නැවත දැනුම් දෙන තුරු යුරෝපය ආශ්‍රිත රටවල් සඳහා ගුවන් තැපැල් භාණ්ඩ එවීමෙන් වළකින ලෙස තැපැල්පතිවරයා මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
ඒ අනුව ගුවන් මගින් ප්‍රවාහනය කෙරෙන ලිපි, පාර්සල් ඇතුළු සියලු ගුවන්තැපැල් භාණ්ඩ එවීමෙන් වළකින ලෙස තැපැල්පති එම්.කේ.බී. දිසානායක මහතාමහජනතාවට දැනුම් දෙයි.ඒ අනුව ඔස්‍ට්‍රියාව, බෙල්ජියම, ඩෙන්මාර්කය, ප්‍රංශය, ජර්මනිය, ග්‍රීසිය,මහා බ්‍රිතාන්‍ය, ඉතාලිය, නෙදර්ලන්තය, නෝර්වේ, ස්පාඤ්ඤ, ස්වීඩනය, රුසියාවසහ ස්විට්සර්ලන්තය යන රටවලට අදාළව මෙම තීරණය ක්‍රියාත්මක වනු ඇත..
යුරෝපා ගුවන් ගමන් ඇනහිටීම හේතුවෙන් මෙම තීරණයට එළඹි බව තැපැල්පතිවරයාපවසයි.එසේම මේ වන විට ගුවන් ගමන් සඳහා යුරෝපා කලාපය වසා දැමීමට එම රජයන් ගනුලැබූ තීරණය සම්බන්ධයෙන් ලෝක ගුවන් සේවා සංවිධානය විරෝධය පළ කර තිබේ.
එම සංවිධානයේ ප්‍රධානී ජියෝවානි බිසිග්නානි ප්‍රකාශ කරන්නේ එම තීරණය හේතුවෙන් ලොව පුරා කටයුතු අවුල් සහගත තත්ත්වයකට පත්ව ඇති බවයි.දෛනික ගුවන් ගමන් වාරවලින් සියයට 30 ක් පමණක් දැනට ක්‍රියාත්මක බව යුරෝපා ගුවන් සේවා පාලන අධිකාරිය පවසයි.
දුෂ්කරතාවයටපත්ව සිටින මගීන් වෙනුවෙන් මේ වන විට බ්‍රිතාන්‍ය රාජකීය නාවික යාත්‍රා 3ක් ක්‍රියාත්මක බව ද විදෙස් වාර්තා පෙන්වා දෙයි.එංගලන්තය සහ පැරීසිය අතර ගමනාගමනය වෙනුවෙන් ප්‍රංශ දුම්රිය සමාගම අතිරේකදුම්රිය වාර සහ දුම්රිය ආසන වැඩි සංඛ්‍යාවක් ලබාදීමට ද ක්‍රියාකර ඇති බවවාර්තා වේ.
ඊට අමතරව දුම්රිය ප්‍රවේශපත්‍ර ගාස්තු පහත හෙළීමට ද එම සමාගම පියවර ගෙන ඇත්තේ අපහසුතාවයට පත් මගී ජනතාව වෙනුවෙනි.