Author Topic: හොංකොං හි ඩාන්සින් ස්ටාර් වූ බෲස් ලී  (Read 403 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline Sithuvili

  • ලංකික
  • Administrator
  • *****
  • Posts: 373
  • ලකුණු: +29/-8
  • Gender: Male
  • හදවතින්ම ලංකික
    • SA Solutions
හොංකොං හි  ඩාන්සින් ස්ටාර් වූ බෲස් ලී

ඇමරිකා එක්සත් ජනපදයේ සැන්ප‍්‍රැන්සිස්කෝ නුවර දී 1940 නොවැම්බර් 27 දිනබෲස් ලී උපත ලැබුවේය. 1973 ජූලි 20 දින හොංකොං නුවර දී මරණයට පත් වූවේය.බෲස් ලිගේ ජීවිතය ද ඔහුගේ වේගවත් පා පහරක් මෙන්ම වේගවත්, අලංකාර හා කෙටිඑකක් විය. එනම් මේ ලෝකය මත බෲස් ලී ජීවත් වූ කාල සීමාව අවුරුදු තිස්දෙකකුත් මාස අටකුත් දින විසි අටක් පමණකි. එහෙත් ස්වකීය සටන් හා රංගනකෞශල්‍යයන් තුළින් ඔහු තබා ගිය මතකය අවුරුදු දහස් ගණනක් පවතිනු ඇත.

සැන්ප‍්‍රැන්සිස්කෝ නුවර උපත ලැබුවත් බෲස් ලි ගේ ගම හොංකොංය. බෲස් ලි ගේපියා හොංකොංහි ඔපෙරා නළුවෙකු විය. හොංකොං ඔපෙරා කණ්ඩායම ඇමරිකාවේ සංචාරයකනිරත ව සිටින අතර දී බෲස් ලි ගේ උපත සිදුවිය. බෲස් ලී පවුල 1941 දී නැවතහොංකොං කරා පැමිණියහ. එතැන් සිට බෲස් ලී හැදුණේ වැඩුණේ ගමේය. ඇත්තටම බෲස්ලී අයිති ඇමරිකාවට නොව හොංකොංවලටය.

පියා ඔපෙරා නළුවෙක් වුවත් මවගේ පැත්තෙන් බෲස් ලී අයත් වූයේහොංකොං නුවර වංශවත් ධනවත් පවුලකටය. ඒ නිසා බෲස් ලී ඉගෙන ගත්තේ ද හොංකොංනුවර උසස් ම පාඨශාලාවකය. කොහොම නමුත් පාඨශාලාව උසස් වුවත් බෲස් ලී ගේඉගෙනුම නම් උසස් වූයේ නැත. ඒ ගැන ඉතා සන්තෝසයට පත් ව සිටි බෲස් ලී ගේ මවකුඩා බෲස් ලී ව නෑ හිතවතුන්ට හඳුන්වා දුන්නේ තාම දහයට ගණින්න දන්නේ නැතිඅවුරුදු දහයක ළමයෙකු වශයෙනි. ඒ අතරම දහයට ගණන් කරන්නට බැරි බෲස් ලී වයසඅවුරුදු දහය වන විට චිත‍්‍රපට නම් දහයකට වැඩි ප‍්‍රමාණයක රඟපා තිබිණි.සැබවින්ම බෲස් ලී පළමුවෙන්ම චිත‍්‍රපටයක රඟපෑවේ වයස මාස තුනේදීය."ගෝල්ඩන්ගේට් ගර්ල්"නම් චිත‍්‍රපටයේ අත දරුවෙකුගේ රූප රාමුව සඳහා තෝරාගනු ලැබුවේබෲස් ලී නම් බිළිඳා වීම එයට හේතුවය. ඒ සඳහා සුවිශේෂ රංගන ප‍්‍රතිභාවක්අවශ්‍ය නොවුණත් ඉන් පසුව ස්වකීය රංගන කෞශල්‍යය තුළින් බෲස් ලීජනප්‍රි‍්‍රය ළමා නළුවෙකු බවට පත්විය. එපමණක් නොව බෲස් ලී සටන් කරුවෙකුවීමට ප‍්‍රථම දක්ෂ නැටුම් ශිල්පියෙකු විය. ඔහු හොංකොං නුවර චා චා නමින්පැවැත්වෙන නැටුම් තරගයෙන් ජය ලබා හොංකොං ඩාන්සින් ස්ටාර් බවට පත්විය.

කෙසේ වුවත් මේ සමඟම බෲස් ලී සිනමාවෙන් හා නර්තත වේදිකාව වෙතින් හොංකොංපාතාල ලෝකය කරා ද අවතීර්ණ වෙමින් සිටියේය. බෲස් ලී ඉතා උනන්දුවෙන් යුතුවසටන් කලාවන් හදාරන්නට වූයේ ද මේ කාලයේ දීය. ඩාන්සින් ස්ටාර් පමණක් නොවහොංකොං නුවර චණ්ඩියා වීමට ද ඔහුට අවශ්‍ය විය. එහෙත් බෲස් ලී ට හොංකොං නුවරඅත්හැර එන්නට සිදුවූයේද ඒ නිසාය. එක් වීදි සටනක් සම්බන්ධයෙන් පොලීසිය මේචණ්ඩියාව සොයන්නට විය. මේ රස්තියාදු ජීවිතයෙන් බෲස් ලී ව මුදාගන්නට සිතාඔහුගේ මව ඔහුව ඇමරිකාව බලා පිටත් කර හැරියාය. ඔවුන්ගේ නෑයන් විශාල පිරිසක්ඇමරිකාවේ වාසය කිරීම එහි ලා විශේෂ පහසුවක් විය.ඇමරිකාවට පැමිණි පසු බෲස් ලී වෙනස්ම චරිතයක් විය. එයට සමහර විට හේතුවහොංකොංහිදී මෙන් බොරු සණ්ඩු සරුවල්වලට නොව ඇමරිකාවේ දී ඔහුට ඇත්තටමඅරගලයකට මුහුණ දෙන්නට සිදුවීම විය හැකිය. ඒ වනාහී ඇමරිකානුවන් හා චීනජාතිකයන් අතර පැවැති අරගලයය. දෙවෙනි පන්තියේ පුරවැසියන් ලෙස සැලකීමටලක්කෙරෙන චීන ජාතිකයෙකු ලෙස ඇමරිකාවේ හිස ඔසවාගෙන සිටීමේ ප‍්‍රශ්නයය.එහිදී බෲස් ලී වගකීම් සහගත චරිතයක් බවට පත්විය. ඔහු වොෂිංටන් විශ්වවිද්‍යාලයට ඇතුළුව උසස් අධ්‍යාපනය ලබන්නට වූවේය. ඒ අතරම කුංෆු පංතිපවත්වන්නට වූවේය. බෲස් ලීගේ අනාගත බිරිය වූ ලින්ඩා මුණ ගැසුණේ ද එහිදීය.එනම් ලින්ඩා බෲස් ලී ගෙන් සටන් කලා ඉගෙනගැනීමට පැමිණි සිසුවියක් වූවාය.

බෲස් ලී ගේ සටන් කලා පංති ජනප්‍රි‍්‍රය වන අතරම බෲස් ලී ට රිදී තිරයෙන්නොව පුංචි තිරයෙන් ද ආරාධනා ලැබෙන්නට විය. 1966 දී ගී‍්‍රන් හෝනට් ටෙලිවෘතාන්තයෙන් බෲස් ලී සටන් නළුවෙකු ලෙස ඉමහත් ජනප්‍රි‍්‍රයතාවක් ලැබුවේය.අයන් සයිඞ් හා ලෝන්ග් ස්ටී‍්‍රට් ඔහු එලෙස පෙනී සිටි තවත් රූපවාහිනීවැඩසටහන් වේ. එහෙත් පුංචි තිරය තුළ බෲස් ලී ට ලැබුණු ස්ථානය රිදී තිරයෙන්එනම් හොලිවුඞ් තිරයෙන් ලැබුණේ නැත. ඔහුට හොලිවුඞ් චිත‍්‍රපටවල ලැබුණේදුෂ්ටයාගේ චරිතය පමණි. වීරයාගේ චරිතය හැම විටම ලැබුණේ සුද්දෙකුටය. චීනසුදුසු වූයේ දුෂ්ටයෙකු වීම සඳහා පමණි. මේ නිසා බෲස් ලී වීරයා ඇමරිකාවඅතහැර යළි හොංකොං බලා ගියේය. ඒ වීරයෙකු වීම සඳහාය.

ඔහු වීරයා වූ ද"බිග් බොස්"චිත‍්‍රපටය හොංකොං නිෂ්පාදනයකි. එය හොලිවුඞ්චිත‍්‍රපටයකටත් වඩා ජනප්‍රි‍්‍රය විය. ඉන්පසුව ෆස්ට් ඔෆ් ෆියුරි හා වේ ඔෆ්ද ඩ‍්‍රැගන් යන චිත‍්‍රපට ද හොංකොං නිෂ්පාදන ලෙස ඉදිරිපත්ව ලෝක සිනමාවජයග‍්‍රහණය කළේය. හොලිවුඞ් සිනමාවට හීන් දාඩිය දාන්නට වූවේ එවිටය. මේචිත‍්‍රපට මගින් බෲස් ලී කොතරම් ජනප්‍රි‍්‍රය වූයේ ද යත් බෲස් ලී හොලිවුඞ්සිනමාවට "දුෂ්ටයෙක්"බවට පත්විය. එහෙත් බොහෝ චිත‍්‍රපටවල දුෂ්ටයා මෙන් නොවඅනගිභවනීය දුෂ්ටයෙක් විය. ඒ නිසා හොලිවුඞ් සිනමාවට කපන්න බැරි අත සිඹින්නටවිය. බෲස් ලී වීරයා වූ හොලිවුඞ් චිත‍්‍රපටයක් වූ එන්ටර් ද ඩ‍්‍රැගන්නිෂ්පාදනය ඇරඹුණේ එලෙසය. කෙසේ වුවත් එන්ටර් ද ඩ‍්‍රැගන් චිත‍්‍රපටය බෲස්ලී ගේ අවසන් චිත‍්‍රපටය ද විය. බෲස් ලී ගේම අධ්‍යක්ෂණයක් වූ ගේම් ඔෆ් ඩෙත්චිත‍්‍රපටය අවසන් කරන්නට බෲස් ලී ජීවත් වූයේ නැත.

බෲස් ලී සැබවින්ම තර්ජනයක් වූයේ කුංෆු සටන්කරුවන්ට කරාටේකරුවන්ට වෙනත්සටන්කරුවන්ට නොවේ. බෲස් ලී සටන් කළේ හොලිවුඞ් ඒකාධිකාරය සමඟය. හොලිවුඞ්නමැති දැවැන්තයා බිම දමන්නට බෲස් ලී සමත් විය. ඒ ඔහු රඟ පෑ හොංකොංචිත‍්‍රපට හොලිවුඞ් චිත‍්‍රපටවලටත් වඩා ජනප්‍රි‍්‍රය කරවීමෙනි. බෲස් ලීනිසා සිනමා තිරයට ද අමුතු ජවයක් ලැබිණි. අද සුවහසක් කැමරා ප‍්‍රයෝග හාශක්ති ප‍්‍රයෝග මගින් ලබාගන්න සටන් ජවනිකා බෲස් ලී ස්වාභාවිකව ලබාදුන්නේය.මේ නිසාම බෲස් ලී තනි මිනිසෙක් වශයෙන් දැවැන්ත හොලිවුඞ් සිනමාවට තර්ජනයක්වූයේ ද? බෲස් ලීගේ අදිසි මරණය හා මෙම කරුණ අතර සම්බන්ධයක් තිබේ ද? ඒවානොවිසඳුණු ගැටලු වේ.එහෙත් ස්වකීය අද්වීතිය හැකියාව මගින් ස්වකීය වර්ගයා වූ චීන ජාතිකයාටදුෂ්ටයෙක් නොව වීරයෙක් ලෙස ලෝකය හමුවේ පෙනී සිටීමේ වරම බෲස් ලී විසින්හිමිකර දුන්නේය. බෲස් ලී ඇමරිකානු සුදු ජාතිකත්වයට අභියෝගයක් විය. චීනජාතිකත්වයට ශක්තියක් විය.

අද චීනය බලවත්ය. එසේම චීනය අද බෲස් ලී ගැන අලූතින්ම චිත‍්‍රපටයක් නිපදවීමටඉදිරිපත්ව සිටියි.. තවමත් ලෝකයේ ජනප්‍රි‍්‍රයම චීන ජාතිකයා ලෙස සැලකියහැක්කේ බෲස් ලී ය. වයස තිස් දෙකක කෙටි ජීවිත කාලයක් තුළ බෲස් ලීඅමරණීයත්වය ලැබීමට සමත් වූ බව පැවසිය හැකිය.
   
         
          http://www.Sitharana.com
                http://www.Latapatalanka.com
                http://www.Sri lankazone.com

SithArana.com Community Forum

« on: »