තලෙයිමන්නාරම ප්‍රදේශයෙන් ආයුධ තොගයක් සොයාගෙන තිබේ.
තලෙයිමන්නාරම තන්නිතාලර් කැළෑ බද ප්‍රදේශයෙන් මෙම ආයුධ සොයාගෙන ඇති බව සඳහන් වේ.ජීව උණ්ඩ 72 ක් , ටි- 56 පතුරම් ගැබ් එකක් , මෝටාර් උණ්ඩ චාජරයක් , සයනයිඩ් කරලක් එසේ සොයාගත් ආයුධ අතරට අයත් වේ.
මේ අතර වව්නියාව සෙට්ටිකුලම් ප්‍රදේශයෙන් ද කිලෝ ග්‍රෑම් දෙකක් බරැති පැති අත්බෝම්බයක් සොයාගෙන ඇති බව පොලිසිය පවසයි.
මීට අමතරව එල්.ටී.ටී.ටි.ඊ. සංවිධානය විසින් භාවිත කරන ලද නිල ඇඳුම් ඇතුළු භාණ්ඩ තොගයක් ද එම ප්‍රදේශයෙන් සොයාගෙන ඇති බව සඳහන් වේ.