Please
login
or
register
.
1 Hour
1 Day
1 Week
1 Month
Forever
Login with username, password and session length
News:
—•:♥:• S I T H A R A N A A P I •:♥:•—
Home
Help
Login
Register
SithArana.com Community Forum
»
PUBLIC PREVIEW
»
ෆෝරම සංවාද - Site Feedback
(Moderators:
Admin
,
Sithuvili
) »
මෝඩයාගේ දිනය ඔබේද..?
« previous
next »
Print
Pages: [
1
]
Go Down
Author
Topic: මෝඩයාගේ දිනය ඔබේද..? (Read 421 times)
0 Members and 1 Guest are viewing this topic.
Sithuvili
ලංකික
Administrator
Posts: 373
ලකුණු: +29/-8
Gender:
හදවතින්ම ලංකික
මෝඩයාගේ දිනය ඔබේද..?
«
Reply #1 on:
April 02, 2010, 03:46:26 AM »
ලෝකය ගෝලාකාරයි. මිනිසුන් විවිධාකාරයි. ඉහත කියමන ඔබ මීට පෙර අසා නැතුවාටසැක නැත.වචනයේ පරිසමාප්ත වශයෙන් ගත් කල්හි ඉහත කියමන තරම් සරලව මිනිසාවිග‍්‍රහ කිරීමක් සොයා ගත නොහැකි තරම්ය. මන්ද විවිධ රටවල, විවිධ සිතුම්පැතුම් වලින් හා විවිධ ජීවන රටාවල් වලින් මිනිසා සන්නද්ධ වීමයි. රූපයෙන්එක සමාන නිවුන් පුද්ගලයින් තුළත් වෙනස් රුචි අරුචිකම් අනන්ත අප‍්‍රමාණයක්තිබිය හැක. ලෝකය ආලෝකමත් වී ඇත්තේ ද ඒ විවිධත්වය පදනම් කරගනිමිනි.
ඉහත දැක්වූ විවිධාකාර මිනිසා, තම රුචි අරුචිකම්, සංස්කෘතිකබලපෑම්, ගෝලීය පදනම් මත පදනම්ව විවිධාකාර උත්සවයන් හා සැමරීම් සිදු කරනුලබයි. විටෙක ඒවා ආගමික මුහුණුවරක් ගන්නා අතර විටෙක එය සංස්කෘතිකමුහුණුවරක් ගනී. වෙසක් උත්සවය, සිංහල - හින්දු අලුත් අවුරුදු උත්සවය,නත්තල් දින සැමරුම් ආදිය මෙන්ම මව්වරුන්ගේ දිනය, කාන්තා දිනය, ළමා දිනය,පරිසර දිනය ආදිය ලක්වාසීන්ගේ නිතර කතාබහට ලක් වන උත්සව, සැමරුම් ආදිය අතරවේ. මේ අතර ලක් දිවයිනට ආගන්තුක සැමරුම් ද වර්තමානයේ ජනපි‍්‍රය වෙමින්අතුපතර විහිදුවා වැඩෙන බවක් දක්නට ලැබේ. බොදු පහස ලද මෙවන් පුණ්‍ය භූමියකටඒවා කෙතරම් උචිතදැයි යන්න විවාදාත්මක කරුණකි. කෙසේ වෙතත් ජනතාව හටබුද්ධියක් උපතින් ලැබී තිබෙන බැවින් එය භාවිතා කොට සුදුස්ස, නුසුදුස්සතෝරා වෙන් කර ගැනීම ඔවුන්ගේ යුතුකමකි.
මෙසේ ලංකාවට ආගන්තුක එක් දිනයක් ගැන විමසීම මෙහි අරමුණයි. මෙහියම් පමණකට කි‍්‍රස්තියානි ආගමික පසුබිමක් හා සංස්කෘතික පසුබිමක් දක්නටලැබේ. විහිළුව, උපහාසය, රැවටීම පදනම් කර ගනිමින් උපත ලද"මෝඩයන්ගේදිනය"ශී‍්‍ර ලාංකික තරුණ තරුණියන් අතර මහත් ජනපි‍්‍රයතාවක් උසුලයි.මෝඩයන්ගේ දිනය ලෙස අප සමරන්නේ අපේ‍්‍රල් මස පළමු වැනි දිනයි. එය එසේ නම්තබා තිබුණ ද සැබෑව නම් එය ඔබේත්, මගේත් සමස්ත මිනිස් ප‍්‍රජාවගේ දිනයයි.මන්ද එදිනට ඕනෑම තරාතිරමක අයකු වුවද රැවටීමකට ලක්ව මෝඩයකු වීමට ඉඩ ඇතිබැවිනි.ඉතිහාසය
පුදුමයට කරුණ නම් මෙම දිනය ඉතාමත් දිගු ඉතිහාසයකින් සමන්විතවීමයි. පළමුවම මෙහි ඉතිහාසය සෙවීම පිළිබඳව උද්යෝගයක් ඇති වී තිබෙන්නේ 18වැනි සියවසේදී පමණය. වෙනත් බොහෝ උත්සව, සැමරීම් ආදියෙහි දක්නට ලැබෙනඅයුරින්ම"මෝඩයන්ගේ දිනයට"අයිතිවාසිකම් කියන නිධාන කතා කිහිපයකි.
මින් පැරණිතම කතා වස්තුව වර්ෂ 1392 තරම් ඈතට දිවයයි."මෝඩයන්දෙදෙනාගේ අන්දරය"(A tale of two fools)නැමැති කතන්දරයට පාදක වී ඇත්තේඅපේ‍්‍රල් මස පළමුවැනිදාවකය. කෘතියේ සටහන් වී ඇත්තේ මාර්තු මස 32 වැනිදාලෙසට වුවත් පසුව එය ජනතාව අතර අපේ‍්‍රල් පළමුවැනිදා බවට පරිවර්තනය විය.
නමුත් වඩාත් ප‍්‍රචලිතව පවතින ඉතිහාස කතාව ගෙතී පවතින්නේ 15 වැනි ශතවර්ෂයේමධ්‍යම භාගයේය. වර්ෂ 1564 දී ප‍්‍රංශය විසින් තම දිනදර්ශනය වෙනස් කරන ලදී.ඒ එතෙක් පැවති වර්ෂය ආරම්භ වූ මාර්තු මස වෙනුවට ජනවාරි මස ස්ථාපිතකිරීමෙනි. නමුත් වෙනස් වන ලෝකයත් සමග සමාන්තව ගමන් කිරීමට නොහැකි වූ ඇතැම්දඩබ්බර පිරිසක් විසින් පරණ දින දර්ශනයම භාවිතා කරන ලදී. ඔවුන් නව අවුරුදුසැමරුම් සිදු කරන ලද්දේ මාර්තු මස 25 ත්, අපේ‍්‍රල් 01 ත් අතර සතියතුළදීය. එසේ සමරන ලද පිරිස විහිළුවට ලක් කිරීමක් ලෙසට අනෙක් පිරිස විසින්අපේ‍්‍රල් පළමු වැනිදා මෝඩයන්ගේ දිනය ලෙසට නම් කරන ලදී. ඔවුන් විසින්අපේ‍්‍රල් පළමුවැනිදා නව අවුරුදු සමරන්නන්ගේ පිටේ මාළුවකුගේ රූපයක් අලවා,එම පුද්ගලයින්ට"අපේ‍්‍රල් මාළුවන්"(April fish) ලෙසට සමච්චලයට පත් කරනලදී. වර්තමානයේද ප‍්‍රංශය මෙම දිනය හඳුන්වන්නේ ඉහත ආකාරයෙනි.
ලෝකය ඇන්දවීම
විෙශ්ෂයෙන්ම මෙම දිනය තුළ පිටරට ප්‍රසිද්ධ ආයතන බොහෝ ගණනක් තමජනතාව රැවටීම සිදුකරමින් තෘප්තියක් ලබයි. ඒ අතර රූපවාහිනී ආයතන,ගුවන්විදුලි ආයතන, අන්තර්ජාලයේ ප්‍රසිද්ධ වෙබ් පිටු හා පුවත්පත් වැනිවගකිව යුතු ආයතන ද වේ. ඉන් සමහරක් පලකිරීම වටින්නේ යයි සිතමි.ෆයි π) හි අගය
1998 අප්‍රේල් මස පළමුවැනිදා මෙක්සිකානු විද්‍යා සඟරාවක් විසින්පළ කර තිබුණේ, භෞතික විද්‍යාඥයෙකු වූ මාර්ක් බොස්ලොෆ් (Mark Boslough)විසින් ෆයි (π) හි අගය සඳහා වෙනස් සංඛ්‍යාවක් ඉදිරිපත් කර එය සම්මත කරගෙනඇති බවයි.ස්පෙගටි ගස් (Spegatti)
1957 දී BBC රූපවාහිනී ආයතන මගින් ඉතාලි ජාතිකයින් සාර්ථකවස්පෙගටි ගස් පැළකර අස්වනු නෙලන ව්‍යාජ රූප රාමු පෙලක් පෙන්වන ලදී. පසුවදහස් ගණන් ජනයා දුරකතන ඔස්සේ BBC නාලිකාව අමතා ඔවුන්ට ද ස්පෙගටි පැලලබාදෙන ලෙස ඉල්ලා තිබුණු බව ද පැවසේ.පීසා කුළුණ
පීසා හි ඇලවෙන කුළුණ බිමට වැටී ඇති බවට ඩෙන්මාර්කයේ රූපවාහිනීනාලිකාවක් මගින් 1950 වර්ෂයේ දී ප්‍රචාරය කරන ලදී. මින් බොහෝ දෙනා කලබල වූබව කියැවේ.ගඳ සුවඳ
තම ගුවන් තරංග හරහා ප්‍රේක්ෂකයින් වෙත ගඳ සුවඳ වහනය කිරීමටතාක්ෂණය තමන් සතු බව 1965 දී BBC නාලිකාව විසින් ප්‍රචාරණය කරන ලදී.පුදුමයට මෙන්, එය තමන්ට දැනුන බව පවසා දුරකතන ඇමතුම් ද පැමිණ තිබුණි.බී.එම්.ඩබ්ලිව්. (BMW) විහිළු
අඟහරු ලොව තරණය සඳහා ගඟනගාමීන් BMW වාහන භාවිත කිරීමට සැරසෙන බව
�රියදුරන්ගේ කෝපය හා අාවේගය සන්සිඳුවන නවතම වාහන නලා වර්ගයක් සොයාගෙන ඇති බව
�නව තාක්ෂණ ක්‍රමයක් මගින් රිය පදවන අතර තුර තම නිවසේ ඉලෙක්ට්‍රොනික් උපාංග පාලනය කිරීමට හැකි බව (2001)
�විද්‍යුත් චුම්බක තාක්ෂණය මගින් තම වාහනය ඉදිරියේ ඇති වාහනයටහොරෙන් සම්බන්ධ කර එම වාහනයේ ඉන්ධන භාවිතා කරමින් ගමන් කළ හැකි බව. (2009)
�වාහනයේ ටයරයක දෝෂයක් ඇති වූ විට වාහනය එම වේගයෙන්ම ගමන් කරද්දී, එම දෝෂ නිවැරදි කිරීමට හැකි බව. (2003)
ගුවන් විදුලි විහිළු
1998 දී WAFF නම් තුව්න විදුලි නාලිකාව ප‍්‍රචාරය කලේ බොස්ටන්නගරයේ එවකට නගරාධිපතිවරයා වාහන අනතුරකින් මිය ගොස් ඇති බවයි. එවකටනගරාධිපතිවරයා ගුවන් යානයක සිට ඇති බැවින් දුරකථනය පවා ක‍්‍රියා විරහිතවතිබී ඇත. මෙමගින් එම ප‍්‍රවෘත්තිය සිතා බොහෝ දෙනා දුක් වී තිබේ.
1998 දී එංගලන්ත ගුවන්විදුලි නිවේදකයකු ටෝනි බ්ලෙයාර් අගමැතිවරයාඅනුකරණය කරමින් දකුණු අප‍්‍රිකානු ජනපති නෙල්සන් මැන්ඩෙලා හට දුරකථනඇමතුමක් ලබා දී තිබේ. ඇමතුම අවසන් වනතුරුම මැන්ඩෙලා හට එය ව්‍යාජ ඇමතුමක්බව හදුනාගැනීමට නොහැකිවී ඇත.
නවසීලන්ත ගුවන් විදුලි ආයතනයක් ප‍්‍රචාරය කලේ රජයේ අණ පරිදීඅපේ‍්‍රල් පළමුවැනිදා සිට ජංගම දුරකථන භාවිතය තහනම් කරන බවයි. මෙය බොහෝකැළඹීමක් ඇති කළ බව පැවසේ.
1980 දී BBC නාලිකාව විසින් කියා සිටියේ සුප‍්‍රකට බිග් බෙන් ඔරලෝසුව ඩිජිටල් තාක්‍ෂණයට ලක්කරමින් නවීකරණය කරන බවයි. ලෝකයේ කිසිම ආගමක් බොරු කීමට අනුබල නොදෙයි. විහිළුවටවත් බොරු කීම පාපයක් බව බෞද්ධ පිළිගැනීමයි. පංච ශීලයෙන් එක් ශීලයක් අතරට එය පැමිණ තිබෙන්නේද එය නිසාමය. එබැවින් මෙම දිනය පව්කර ගැනිමේ දිනයක් ලෙසට හැඳින්වීමේ වරදක් නැත.
ඉහත දැක්වූ ආකාරයටම ලොව සුප‍්‍රකට මෙන්ම ජනතාවට වගකිව යුතු ආයතන ,ඇඟට පතට නොදැනී බොරු ප‍්‍රචාරය කිරීම මගින් ඔවුන් විසින් අපරාධයක් පවක්සිදුකරගන්නා අතරම , බාල පරපුරට වැරදී ආදර්ශයක් සපයයි.
මෙසේ බොරුකීමට දිනයක් දැන් වෙන්ව පවතින අතර එය සමරන අයද සිටිති.එනම් අනාගතයේදී සොරකම් කිරීමේ දිනයක්ද , ප‍්‍රාණනඝාතය සඳහා දිනයක්ද ,ස්ත‍්‍රී දූෂණය සඳහා දිනයක් හා මත්පැන්, මත්ද්‍රව්‍ය භාවිතය සඳහා දිනයක්දපහලවීමට බැරි නැත.බැලූ බැල්මට මෝඩයා වන්නේ , එම බොරුවට හසුවන පුද්ගලයා හෝ සමුහයයි. නමුත්සත්‍ය වශයෙන්ම මෝඩ වන්නේ එසේ බොරු කියන්නා නොවේද? ළඟ එන අප්‍රේල්පළමුවැනිදා යමකු රැවටීමට පෙර එය සිතා බලන්න. මන්ද විහිළුවලින් ඇස් රතුවනබැවිනි.
උපුටා ගත්තේ අන්තර්ඡාලයේ ලිපියකිනි.
Logged
http://www.Sitharana.com
http://www.Latapatalanka.com
http://www.Sri
lankazone.com
SithArana.com Community Forum
«
on:
»
Print
Pages: [
1
]
Go Up
« previous
next »
SithArana.com Community Forum
»
PUBLIC PREVIEW
»
ෆෝරම සංවාද - Site Feedback
(Moderators:
Admin
,
Sithuvili
) »
මෝඩයාගේ දිනය ඔබේද..?