මහනුවර දිස්ත‍්‍රික්කයේ නාවලපිටිය සහ ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කයේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති පැමිණිලි නිසා ඡුන්ද මධ්‍යස්ථාන කිහිපයක ඡුන්දය ශූන්‍ය කොට ඇති බැවින් අවසන් ඡුන්ද ප‍්‍රතිඵලය ප‍්‍රකාශයට පත් කිරීම අත්හිටුවීමට මැතිවරණ කොමසාරිස්වරයා තීරණය කොට තිබේ.
මනාප ඡුන්ද ක‍්‍රමය හඳුන්වා දීමෙන් පසු ශ‍්‍රී ලංකාවේ පැවැති මහා මැතිවරණයකදී එක් පක්‍ෂයක් වැඩිම මන්ත‍්‍රී ආසන සංඛ්‍යාවක් දිනාගත් මැතිවරණය මෙය වේ. ප‍්‍රකාශයට පත් ප‍්‍රතිඵලය අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය ආසන 117 ක් දිනාගෙන තිබේ.
ආණ්ඩු පක්‍ෂය නියෝජනය කළ ඇමැතිවරුන් විශේෂයෙන් එජාපයේ සිට ආණ්ඩු පක්‍ෂයට පැමිණි කිහිප දෙනකුම මෙම මැතිවරණයේදී පරාජයට පත්ව තිබේ. ඔවුන් අතර රෝහිත බෝගොල්ලාගම, ගාමිණි ලොකුගේ, මිලින්ද මොරගොඩ, මනෝ විජේරත්න යන මහත්වරු ද සිටිති.
එජාපයේ නියෝජ්‍ය නායක කරු ජයසූරිය මහතා ද එජාපයේ ඊළඟ නායකත්වය අපේක්‍ෂා කරන බව ප‍්‍රකාශ කර සිටි ගාල්ල දිස්ත‍්‍රික් හිටපු එජාප මන්ත‍්‍රී වජිර අබේවර්ධන, සාගල රත්නායක, හිටපු ගම්පහ දිස්ත‍්‍රික් මන්ත‍්‍රීවරුන් වන දොස්තර ජයලත් ජයවර්ධන, ජෝන් අමරතුංග ඇතුළු කිහිප දෙනකුම මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වී නැත.
ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත්ව ආණ්ඩු පක්‍ෂයට එක්වී ඇමැති පදවියක් ලබාගත් නන්දන ගුණතිලක මහතා පරාජයට පත් ඇමැතිවරුන් අතර වේ. ජනතා විමුක්ති පෙරමුණෙන් කැඞී විමල් වීරවංශ මහතා සමඟ ආණ්ඩුවට එක්වූ කණ්ඩායමේ ඇමැතිවරයකු ඇතුළු තවත් මන්ත‍්‍රීවරු කිහිප දෙනෙක්ම මෙවර පරාජයට පත්ව සිටිති.
මෙම මැතිවරණයේ තවත් සුවිශේෂී සිද්ධියක් වන්නේ මොනරාගල දිස්ත‍්‍රික්කයෙන් එජාපෙන් අපේක්‍ෂකයකු ලෙස තරඟ කළ රංජිත් මද්දුම බණ්ඩාර මහතාට ඡුන්දය නොදෙන ලෙසට පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා එම දිස්ත‍්‍රික්කයට ගොස් කළ ඉල්ලීම නොසලකා එජාපෙ ලැයිස්තුවේ අපේක්‍ෂකයන් ගෙන් ඔහු පමණක් තේරී පත්වීමය.
ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයෙන් ආණ්ඩු පක්‍ෂයට බැඳී ඇමැතිකම් ලබාගත් අමිර් අලි, නජීබ් ඒ මජීඞ්, හුසේන් බයිලා, නිජාමුදීන්, යන අයද පරාජයට පත්ව සිටිති.
මෙම මැතිවරණයේ තවත් සුවිශේෂ කරුණක් වනුයේ වන්නි දිස්ත‍්‍රික්කයට තරඟ කළ රිෂාද් බද්යුදීන්, මොහොමඞ් හුතයිස් සහ නූර්දින් මෂූර් යන මුස්ලිම් අපේක්‍ෂකයන් තිදෙනකු ජයග‍්‍රහණය කිරීමය. දෙමළ ජාතිකයකු මෙම දිස්ත‍්‍රික්කයෙන් තේරි පත්වී නැත. මේ අතර මහනුවර දිස්ත‍්‍රික්කයට එජාපෙන් තරඟ කළ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් මහතාද පරාජයට පත්වී තිබේ.