Author Topic: ෆොන්සේකා අදත් යුද අධිකරණයට  (Read 353 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline Sithuvili

  • ලංකික
  • Administrator
  • *****
  • Posts: 373
  • ලකුණු: +29/-8
  • Gender: Male
  • හදවතින්ම ලංකික
    • SA Solutions
ෆොන්සේකා අදත් යුද අධිකරණයට
« Reply #1 on: March 17, 2010, 10:17:16 AM »
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අද දෙවන යුධ අධිකරණය හමුවට කැඳවීමට නියමිතව තිබේ.

යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා පවසනපරිදි අදියර දෙකක් යටතේ සරත් ෆොන්සේකා මහතාට එරෙහිව ගොනු කර ඇතිචෝදනාවන්හි දෙවන අදියර අද ඉදිරිපත් කෙරේ.

සරත්‍ ෆොන්සේකා මහතාට ‍එරෙහිව ඉදිරිපත් වු පළමු චෝදනා ඊයේ දිනයේදී පළමු යුධ අධිකරණයේදී විභාගයට ගැනුණි.එහෙත් අද පැවැත්වෙන ‍දෙවන  යුධ අධිකරණයේ චෝදනා විභාග කිරීම ද ඊයේ පැවති යුධ අධිකරණයේ සාමාජිකයින් විසින්ම සිදුකරනු ඇතැයි සඳහන් වේ.

ෆොන්සේකා මහතා වෙනුවෙන් පවත්වන යුද අධිකරණයේ සභාපති ලෙස මේජර් ජෙනරාල්එච්.එල්.වීරතුංග මහතා කටයුතු කරන අතර සෙසු සාමාජිකයින් ලෙස මේජර් ජෙනරාල්ඒ.එල්.ආර්.විජේතුංග , මේජර් ජෙනරාල් ඩී.ආර්.ඒ.බී. ජයතිලක යන මහත්වරුකටයුතු කරති.

විනිසුරු අධී නීතීඥවරයා ලෙස කටයුතු කරන්නේ රියර් අද්මිරාල් ඩබ්ලිව්.ජේ.එස්.ප්‍රනාන්දු මහතාය.       
          http://www.Sitharana.com
                http://www.Latapatalanka.com
                http://www.Sri lankazone.com

SithArana.com Community Forum

« on: »