මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මහියංගන රජමහා විහාරයේදී පැවැත්වීමට තීරණය කර තිබේ. මැයි 24 වන දින රාජ්‍ය වෙසක් දින උත්සවය පැවැත්වීමට නියමිතය.
මෙදින අටසිල් සමාදන් වීම, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, තෙමඟුල් අභිවන්දනාපෙරහැර, වෙසක් කූඩු ප්‍රදර්ශන සහ වෙසක් බැති ගී ගායනා පැවැත්වීමට පියවරගන්නා බව රජය පවසයි. අස්ගිරි පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය උඩුගම ශ්‍රීබුද්ධ රක්ඛිත මහා නායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙමරාජ්‍ය වෙසක් උත්සවයට අග්‍රාමාත්‍ය දි. මු ජයරත්න මහතා ඇතුළු මැති ඇමතිවරුපිරිසක් සහභාගි වීමට නියමිතව ඇත.