20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපර් 08 වටයේ මුහුණදුන් ප්‍රථම තරගයෙන් ජයගැනීමට ශ්‍රී ලංකාව ඊයේ සමත් විය.බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති එම තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.ඒ අනුව එම කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ දී කඩුළු 3 ක් දැවී ලකුණු 195 ක් රැස්කිරීමට සමත්විය.
දර්ශනීය පිතිහරඹයක නිරත වූ මහේල ජයවර්ධන නොදැවී ලකුණු 98 ක් ලබාගත්තේය.කුමාර් සංගක්කාර ලකුණු 68 ක් රැස්කළේය.පිළිතුරු ඉනිම ක්‍රීඩාකිරීමට පිටියට පිවිසි බටහිර ඉන්දීය කෙදෙව් කණ්ඩායමටපන්දුවාර 20 අවසානයේ දී කඩුළු 8 ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 138 ක්පමණි.තරගයේ වීරයා මහේල ජයවර්ධනය.