.
ආදර පුතුන් දෙපලයි බිරිඳයි එක්ක
ගෙවු ලස්සන දිවිය,අද නෑ මා එක්ක
ජීවිත පොතේ පිටු හතලිහකුත් එක්ක
අපි තනි උනා.!පුතුනගෙ දියුණුව දැක්ක...
මගෙ තීරණය හැමදාමත් මලින් පුදා
ඔබෙ සහයෝගෙ දුක් විඳ විඳ දුන්න සදා
පුතුණට මෙන්ම මට ජීවිතෙ දුන්න බෙදා
ඔබෙ ගුණ සිහිකරමි.!අද මම කතර බදා....
සිතුවේ නෑ යලිත් ඔබ හැර එන්න රට
පැතුවේ නෑ පුතුන්ගෙන් වෙන්වන්න මට
හැදුවේ නෑ නෙතින් කඳුළැලි යන්න මට
ගින්නක් නෑ තවත් හද ගිනි ගන්න කොට....
දහිරිය දමන්නේ එගොඩට යන්න මනා
මිහිරිය,විඳින දුක් සිත තව දිරිය වෙනා
සොඳුරිය ඔබට විඳිනට දුක් නිතර ගෙනා
ඉදිරිය හදන්නට මට රට යන්න උනා....
පණමෙන් ඔබව,පුතුන්ව නිතරම රැක්ක
තරහව,ආදරය දෑතින් ගෙන දැක්ක
රන් කහවණු වලට සිත සහනය වික්ක
මගෙ හදවතත් හඬනව සුදු ඔබ එක්ක...!!!