Author Topic: ආදර පුතුනි..  (Read 449 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline dammika sri roy ansiri

  • Wonderful Thinker
  • *
  • Posts: 9
  • ලකුණු: +4/-0
  • Gender: Male
ආදර පුතුනි..
« Reply #1 on: April 19, 2010, 11:09:38 AM »
.ආදර පුතුනි..
 
 
ඔබගෙන් වෙන්වීම සිත නෑ    වාවන්නේ
ගල් හිත උවද,එය උණුවී   වැගිරෙන්නේ
පුතුනගෙ වදන්වැල් හද තව    පාරන්නේ
ඇයි ජීවිතේ මේ තරමට වද     දෙන්නේ..?
 
 
මගෙ පුතුනගේ ආදරබර සිනා     සරින්
මා දෙසවන් පිරෙ ආදර වදන්     වලින්
කවදාවතම නෑ පුතුනේ පියා       දුරින්
කවදා එතෙර වන්නද මේ දිවියෙ  බරින්...?
 

ඔබගේ ලෝකයේ නිතරම රජ      කෙරුව
හොඳ නොහොඳට සැපට දුකකට පිං  පිරුව
ඔබගේ ආදරය, ඉදිරිය කර          දැරුව
අද ඔබෙ පියා ඉන්නේ,එන්නට      බැරුව..!

ආලය අහිමි කළ,අද මා වැටෙමි       දනෙන්
වෙන්වෙනු එපා ලොකුපුත,මල්ලිගේ  සිතෙන්
මොන දුක වින්දමුත් ඒ දුක, නිවේ   සැනෙන්
ඔබවැනි රත්තරන් දරුවන් ලැබූ       පිනෙන්....!
Roy

SithArana.com Community Forum

« on: »