.
රාහුල වළප....
වෙන අය තාත්තගෙ උකුළෙහි නැළවෙද්දී
පිය ගෙල බදා ආදරයෙන් සැනසෙද්දී
දෙකොපුල සිප මගේ පුතු'යැයි පවසද්දී
ඇයි මගෙ තාත්තේ ඔබ,වනයට වැද්දී...?
සෙල්ලම් කරන්නට නෑ මට කෙනෙක් අද
සිප සනසන්ට කෝ මට පියතුමෙක් අද
මගෙ දුක අසන්නී අම්මා පමණි අද
පින් නැති නිසා අප දාලා ගියා වද...?
දුක හිතු විටෙක,ඔබෙ ළය මත මුව හංගා
ලන්වී සිටින්නට මඳ හසරැලි නංගා
අම්මගෙ හා ඔබේ ඇඟ අතරට රිංගා
ඉන්නට ඉඩක් ඒවිද කඳුළැලි හංගා..?