පසුගිය වසරේ පකිස්ථානයේ සිදුවූ ආයුධ සන්නද්ධ ගැටුම් හේතුවෙන් පුද්ගලයින් 2,500 ට අධික පිරිසක් මියගොස් ඇති බවට අනාවරණය වී තිබේ.
පකිස්ථානයේ සිදුවු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන් හේතුවෙන් මෙසේ බොහෝ පිරිසක් ජිවිතක්ෂයට පත්ව ඇති බව එරට මානව හිමිකම් කොමිසම පෙන්වා දෙයි.
පසුගිය වසරේ පමණක් මෙවැනි ප්‍රහාර 67 ක් පකිස්ථානය තුළ සිදුව ඇති බව ඔවුන්ගේ වාර්තා සඳහන් කරයි.
කෙසේ වෙතත් පකිස්ථාන හමුදා විසින් කැරළිකරුවන්ට එරෙහිව සිදුකළ ප්‍රහාරයන් හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව කොතෙක් ද යන්න අදාළ මානව හිමිකම් කොමිසම මේ වන තෙක් නිශ්චිත වශයෙන් අනාවරණය කර නැත.
විශේෂයෙන් කැරළිකරුවන්ට එරෙහිව පකිස්ථානු රජය දියත් කළ දැවැන්ත මෙහෙයුම හේතුවෙන් එරට ගැටුම් තවදුරටත් උත්සන්න ස්වරූපයක් ගනු ලැබීය.