Author Topic: ඔබේ සුවඳ...  (Read 594 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline srimeth

  • Wonderful Thinker
  • *
  • Posts: 25
  • ලකුණු: +3/-0
Re: ඔබේ සුවඳ...
« Reply #2 on: August 25, 2010, 07:17:43 PM »
Mta bari una balanna. adaii baluwe .. Nirmanaya gana sathutuii yaluwa. Hodai

Offline dammika sri roy ansiri

  • Wonderful Thinker
  • *
  • Posts: 9
  • ලකුණු: +4/-0
  • Gender: Male
ඔබේ සුවඳ...
« Reply #1 on: April 23, 2010, 11:56:36 PM »
 
 
.
ඔබ ගැන තිබෙන ආලය හිත පතුළ බිඳී
ඇටතුල,ඇටමදුළු තුල ලේ නහර විදී
කළුවර මගෙ හිතට නුඹ එළියක්ම දිදී
මගෙ හැම හීනයම,නුඹ බල බලා නිදී...!

ගසකට පොත්ත,අහසක සඳ තරු සේම
ළං වන්නට බළාසිටියෙමි,මම බෝම
බෑ ඉවසන්න,තනි හදකට හැම දේම
ඔබ හට මගේ සිත මම පවසනු කෝම.?

තව මිරිකෙන්න බෑ, හදවත තිබෙන බරින්
සිටියද මගේ හද දිනු ළඳ,බොහෝ දුරින්
පින් ඇති සමනලෝ,පියඹා සිහින් සරින්
ඈ හට මගේ ආලය පවසලා වරෙන්.....!
 

හදවත විඳින දුක් කරදර ලන්ද කපා
ඉන්නා ඉසව්වට නැංවෙයි මගේ දෙපා
හමුවන විටදි,ඔය ලස්සන සිනා නොපා
සිහිනෙන්වත් මගෙන් වෙන්වී යන්න එපා..!
.
ලස්සන කුරුල්ලන් කිරිලියො දුටුවාම
මගෙ හිත දුක පිරේ,සිහිවී ඔබ තාම
මේ ලෙස වෙන්නොවී, මතු මුළු සසරේම
ඔබෙ ළඟ ඉන්න ආසයි,මම හැමදාම...!
 
.
මට හොඳ, නරක පෙන්නා කළ හැටි  පේම
කැප කළ ජීවිතයෙ ,ඔබ සතු සැම දේම
නලළත සිඹින විට, මගෙ අඩ අඳුරේම
මට ඔබ හරිම සුවඳයි,අම්මා සේම...!
Roy

SithArana.com Community Forum

« on: »