Author Topic: සංගාට ජාත්‍යන්තර සම්මාන 2 ක්  (Read 277 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline Sithuvili

  • ලංකික
  • Administrator
  • *****
  • Posts: 380
  • ලකුණු: +29/-8
  • Gender: Male
  • හදවතින්ම ලංකික
    • SA Solutions
සංගාට ජාත්‍යන්තර සම්මාන 2 ක්
« Reply #1 on: September 13, 2011, 09:51:24 AM »
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කළ සම්මාන උළෙලේ දී  ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුමාර සංගක්කාරට සම්මාන දෙකක්  හිමිවී තිබේ.

2011 වසර සඳහා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කළ සම්මාන ප්‍රදානෝත්සවය ඊයේ(12) එංගලන්තයේ ලන්ඩන් නුවරදී පැවැත්වුණි.

එහිදි වසරේ එක්දින ක්‍රිකට් ක්‍රිඩකයා සහ වසරේ ජනතා කැමැත්ත දිනූ ක්‍රිඩකයා යන සම්මාන දෙකම කුමාර සංගක්කාරට හිමි වී ඇත.

එක්දින තරග 25 ට සහභාගී වී ලකුණු 1049ක් ලබාගනිමින් සාමාන්‍යය 55. 21 අගයක් මේ වසර තුළ රඳවා ගැනීමට කුමාර සංගක්කාරට හැකිවී තිබේ.

ඊට අමතරව මේ වසර තුළ  උඩපන්දු 26 ක් රැ‍කගෙන ඇති කුමාර සංගක්කාර ස්ටම්ප්ස් කිරීම්  10 ක් සිදුකිරීම විශේෂත්වයකි.

මෙම සම්මාන උළලේ දී සම්මාන දෙකක් හිමිකරගත් එකම ක්‍රීඩකයා බවට ද කුමාර සංගක්කාර පත්වෙයි.

මේ අතර වසරේ අයි .සි.සි. ක්‍රිකට් ක්‍රිඩකයා ලෙස එංගලන්ත ක්‍රීඩක ජොනතන් ට්‍රොට් සම්මාන හිමිකරගත් අතර වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ඇලෙස්ටියාර් කුක් සම්මාන හිමිකර ගත්තේය.       
          http://www.Sitharana.com
                http://www.Latapatalanka.com
                http://www.Sri lankazone.com

SithArana.com Community Forum