Author Topic: - Lejja wenna ona menna me wage sidu wim walatay minisune -  (Read 403 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline Sithuvili

  • ලංකික
  • Administrator
  • *****
  • Posts: 373
  • ලකුණු: +29/-8
  • Gender: Male
  • හදවතින්ම ලංකික
    • SA Solutions
- Lejja wenna ona menna me wage sidu wim walatay minisune -
« Reply #1 on: May 23, 2010, 12:20:24 AM »
රණවිරුවෙකුගේ දිනපොතේ පිටුවක් ...

18 මැයි 2010, අඟහරුවාදා.

අද මට හදිස්සියේම පානදුර යන්න උනා මගේ යාලුවෙක් හමුවෙන්න,
මම කොටුවෙන් පානදුර බලා යන බස් එකකට ගොඩ උනා.සෙනග හුගාක් හිටිය නිසාවාඩිවෙන්න ඉඩක් තිබ්බෙ නැහැ.ඒත් වෙලාව මදි නිසාත්,දහදිය වර්ෂාව නිසාත් මමමේ බස් එකේම යනවා කියල හිතුවා.රියදුරා බස් රථය පදවන ගමන්ම රේඩියෝවේ ශබ්දයවැඩි කළා,එහි ඇසෙන්නේ සුනිල් එදිරිසිංහ මහත්මයා ගැයූ රනමලක් ලෙස කියනගීතය,හිතට ලොකු සතුටු ආවේගයක් අභිමානයක් ආවා එම ගීතය අහනකොට,හේතුව මමත්කාලයක් මගේ මව්බිම වෙනුවෙන් යුධ පිටියට ගිය රණවිරුවෙක් නිසා,මට ලොකුආඩම්බරයක් දැනුනා. අපේ ජනතාව අපි ගැන කොච්චර ආඩම්බර වෙනවද කියල.මොහොතින්මොහොත කොන්දොස්තර කොල්ලා කෑ ගහනවා
"කට්ටිය ඔහොම යන් ඉස්සරහට ඉස්සරහට ..". යන්න ඕන කම තිබුනත් මට යන්න බැරිවුනා ඒ මගේ ආබාධය නිසා.
බස් රථය කෙමෙන් කෙමෙන් ඇදුනා .කොල්ලුපිටිය ලඟට බස් රථය එනවිට මට වේදනාවතවත් දරාගැනීමට බැරි උනා ,මාගේ පා ආබාධය හුගාක් රිදුම් දීමට පටන් ගත්තා.මම ළඟ උන් කෙනෙක්ට හෙමීට කොදුරලා ",මම ඉස්සර forces හිටියේ අයියේ, මටකකුලේ ආබාධයක් තියෙනවා ,පොඩ්ඩක් මට වැඩිවෙන්න ඉඩ දෙන්න " කියලා ...ඔහුනිශ්ශබ්ධයි.මම අනෙක් අතට හැරුනා, ..එක කාන්තාවක් එහි වුනා..ඇයගෙන් ද මමඇහුවා "අපිත් අමාරුවෙන් අල්ලගත්තේ" මම හුගාක් අසරණ උනා..හේතුව මම කාටවත්කරදර කරන්නට උත්සාහ කලේ නෑ ,මට තිබු වේදනාව නිසා එහෙම ඇහුවේ.

දැන් වේදනාව දැනෙන්නේ පයට නොව හිතටයි.මොවුන් වෙනුවෙන් මම මගේ පවුලෙන් ඈත්වී,ඒ රුධුරු යුධ බිමේ අපගේ ජීවිතය ඇපයට තබා සටන් කලේ කිසිවක්
බලාපොරොත්තුවෙන් නොවේ. නොදිදා ගත කල රාත්‍රී ,අවිගත් දෑත් නොදුටුමහන්සිය,පතුරන් වලට බිය නොවූ එඩිතර පෙර ගමන මේ සියල්ල අප ඉටු කලේ, අප මෙහිපැමිණියේ අප ජනතාවගේ නිදහස වෙනුවෙන් .. . සැවොම මාගේමවක්,පියෙක්,සහෝදරයෙක්,සහෝදරියෙක්,පුතෙක් දුවෙක් . කොහොම නමුත් මේසිතුවිලි තුලින් මගේ වේදනාව මට තුරන් වී ගොස් තිබුණා..මොහොතකින් මා පිටතපරිසරයට නෙත් යොමු කලා..බසය පානදුර නගරයට ලගා වෙලා..මාගේ නැවතුම්පලට තරමක්දුර වුනා..මාගේ මෙම සිද්ධිය බලා සිටි අයද බොහොමයක් ,මා හට උසුළු විසුළු කලතරුණයින් පිරිසක්ද ඒ අතර සිටියා
.බසයෙන් නික්මයාමට පෙර ඔවුන් සියලු දෙනාටම මාගේ සිතට දැනුනු   දෙය කියන්නට මට ඕන උනා.

මම ඒ පුද්ගලයා දිහා බැලුවා " අයියේ, දෙවියෝ ආයෙත් මට මගේ නැතිවුණ කකුල දුන්නොත් , මම ආයෙමත් ඔයාල වෙනුවෙන් රණ බිමට යනවා"

ඒක අහගෙන හිටිය අය,එයාලගේ හිස් පහතට නමා ගත්තා. 

හෙමින් පඩි පෙලින් බැසගත් මා දැඩි හුස්මක් හෙලුනෙන් ..ඉදිරියට ගමන් කලේයුධ පිටියේ අහිමි වූ මාගේ පාදය නිසා ඇතිවන ශෝකය පසෙකට තබා කුරිරුත්‍රස්තවාදය තුරන් කල පසු නිදහසේ ගමන් කරන ඔවුන්ගේ සිනහවේ ඡායාව මගේ සිතේරදවා ගනිමින්


අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදි.
          http://www.Sitharana.com
                http://www.Latapatalanka.com
                http://www.Sri lankazone.com

SithArana.com Community Forum

« on: »