ආසියානු කුසලාන එක්දින තරගාවලියේ අවසන් තරගය සඳහා ශ්‍රි ලංකාව සහ ඉන්දියාව සුදුසුකම් ලබා සිටියි.ඒ ඉන්දියාව හා පාකිස්ථානය අතර ඊයේ පැවති තරගය ඉන්දීය කණ්ඩායම කඩුලු 3කින් ජයගැනීමත් සමගය.ඊයේ තරගයේ කාසියේ වාසිය ජයගත් පාකිස්තානු කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.
එහිදි ඔවුන් පන්දුවාර 49 පන්දු තුනකදී සියලු දෙනා දැවී ලකුණු 267ක් ලබා ගත්තේය.පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම පන්දුවාර 49 පන්දු පහකදී සිය ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය.තරගයේ වීරයා ලෙස ලකුණු 83ක් ලබා ගත් ගෞතම් ගාම්භීර් සම්මාන ලබා ගත්තේය.