‘යථාර්ථය කතා කරන්න මම කැමැති නෑ. මේවා බාල දේවල්. හිතුනොත් මන්තී‍්‍ර කමත් දමලා ගහලා යනවා.’
ජාතික හෙළ උරුමයේ හිටපු නායක පුරා විද්‍යා චක‍්‍රවර්ති පාර්ලිමේන්තු මන්ත‍්‍රී එල්ලාවල මේධානන්ද හිමියන් ‘ලංකා ඊ නිව්ස් ’ වෙත ඉහත ප‍්‍රකාශය කළේ උන්වහන්සේ හෙළ උරුමයේ නායකත්වයෙන් ඉවත් කිරිමට තුඩුදුන් හේතුවක් තිබේ දැයි අප කළ විමසුමකට පිළිතුරු වශයෙනි.
තමන් වහන්සේ කිසිම තනතුරක් ඉල්ලා ලබාගෙන නැති බවත්, රජයේ ගුරු පත්වීම්, විශ්ව විද්‍යාලයේ කථීකාචාර්ය පදවිය, ජාතික සංඝ සම්මේලනයේ සභාපති තනතුර, පාර්ලිමේන්තු මන්ත‍්‍රී පදවිය වැනි ලැබුණු කිසිම තනතුරක් තමන් වහන්සේ ඉල්ලා ලබාගත් තනතුරු නොවන බවත්, තමා තනතුරු හා මුදල් පසුපස හඹා යන පුද්ගලයකු නොවන බවත්, පැවසූ උන්වහන්සේ, තමන් ඉල්ලා ලබාගත් එකම දෙය මහනකම බවත්, ඒ තනතුර තමන්ට හොඳටෝම ඇති බවත්, කීහ.
හෙළ උරුමයේ වාර්ෂික සමුළුවක් පැවැත්වීම ගැන තමන් වහන්සේට කිසිම දැනුම්දීමක් කර නැතැයි පැවසූ එල්ලාවල මේධානන්ද හිමියෝ, වසර 50 කට ආසන්න කාලයක් රටේ උරුමය ලෝකයට ගෙන යන්නට කටයුතු කර තිබෙන තමා ඉදිරියටත් ඒ කටයුත්ත කරන බවත් එසේම වසර 30 ක ත‍්‍රස්තවාදය නැති කර සාමයක් ඇති කිරීම ගැන ජනාධිපතිවරයාට තමන් වහන්සේ සහය දෙන බවත්, සතුන් පවා අද බියක් නැතිව කැලෑ මැද පාරවල් අයිනේ සිටින අතර, සාමය ලබාදීම ගැන තිරිසන් සතුන්ගේ ගෞරවය පවා ජනාධිපතිවරයාට හිමිවෙන්න ඕන බවත්, ජනාධිපතිවරයාට උදව් කරන ජාතික ව්‍යාපාරයේ තවදුරටත් තමන් රැුඳී සිටින බවත් කීහ.
උන්වහන්සේ මෙසේද පැවසූහ.
ඔවුන්ගේ (හෙළ උරුමයේ* ප‍්‍රතිපත්ති තියෙන්නේ මා හදපු ව්‍යාපාරයේයි. මන්ත‍්‍රී පදවියේ කූඩැල්ලකු වගේ එල්ලී ඉන්නට මට ඕනෑ නෑ. මට මන්ත‍්‍රී පදවිය වෙනුවෙන් ලැබෙන දීමනා ගමේ දුප්පත් පන්සල් දියුණු කරන්න, ඉගෙන ගන්නා අහිංසක දරුවන්ට පොත් පත් ලබාදෙන්නට, පාරවල් හදන්න වියදම් කළේ. මුළු දීමනාවෙන් වාහනයේ නඩත්තුවට හා ඉන්ධනවලට හැර අනෙක් සියලූ මුදල් මා වැය කරන්නේ සමාජ සේවය උදෙසායි. පසුගියදා ගංවතුරෙන් අනාථ වූ බියගම ප‍්‍රදේශයේ එක් ගමක ජනතාවට ආහාර පාන දෙන්න ලක්ෂ 2 ක් පමණ මගේ මුදල් වැය කළා. පන්සල් කියා මාලිගා හදන්නවත්, කොළඹ ගෙවල් හදන්නවත් මට උවමනාවක් නැහැ.