.....ඔබනම්......
නොසිතනු මැනවි වෙන්වන්නට මගෙන් මෙසේ
ඔබ නැති ලෝකයක මා නෙත් අඳව වැසේ
ඔබ හිත දනිමි,ඇයි අද එය ගලක් ලෙසේ
අතහැර වෙන්ව යන්නට ඉඩ දෙමිද කෙසේ......?
.
වින්දෙමි රුදුරු සිත්සංකා... දුක් ශෝක
පැතුවෙමි ඔබම පමණක්,මම හැමදාක
හැඬුවෙමි ඔබේ ගුණ සිහිකරමින් නේක
ඔබ මට හිමි නැතිද,ඔබ බුදුවන දාක....?
සිත සුව ගෙනෙන නෙක නෙක බැඳි සිතේ දරා
කප් සුවහසක් ආවෙමි,දුක හිතේ දරා
වෙන්වන්නට අපෙන්,ලොව වැඩ පිණිස පුරා
හිමි ඔබ හදට දිරි දෙමි....,මම යසෝදරා...!
ලස්සන උනේ මල,අවසන පිපීමෙන්
නැත සැනසුනේ,ඔබ මා ළඟ සිටීමෙන්
මා සැනසෙන්නෙ, ඔබ ගත් මඟ ගැනීමෙන්
ඔබ මට නැතිඋනේ,ලොවටම ලැබීමෙන්....!