Author Topic: "දේශපාලනයේදි වඩා වැදගත් වන්නේ එඩිතරකම හා Ś  (Read 337 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline Sithuvili

  • ලංකික
  • Administrator
  • *****
  • Posts: 373
  • ලකුණු: +29/-8
  • Gender: Male
  • හදවතින්ම ලංකික
    • SA Solutions
"දේශපාලනයේදි වඩා වැදගත් වන්නේ එඩිතරකම හා අරමුණයි" - උපේක්ෂා   දේශපාලනයේදි වඩා වැදගත් වන්නේ එඩිතරකම හා එයට අවශ්‍ය අරමුණ බව ගම්පහදිස්ත්‍රික් එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂක උපේක්ෂා ස්වර්ණමාලි මහත්මියපැවසුවාය. කාලයත් සමග කැපවීමෙන් හරි මාර්ගයේ යෙදුනහොත් පළපුරුද්ද ලබා ගත හැකි බව ද ඇය වැඩිදුරටත් පැවසුවාය. ඊයේකොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අත්දැකීම් නොමැතිව දේශපාලනයට පිවිසීමපිළිබදව මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇය එම අදහස් පළකළාය.
එම ප්‍රවෘත්ති සාකච්ඡාව එක්සත් ජාතික පෙරමුණේ රත්නපුරදිස්ත්‍රික් අපේක්ෂක තලතා අතුකෝරළ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති අතර එයටතවත් කාන්තා අපේක්ෂකයින් කිහිපදෙනෙකු ද සහභාගි විය.
රටේ ආර්ථිකයට වැඩි දායකත්වයක් දෙන කාන්තාව මේ වන විට වඩාත් පීඩාවට පත් වූ කොටසක් බවට පත්ව ඇතැයි තලතා අතුකෝරළ මහත්මිය පැවසුවාය.
දරුවන්ගේආරක්ෂාව, අධ්‍යාපනය, සෞඛ්‍ය යන කාරණා නිසා අද කාන්තාව පීඩාවට පත්ව ඇතිබවත් රොකට් වේගයෙන් අහස උසට යන ජීවන වියදම නිසා කාන්තාව දැඩි අපහසුතාවකට දපත් වී ඇතැයි එම මහත්මිය වැඩිදුරටත් සදහන් කළාය.
          http://www.Sitharana.com
                http://www.Latapatalanka.com
                http://www.Sri lankazone.com

SithArana.com Community Forum

« on: »