Author Topic: මහලු කතකගේ නළලේ අං දෙකක්  (Read 401 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline Sithuvili

  • ලංකික
  • Administrator
  • *****
  • Posts: 373
  • ලකුණු: +29/-8
  • Gender: Male
  • හදවතින්ම ලංකික
    • SA Solutions
මහලු කතකගේ නළලේ අං දෙකක්
« Reply #1 on: April 19, 2010, 10:50:21 PM »
මහලු කතකගේ නළලේ අං දෙකක්තම නළලේ වැඩෙමින් පවතින අඟල් 03ක් පමණ දිගු අඟ තමන් හට හිරිහැරයක් නොවන බවමහලු චීන ජාතික කාන්තාවක පවසයි. 101 හැවිරිදි ෂැංග් රේෆැන්ග් නම් මෙමකාන්තාව මේ වනවිට තමාගේ මෙම අරුම පුදුම අවයවය නිසා තමන් වෙත බොහෝ සුබපැතුම් ගලා එන බව ද සඳහන් කරයි. ඇගේ නළලේ වම් පස ඇති අඟට අමතරව මේ වනවිටදකුණු පස ද තවත් අඟක් වර්ධනය වෙමින් පවතී.

මුල් අවධියේදී නින්දට යාමේදී මෙම අඟ තමන් වෙත යම් කරදරකාරී තත්ත්වයක් ගෙනආව ද මේ වනවිට විවිධ ජන පිරිස් ආහාර වර්ග හා තෑගි බෝග රැගෙන තමන් හමුවීමටපැමිණෙන බවත්, එමෙන්ම තමන් ඡායාරූපයට නගන බවත්, එය තමන් හට ඉමහත් සතුටක්බවත් ඇය පෙන්වා දෙයි. බොහෝ වෛද්‍යවරුන් නොමිලයේම මෙම අඟ ඉවත්කිරීම සඳහාඉදිරිපත්ව ඇති නමුත් ෂැංග් විසින් එම යෝජනා ප්‍රතික්ෂේප කර ඇත.

ප්‍රථමවරට ඇගේ නළලේ අඟක් වර්ධනයවීම ආරම්භ වී ඇත්තේ ඇය තම 100වන උපන්දිනයසමරද්දීය. එහිදී ඇයව පරීක්ෂා කර ඇති වෛද්‍යවරුන් ඇගේ නළලෙහි දෙවන වරට දඅඟක් වර්ධනය වනු ඇති බවට අනතුරු අඟවා ඇත. හමෙහි වැඩී ඇති මෙම අං යුවලෙහිමිනිස් හිසකෙස් සහ නිය වල මෙන්ම සතුන්ගේ අං, ලොම් හා පියාපත්වල අඩංගු වනප්‍රෝටීන් සංයෝගයන් අඩංගුව ඇති බව වෛද්‍යවරුන් පෙන්වාදෙයි. තම මවගේ නළලේවර්ධනය වන මෙම අං යුවල සැත්කමක් මගින් ඉවත්කිරීම සඳහා ඇය එකඟකරවා ගැනීමටතමන් සහ තම සහෝදරයින් බොහෝ උත්සාහ කළ ද එය සාර්ථක නොවූ බව 60 හැවිරිදිෂැංග්ගේ බාල පුතු වන ෂැංග් ගෝෂෙන්ග් පවසයි.
          http://www.Sitharana.com
                http://www.Latapatalanka.com
                http://www.Sri lankazone.com

SithArana.com Community Forum

« on: »