නිව්ස්” පුවත්පත යළිත් සිය උද්ඝෝෂණය ආරම්භ කෙළේය. වගකිවයුතු රජයක මෙවලමක් වශයෙන් ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි සුළු ලිබරල් ලක්ෂණ තිබුණු නමුත් එහි ඇතුළත්ව තිබුණු “කාරක සභා ක්‍රමය” සේ නිෂ්ඵලතාව ඒ අඩුපාඩුකම් අතර කැපී පෙනෙන්නක් බව “ඩේලි නිව්ස්” පත්‍රය ප්‍රකාශ කෙළේය. ඇමැති මණ්ඩලයක් වෙත පැවැරෙන වගකීම් සහිත පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් ඉල්ලා “ඩේලි නිව්ස්” පත්‍රය අඛණ්ඩ උද්ඝෝෂණයක හා අනායාස ප්‍රයත්නයක නිරත වූයේය. දිවයිනේ පරිපාලනය කෙරෙහි යොමු කරගත් තියුණු ඇස් ඇතිව වැරදි හා අකටයුතුකම් බියක් හෝ බැඳීමක් නොමැතිව ප්‍රතික්ෂේප කළ ඩේලි නිව්ස් පත්‍රය වැදගත්ම කරුණ එනම් තමන්ගේ කටයුතු පාලනය කර ගැනීමට ලංකාවේ ජනතාවට ඇති අයිතිය කෙරෙහිද නෙත්සිත් යොමු නොකර සිටියේ නොවේ.
එවන් පිළිවෙතක් අනුගමනය කරද්දී පුවත්පතට සතුරන් ඇතිවීම වැළැක්විය හැකි නොවීය. විසි වසරක් රාජ්‍ය පාලනයේ නිලධාරීවාදයට පුවත්පතෙන් නිර්දය ලෙස පහර වදිද්දී එතෙක් පත්‍රයට ලැබුණු රාජ්‍ය දැන්වීම් නතර කිරීමෙන් එයින් පළිගැනීමටත් ඒ සමඟම පත්තරයට කෙනිත්තීමටත් රජය පියවර ගත්තේය. පාඩු විඳගෙන පත්‍රයක් පවත්වාගෙන යා හැකි නොවුණත් හුදෙක් මුදල්මය ප්‍රතිලාභයම තකා නොව ප්‍රතිපත්තියක පිහිටා සිටි මේ පත්‍රයට ඒ ප්‍රතික්‍රියාව එතරම් දෙයක් නොවීය. රජයේ මේ ළාමක ක්‍රියාවට මන්ත්‍රී මණ්ඩලයෙහිදී ප්‍රශ්න කැරුණු අතර දැන්වීම් පළකරවා ගැනීම සඳහා යළිත් “ඩේලි නිව්ස්” සොයා එන්නට රජයට සිදුවිය.
“ඩේලි නිව්ස්” ප්‍රකාශයට පත් වූ විට එය ඇතැමුන්ගේ භීතියට හේතු වූයෙන් ඔවුහු ඊට එරෙහිව නොයෙක් බොරු කතා පතළ කරන්නට පටන් ගත්හ. සුළු ජාතීන් රහසිගතව ඩව්නිං වීදියට යැවූ සන්දේශය පිළිබඳ කතාව එවැන්නකි. ඊට කැමැති නොවූ කුමන්ත්‍රණකරුවෝ එය අනාවරණය කළහ.
එසේවුවද නිල අනුග්‍රහය පතා කාගේවත් පස්සෙන් යන්නට හෝ පාක්ෂික කල්ලි සමඟ පෙම් කෙළින්නට හෝ “ඩේලි නිව්ස්” සූදානම් නොවීය.
එවැනි කිසිදු අරමුණක් ඊට නොතිබුණු හෙයින් පුවත්පතේ අයිතිකරුවන්ගේ දේශපාලන අපේක්ෂාවලට තල්ලුවක් දීමේ අවශ්‍යතාවක්ද “ඩේලි නිව්ස්” පත්‍රයට නොතිබුණේ ඒ අයිතිකරුවනට එවැනි අපේක්ෂා නොතිබුණු හෙයිනි. පුවත්පතේ මෙහෙවර වූයේ එහි මං තීරුව වූයේ පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් ජාතීන් අතර ලෝක ජනතාව අතර නිදහස් හා සමාන මිනිසුන් වශයෙන් හැසිරීම ලක්වැසි ජනතාවටද ගැති වනසේ ඔවුනට දේශපාලන විමුක්තිය අස්සන් කරදීමය.
රටට සිදුකළ සේවය පිළිබඳ වාර්තාව නිසාත් ලංකාව දැන් ලබාගෙන ඇති ස්වාධීනත්වය වෙනුවෙන් පිරිනැමුණු දායකත්වය නිසාත් “ඩේලි නිව්ස්” පත්‍රයට හිමිවී තිබෙන ආඩම්බරය ගැන ඊට ඊර්ෂ්‍යා කරන්නට කාට හෝ පුළුවන්ද?
          http://www.Sitharana.com
                http://www.Latapatalanka.com
                http://www.Sri lankazone.com

Offline Sithuvili

  • ලංකික
  • Administrator
  • *****
  • Posts: 373
  • ලකුණු: +29/-8
  • Gender: Male
  • හදවතින්ම ලංකික
    • SA Solutions
මුල්යුගයේ
« Reply #1 on: October 05, 2011, 01:01:30 AM »
සිරිලක ලිබරල් අරගලයේ මහ මොළකරු

අපේ දේශපාලන ඉතිහාසය දෙස බලනවිට පෙනීයන්නේ මුල්යුගයේ දේශපාලනඥයන් මෙන්ම දේශපාලනයට සම්බන්ධ බොහෝ දෙනෙක් බ්‍රිතාන්‍ය අධ්‍යාපනය ලැබූ අය බවයි. තවත් අය බ්‍රිතාන්‍යයේ නොවුණත් යුරෝපයේ වෙනත් රටවල අධ්‍යාපනය ලැබුවන්ය. මේ කාරණය දක්ෂිණාංශික මෙන්ම වාමාංශික දේශපාලනයටද අදාළය.
මෙහිදී ඉංග්‍රීසි ලෝකයේ තත්කාලීන මතාවදය කුමක්ද යන්න විග්‍රහ කළ යුතුය. එංගලන්තයේ තත්කාලීන දේශපාලන ප්‍රවාහයන් දෙකක් තිබිණි. එකක් කොන්සර්වෙටිව් හෙවත් ප්‍රතිගාමී නැත්නම් ප්‍රතිසංස්කරණවාදී අදහස් දරණ කණ්ඩායමයි. බොහෝවිට එරට ආණ්ඩු පිහිටුවූයේ මේ කණ්ඩායමේ කොන්සර්වෙටිව් වාදීන්ගේ ආදර්ශවත් නායකයා ලෙස ඩිස්රේලි හැඳින්විය හැකියි.
මෙහිදී ප්‍රතිගාමී යනුවෙන් අදහස් කෙරෙන්නේ අපේ ශබ්දකෝෂයේ එම තේරුම දෙන අදහස නොවේ. මන්ද යත් ඔවුන් වඩාත් පෙනී සිටියේ අධිරාජ්‍යවාදය රැකගැනීම සඳහා එම ක්‍රමයේ අභිවෘද්ධිය වෙනුවෙන් බැවිනි. මීට ප්‍රතිවිරුද්ධ කණ්ඩායම ලිබරල්වාදීන්ය ඔවුන්ගේ ආදර්ශවත් නායකයා ග්ලැඩ්ස්ටන්ය. මෙම අදහස් ප්‍රවාහයන් අතර ද්වන්ධ සටන එංගලන්තය තුළ බොහෝවිට නිරූපණය වූයේ ඩිස්රේලි සහ ග්ලැඩ්ස්ටන් අතර මතවාදීමය අරගලය තුළිනි.
ලිබරල්වාදීන් බලයට පැමිණියේ “නිදහස් ආර්ථිකයක්” ගැන කතා කරමිනි. එවක තිරිඟු නීතිය Corn Law යනුවෙන් නීතියක්ද විය. එම නීතිය වඩා පුළුල් කර විවිධ භාණ්ඩ අපනයනය කිරීම සඳහා ද ඔවුහු පියවර ගත්හ. එවක තිබූ අදහස්වලට අනුව ලිබරල්වාදීන් හඳුනා ගැනුණේ ප්‍රගතිශීලීන් වශයෙනි. ප්‍රංශ විප්ලවයේදී ප්‍රතිගාමී පිල එය විවේචනය කළ අතර එංගලන්තයට තර්ජනයක් ලෙස ඔවුන් එවැනි මතයක් දැරිය. නමුත් ලිබරල් පිල එය මනුෂ්‍ය හරයන්ගේ විකාශනයක් ලෙස පිළිගත්තේය.
මෙම වකවානුවේ විදේශයන් හි අධ්‍යාපනයට යොමු වූයේ නැඟී එන ධනෙශ්වර පංතියට අයත් පවුල්වල දරුවන්ය. ඊට අමතරව ශිෂ්‍යත්ව ලබා ගිය කොටසක්ද විය. කෙසේ නමුත් මේ බොහොමයක් දෙනා ඇදී ගියේ ලිබරල්වාදීන් වෙතටය. ඉතිහාසයේ එම යුගයේ දී ඔවුන් හඳුනාගත හැක්කේ ප්‍රගතිශීලීන් වශයෙනි. වහල්භාවය නැතිකිරීම, යටත්විජිත කොලණිවල තව තවත් ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ ඉස්මතුකිරීම, ආගම සහ පාලනය දුරස්ථ කිරීම වැනි ප්‍රගතිශීලී වුණමනාවන් වෙනුවෙන් ඔවුහු පෙනීසටියහ. මේ කාරණාවලදී විශාල බුද්ධිමය මැදිහත්වීමක්ද ඔවුන්ගෙන් සිදුවිය.
ඩී.ආර්. විජයවර්ධන තරුණයාද මෙම වකවානුවේ කේම්බ්‍රිජ් සරසවියෙන් පිටවී ලන්ඩන් නුවර ලිබරල්වාදී කණ්ඩායම සමඟ සමීපව කටයුතු කරමින් එම අදහස් මත පිහිටා ක්‍රියාකරන්නට වූයේය. එනම් විජයවර්ධනද ප්‍රතිසංස්කරණ වාදියෙකි.
ඔහු ලංකාවට පැමිණියේ මෙම අදහස් වලින් පෝෂණය වීමෙන් පසුවය. මෙරටදී ප්‍රතිසංස්කරණවාදීන්ගේ ප්‍රධාන ඉල්ලීම වූයේ අපේ රටේ ජනතාවට වැඩි වැඩියෙන් පාලන තන්ත්‍රය තුළ නියෝජනයක් ලබාදෙන ලෙසයි. දේශපාලන වශයෙන් ස්වදේශීය ජනයාට වැඩි තැනක් ලබාදීම සහ පරිපාලනමය තන්ත්‍රයේද දේශීය ජනයාට වැඩි ඉඩක් ලබා දීම යන අංශ දෙකම එම ඉල්ලීමට ඇතුළත් විය.
සර්වජන ඡන්ද බලය ලබාගැනීම ආදී ඉල්ලීම් එවක ඇතිවී තිබුණේ නැත. ස්වදේශීය ජනයාට වැඩි නියෝජනයක් හා වැඩි අවස්ථා ලබාගැනීම සඳහා ප්‍රතිසංස්කරණවාදීන් සමඟ රාජ්‍ය අංශයට ඇතුළත් නොවන වෙළෙඳ ප්‍රජාව වැවිලි හිමියන් මෙහි සිටි බ්‍රිතාන්‍ය හා බර්ගර් ජාතික නීතිඥයන් ආදී විවිධ පිරිස් එක්ව ක්‍රියාකළහ. ශ්‍රීමත් ජේම්ස් පීරිස් ඊට නායකත්වය ලබා දුන්නේය.
එවක මෙරට පැවැති බ්‍රිතාන්‍ය පාලනය බොහෝදුරට නිලධාරී තන්ත්‍රයේ අණසක යටතේ වූ පාලනයකි. ප්‍රධාන ලේකම්, මුදල් ලේකම් සහ අභ්‍යන්තර කටයුතු පිළිබඳ ලේකම් යන අය පර්පාලනයේ ඉහළ තලය නියෝජනය කළේය. විධායකයට මෙන්ම නිලවශයෙන් ව්‍යවස්ථාදායකයටද බෙහෝදුරට පත්වූයේ සුදු ජාතිකයන්ය. මේ තත්ත්වය තුළ ස්වදේශීය ජනයාට අවස්ථා අහිමිව තිබීම ප්‍රතිසංස්කරණවාදීන් ගෙනගිය සටනට හේතුවිය.
මේ සටනට නායක්තවය දුන් චරිතයක් ලෙසද ඩී. ආර්. විජයවර්ධන මැතිතුමා ගැන සඳහන් කළ යුතුය. එවක ලංකා ව්‍යවස්ථාදායක මණ්ඩලයේ පටන් සෝල්බරි කොමිෂම දක්වා දේශීය නියෝජිතත්වය වැඩිකර ගැනීම වෙනුවෙන් විජයවර්ධන මැතිතුමා නායකත්වය ලබා දී ක්‍රියා කළේය.
ලංකා ජාතික කොංග්‍රසය, එක්සත් ජාතික පක්ෂය සහ සිංහල මහා සභාව එහිදී එම ප්‍රවණතාව නියෝජනය කළේය. අඩු වැඩි වශයෙන් මේ තුන්ගොල්ලම ඉල්ලා සිටියේ මේ රටට ආසන ක්‍රමයක් තුළින් හෝ වැඩි දේශීය නියෝජනයක් ලැබිය යුතු බවයි. එම අවස්ථාවේ ඔවුහු ස්වෛරීබලය ලබාදෙන මෙන් ඉල්ලා නොසිටියහ.
      එෆ්.එච්.එම්.කෝබට්
නමුත් මෙම අරගලයට හඬක් තිබුණේ නැත. එවක ඉන්දියාවේ තත්ත්වයද මීට සමානය. ජවහර්ලාල් නේරු, මොතිලාල් නේරු, ආදීන්ගෙන් සැදුම්ලත් නේරු පවුල ද එංගලන්තයේ උසස් අධ්‍යාපනය හැදෑරීමෙන් පසු ඉන්දියාවට පැමිණ ප්‍රතිසංස්කරණවාදී අදහස් මත පිහිටා ක්‍රියා කරන්නට විය. ජවහර්ලාල් නේරුගේ විශේෂත්වය වන්නේ ඔහු ප්‍රතිසංස්කරණවාදයෙන් ඔබ්බට යමින් සාමකාමී සමාජවාදය සඳහා පෙනීසිටීමයි.
ඔවුහු බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය සමඟ සමීපව ක්‍රියාකරමින් එහි බුද්ධිමය ආභාෂයද ලැබුහ. නේරුට මෙන්ම විජයවර්ධනටද මුහුණ දීමට සිදුවූ ප්‍රශ්නයක් වූයේ මෙම පණිවිඩය ජනතාව වෙතට රැගෙන යාමට වාහනයක් නොතිබීමයි. එවක රූපවාහිනී - ගුවන්විදුලි ආදී මාධ්‍ය අද මෙන් නොතිබියා සේම විශාල රැස්වීම්ද එතරම් ප්‍රචලිත වූයේ නැත.
ඉන්දියාවේදී නේරු සිය පණිවිඩය ගෙන ගියේ ‘අලහබාද්’ නිව්ස්” පුවත්පත තුළිනි. ගාන්ධිට ද පුවත්පතක් තිබිණි. තවත් ප්‍රාදේශීය පුවත්පත් ද විය. ලංකාවේදී නැඟී එන ප්‍රතිසංස්කරණවාදී අදහස් ප්‍රචලිත කිරීම සඳහා අවශ්‍ය වාහකය සපයා දුන්නේ ඩී. ආර්. විජයවර්ධනයි. එම වාහකය ‘ලේක්හවුස්’ ‘හෙවත්’ ‘බේරෙ ගෙදරයි’ ඔහු එය ගොඩනැගුවේ ව්‍යාපාරික ඥානයෙන් මෙන්ම දේශපාලන වුවමනාවකින්ද යුතුවයි. ලේක්හවුසිය ගොඩනැගීම මෙරට ආර්ථික, දේශපාලන – සාමාජයීය සන්ධිස්ථානයකි .
ලේක්හවුසිය ගොඩනගන විට විජයවර්ධනට ඉතා අහිමිරි අත්දැකීම්ද විය. දේශීය ධනපතියන්ට ප්‍රාග්ධනය නොතිබීම ඉන් ප්‍රධානයි. ප්‍රාග්ධනය ලබාගත නොහැකිව කිසිවක් කිරීම අසීරුය. විජයවර්ධන පවුල සේදවත්ත කේන්ද්‍රකර ගනිමින් ගොඩනැගුණේ මුලදී සාමාන්‍ය පවුලක් වශයෙනි. කැලණි ගඟ දිගේ පාකර එවූ ලී ගොඩ බෑවේ සේදවත්තෙනි. වැලි , ගඩොල් ආදී ව්‍යාපාර ද එහි තිබිණි.
කොළඹට අවැසි යටිතල සේවා පහසුකම් සැපයුවේද සේදවත්තෙනි. ඩී. ආර්.විජයවර්ධන මැතිතුමාගේ පියා එම පහසුකම් ලබාදුන්නේය. විජයවර්ධන පවුලේ නිවස ගොඩ නැඟුණේ සේදවත්තේයි. ශීඝ්‍රයෙන් නැගී එන කොළඹ නගරයට සේදවත්ත කේන්ද්‍රස්ථානයක් විය.
ඒ කොළඹ අලුතෙන් මාර්ග කම්හල් නිවාස ආදිය ඉදිවෙමින් තිබූ වකවානුවයි. ඊට අවශ්‍ය සේවාවන් යටිතල පහසුකම් සැපයුණේ සේදවත්තෙනි. මේ සියල්ලෙන් විජයවර්ධන පවුල වෙත ධනය ගලා ආවේය. ඉදිකිරීම් ආදී කර්මාන්ත වලින් උපයාගත් ධනය යොදවා කොළඹ නගරයේ ඉඩකඩම් රැසක් මිලදීගත් විජයවර්ධන පවුල සිය ව්‍යාපාර ඒ මත ගොඩනැගීය.
විජයවර්ධන මහතා මෙහිදී ප්‍රායෝගිකව අවබෝධ කරගත් ප්‍රධාන කාරණයක් විය. ඒ දේශීය ධනපතියන්ට ප්‍රාග්ධනය නොලැබීම පිළිබඳ කාරණයයි. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී බැංකු ඔවුන් වෙත ණය ලබාදීමෙන් වැළකිණි. ලාංකිකයන් ණය ගත යුතු වූයේ සරප්වරු Shroff හරහායි. සරප්වරු බැංකුවලින් ණය ලබාගත් අතර ඔවුන් වෙතින් ණය ගැනීමට ලාංකික ව්‍යාපාරිකයන්ට සිදුවිය.
මේ ණය ගැනීමට සිදුවූයේද වැඩි පොළියටයි. එසේ නැත්නම් ණය ගැනීමට බායියන් ළඟට යායුතු විය. විජයවර්ධන මැතිතුමාටද බායියන්ගෙන් මුදල් ගැනීමට සිදුවිණි. මෙහිදී බොහෝ දෙනෙකු අමතක කරන විශේෂ කාරණයක් ගැන සඳහන් කළ යුතුය. එනම් ලේක්හවුසිය, දේශීය බැංකුවක් සඳහා විශාල අරගලයක්, ගෙනගිය බවයි. අද ජාතියේ පහන්ටැඹ යනුවෙන් හැඳින්වෙන ලංකා බැංකුව ආරම්භවූයේ පුද්ගලික අංශය ගෙනගිය එම අරගලය තුළිනි.
බැංකු කොමිෂමක් ඇතිකිරීමෙන් එය ගොඩනඟා ගැනීම සඳහා ලේක්හවුසිය විශාල කාර්ය භාරයක් කළාය. ශ්‍රීමත් ආතර් සිල්වා ගේ සභාපතිත්වයෙන් යුතු වූ බැංකු කොමිෂම දේශීය ව්‍යාපාරිකයන්ගේ ප්‍රධාන ආයුධ වූ ලංකා බැංකුව ඇතිකිරීමට නිර්දේශ කළේ මෙම අරගලයේ ප්‍රතිඵලයක් ලෙසයි.
ලංකා බැංකුව රාජ්‍ය බැංකුවක් බවට පත්වූයේ පසුකාලීනවයි. දේශීය බැංකුවක් ඇතිකිරීම සදහා වූ නිර්දේශයන් සුදුපාලකයන්ගේ ප්‍රසාදයට හේතු වූයේ නැත. එහෙත්, කොමිෂමේ නිර්දේශයන් පිළිබඳ ලේක්හවුස් පුවත්පත්වල පළවීම නිසා අධිරාජ්‍යවාදීන්ට එවැනි බැංකුවක් සඳහා ඉඩදීමට සිදුවිය. සරප්වරුන් හා බායියන්ගෙන් ණය ගන්නා ක්‍රමය සම්පූර්ණයෙන් වෙනස්වූයේ ලංකාබැංකුව ඇතිවීමත් සමඟයි.
දේශීය ව්‍යාපාරිකයන් සඳහා බැංකුවක් ඇති කිරීමට ඩී. ආර්. විජයවර්ධන මැතිතුමාගෙන් වූ සේවය අගය කළ යුතුයි. දේශපාලනිකව ඔහු කෙරෙහි එල්ල වන විවේචන බැහැර කරතොත් ඔහු ආර්ථික ක්ෂේත්‍රයේ ප්‍රගමනය සඳහා කර ඇත්තේ විශේෂී මෙහෙවරකි.
ප්‍රතිසංස්කරණවාදීන්ගේ තවත් ලක්ෂණයක් වූයේ අධ්‍යාපනය ව්‍යාප්ත කිරීමයි. විශේෂයෙන් උසස් අධ්‍යාපනය ප්‍රචලිත කිරීමට ඔවුහු වෑයමක් කළහ. එම වකවානුවේ මෙරටට නේවාසික විශ්වවිද්‍යාලයක් අවශ්‍ය ද ? නැද්ද ? යන්න අරබයා විශාල මතගැටුමක් තිබිණි.
මේ ගැටුම ඔස්සේ රට මත දෙකකට බෙදිණි. ඩී. ආර්. විජයවර්ධන මහතා සිය පුවත්පත් පාවිච්චි කරමින් දැඩි ලෙස කියාසිටියේ මෙරටට නේවාසික විශ්වවිද්‍යාලයක් අවශ්‍ය බවයි. එවිට තවත් මතගැටුමක් ඇතිවිය. ඒ, නේවාසික විශ්වවිද්‍යාලයක් අවශ්‍ය නම් එය ඇතිකළ යුත්තේ කොහේද යන්න ගැනයි.
සමහරු එය දුම්බර මිටියාවතේ (පොල්ගොල්ල ප්‍රදේශයේ) ඇතිකළ යුතු යැයි කී අතර තවත් සමහරු එය පේරාදෙණියේ ඇතිකළ යුතුයැයි කීහ. වාමාංශිකයන්ගේ අදහස වූයේ නේවාසික විශශ්වවිද්‍යාලයක් අවශ්‍ය නොවන බවයි. අවසානයේ පේරාදෙණියේ නේවාසික විශ්වවිද්‍යාලයක් පිහිටුවීම පිළිබඳ මතය වෙනුවෙන් විජයවර්ධන මහතා දැඩි ලෙස පෙනී සිටියේය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලය බිහිවන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. ශ්‍රීමත් ඩී.බී. ජයතිලක, අරුණාචලම්, රාමනාදන්, අක්බාර්, මාකස් ප්‍රනාන්දු ආදී විජයවර්ධන මහතා සමඟ එම මතයේ සිටි සමකාලීනයන් සිරිකිරීම් වස් පේරාදෙණියේ නේවාසිකාගාර එම නම්වලින් නම් වී තිබේ. එපමණක් නොව විජයවර්ධන සිය පුද්ගලික ධනයද විශ්වවිද්‍යාලය සඳහා යෙදවීය. එහි සංඝාරාමය (විජයවර්ධන සංඝාරාමය) ඉදිවූයේ ඔහුගේ පුද්ගලික ධන පරිත්‍යාගයෙනි.
විජයවර්ධන මැතිතුමාගේ අනෙක් ක්ෂේත්‍රයක් ලෙස මා දකින්නේ දේශපාලනයයි. බොහෝ දෙනා ඔහු පිළිබඳ කතාකරන්නේ දේශපාලනය සම්බන්ධ කරගනිමිනි. විජයවර්ධන මැතිතුමා ලංකා ජාතික කොන්ග්‍රසයටත් පසුව එක්සත් ජාතික පක්ෂයටත් දැඩි ලෙස සහාය දැක්වීය. එවකට එජාපයට එරෙහිව තිබුණේ මාක්ස්වාදී පක්ෂ පමණක් නිසා ඔහුගේ එම ක්‍රියා පිළිවෙත තේරුම් ගැනීම දුෂ්කර නැත. එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාද එවක සිටියේ එජාපයට සම්බන්ධවයි. දැන් බොහෝ දෙනෙක් නොදන්නා කාරණයක් නම් එජාපය එවක සන්ධානයක් වූ බවයි. විවිධ පක්ෂ කිහිපයක් එක්ව එය එක්සත් ජාතික පක්ෂය ලෙස හැඳින්විණි.
ජාතීන් හැටියට ද අප බෙදී සිටි නිසා භූමිය මත පදනම් වූ ආසන ක්‍රමයකට යා නොහැකි බව බ්‍රිතාන්‍යයන්ගේ අදහස විය. එහිදී දේශීය නායකයන්ට, විශේෂයෙන් විජයවර්ධනට පෙන්වීමට අවශ්‍ය වූයේ රට තුළ විවිධ ජනකොටස් සිටියද ඔවුන් සාමූහිකව මැතිවරණයට ඉදිරිපත්වන බවයි. ඒ සඳහා එවක තිබූ වාර්ගිකත්වය මුල්කරගත් දේශපාලන පක්ෂ එක්සත් ජාතික පක්ෂය යටතේ ඒකාරාශී කිරීමට ඔවුහු ක්‍රියා කළහ.
ජාතික කොන්ග්‍රසයෙන් ඩී.එස්.සේනානායක, ඩඩ්ලි සේනානායක, ජේ.ආර්.ජයවර්ධන ආදීන් ඊට එක්විය. බණ්ඩාරනායක සමඟ සිංහල මහා සභාවද ඊට එක් කර ගැනිණ. කලීල් ආදීන් සමඟ ලංකා මුස්ලිම් කොන්ග්‍රසයද ඊට එක්විය. ද්‍රවිඩ සංගමයද එකතු කරගන්නා ලදී. එක්සත් ජාතික පක්ෂය නිර්මාණය වූයේ මේ සියල්ල එක්වීමෙනි. මෙලෙස බිහිකරගත් දරුවා තවදුරටත් ජීවත්විය යුතු ද යන්න තීරණය කිරීමට සිදුවූයේ 1947 දීය.
මේ වනවිට දෙවන ලෝක යුද්ධය නිමාව දැක තිබිණි. ඇට්ලිට ඉන්දියාවට පැමිණ නිදහස ලබාදීමට සිදුවිය. අධිරාජ්‍ය විරෝධී හැඟීම් උත්සන්න වෙමින් පැවතිණි. බ්‍රිතාන්‍යයේ චර්චිල් පරදවා කම්කරු පක්ෂය බලයට පත්විය. එම දේශපාලන සන්දර්භය තුළ විජයවර්ධනට විශේෂයෙන් වුවමනා වූයේ එක්සත් ජාතික පක්ෂය බලයට ගෙන ඒමටයි.
මෙම ව්‍යාපෘතියේ මහමොළකාරයා විජයවර්ධනය. බ්‍රිතාන්‍යයන්ගේ තර්කය බිඳ දැමීමට ඔහුට හැකිවිය. මෙම ව්‍යාපෘතියට තර්ජනයක් ආවේ මාක්ස්වාදීන් සහ රැඩිකල් රැල්ලෙනි. එහිදී ඔහු සිය පුවත්පත පාවිච්චි කළේය. මේ නිසාම ඔහු මාක්ස්වාදීන්ගේ වෛරයට භාජන විය.
1947 දී ලේක්හවුසිය දැඩි ලෙස එජාපය වෙනුවෙන් පෙනී නොසිටියේ නම් සමහරවිට ඩී.එස්. සේනානායක මහතා අගමැති නොවීමටත් ඉඩ තිබිණි’ ඒ අවස්ථාවේ ඔහුට ආණ්ඩුවක් පිහිටුවීමට හැකිවූයේ ස්වාධීන අයගේ සහාය ලබාගැනීමෙනි. එජාපයට තනි බලයක් ගොඩ නැගී තිබුණේ නැත. මෙහිදී බණ්ඩාරනායක මහතා සේනානායක මහතා සමඟ හිඳිමින් මාක්ස්වාදීන්ට පහර ගැසූ බව අප අමතක කළ යුතු නැත.
කෙසේ වුවද ඉන් පසු ඇතිවූ යුගයේ ද කොතලාවල , ඩඩ්ලි ගැටුම තුළ ලේක්හවුසිය ඩඩ්ලි වෙනුවෙන් පෙනීසිටි අතර කොතලාවලට ප්‍රහාර එල්ල කළේය. ලේක්හවුසිය එහිදී පෙනී සිටියේ ඩී.එස්. චින්තනය ඉදිරියට ගෙනයාම වෙනුවෙනි. ලේක්හවුසිය රජයට පවරාගතයුතු බවට දැඩි උද්ඝෝෂණයක් නිර්මාණය වූයේද මෙම පසුබිම තුළය.
ඩී.ආර්.විජයවර්ධන මැතිතුමාගේ චරිතයේ එම පුළුල් භූමිකා අනුව පැහැදිළිව පෙනීයන්නේ ඔහු මෙරට ජාතික ව්‍යාපාරයේ පුරෝගාමී චරිතයක් වූ බවයි.
ආචාර්ය සරත් අමුණුගම
          http://www.Sitharana.com
                http://www.Latapatalanka.com
                http://www.Sri lankazone.com

SithArana.com Community Forum

« on: »